2024.07.08 සඳුදා - ලග්න සහ රාහු කාලය

ජූලි 8, 2024

 

ඉර උදාව - පෙ.ව. 6.00
ඉර බැසීම - ප.ව. 6.31
රාහු කාලය - උදේ 07.33 - 09.08
සුබ දිශාව - උතුර

 

මේෂ

අවිවේකී ලෙස දවස උදා කරයි. යොදාගත් සැලසුමක් වෙනස්කිරීමට සිදුවෙයි. තැන තැන ඇවිදිලි ඇති කරන දිනයකි.

වෘෂභ

ආගමික භක්තියෙන් කටයුතු සිදු කරයි. පවුලේ අය අතර කැපී පෙනෙන දිනයකි. අලුත් දේ මිලයට ගැනීමට කටයුතු උදා කරන බවක් පෙනේ.

මිථුන

වගකීම් බහුල කරයි. වෙනදාට වඩා විනෝදයෙන් කටයුතු සිදු කරන බවක් පෙනේ. අමතර වියදම් බහුල කරන කටයුතු කීපයක් යෙදෙන දිනයකි.

කටක

යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට කටයුතු සැලසේ. අමතර ලැබීම් සහිත දිනයකි.

සිංහ

විශ්වාසවන්ත බැඳීමකට කරුණු ඇති කරයි. තැන්පත් ධනය වැයවන දිනයකි. පවුලේ උත්සව අවස්ථාවකට සැලසුමක් ඇති කරගන්නා දිනයකි.

කන්‍යා

හදිසි ලැබීමකට හිමිකම් ඇති බවක් පෙනේ. ශාස්ත්‍රීය කටයුතු කෙරෙහි වැඩි නැඹුරුතාවයක් දක්වයි. හදිසි ජයග්‍රහණවලට හිමිකම් ඇති දිනයකි.

තුලා

සිතේ සතුටට කරුණු ඇති කරයි. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි බවක් පෙනේ. ණය ගනුදෙනුවකින් නිදහස්වීමට කටයුතු සැලසෙන දිනයකි.

වෘශ්චික

අවිවේකී ලෙස කටයුතු සිදු කරයි. ළඟම හිතවතකුට උපකාරයක් කිරීමට කටයුතු සැලසේ. වියදම් පක්ෂය වැඩිකරන දිනයකි.

ධනු

ගතට සිතට සැනසිලිදායක බවක් ඇති කරයි. පවුලේ දානමය කටයුත්තකට සහභාගිවීමට කටයුතු උදා කරයි. අලුත් නෑදෑහිතවතුන් දැන හඳුනා ගැනීමට කටයුතු යෙදෙන දිනයකි.

මකර

වගකීමකින් නිදහස උදා කරයි. අලුත් දේ ඉගනීමට අවස්ථාව සැලසේ. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න.

කුම්භ

විශ්වාසවන්ත කෙනකුගේ අසුරට කටයුතු උදා කරයි. තීන්දු තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. වෙනදාට වඩා අලංකාරයට සිටීමට කැමැත්තක් දක්වන බවක් පෙනේ.

මීන

විශේෂ සැලසුමකට අත ගැසීමට කටයුතු උදා කරයි. අතමිට මුදල් ගැවසුණත් වැයපස අධික වන බවක් පෙනේ. කණ්ඩායම් වැඩ සටහනක මූලිකත්වයක් දරන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.