2024.07.11 බ්‍රහස්පතින්දා - ලග්න සහ රාහු කාලය

ජූලි 11, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.01
ඉර බැසීම - ප.ව. 06.31
රාහු කාලය - දවල් 01.49 - 03.24
සුබ දිශාව - නැඟෙනහිර

 

මේෂ

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. වෙහෙස ඇති ගමනක් යෙදෙන බවක් පෙනේ. ආගමික සැලසුමකට කටයුතු සූදානමක් ඇති කර ගනී.

වෘෂභ

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. තැන තැන ඇවිදිල ඇති කරන කටයුතු කීපයක් යෙදේ. යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න.

මිථුන

අවිවේකී ලෙස දවස උදා කරයි. අමතර වියදම් බහුල කරන බවක් පෙනේ. හදිසි ගනුදෙනුවකට කටයුතු සැලසේ.

කටක

ගතට සිතට චංචලකාරී බවක් ඇති කරයි. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි දිනයකි. සෙම් රෝග, පෙනහළු ආශි‍්‍රත ආබාධ වැනි අසනීප තත්ත්වයන් ඇතිවිය හැකි දිනයකි.

සිංහ

තීන්දු තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. වෙනදාට වඩා වගකීම් බහුල කරයි. පැරැණි හිතවතකුගේ හමුවීමක් සිදුවීමට ඉඩ ඇත. පැවැති අසනීපයක් සුව අතට හැරෙන දිනයකි.

කන්‍යා

බලාපොරොත්තු ඉටුවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. වරින් වර ඇති කරන අජීර්ණ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. අවිවේකී දිනයකි.

තුලා

ගතට සිතට සැනසිල්ල උදා කරයි. නිතර බාහිර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙන දිනයකි. හිතවතකුගේ භෝජන සංග්‍රහයකට සහභාගිවීමට කටයුතු උදා කරයි.

වෘශ්චික

අලුත් හිතවත්කම්වලට කටයුතු සැලසෙන බවක් පෙනේ. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. ලැබීම් අතින් යහපත් දිනයකි.

ධනු

උසස් අයගේ ඇසුරට කටයුතු උදා කරයි. වෙනදාට වඩා පිනට දහමට ළැදිව කටයුතු කරන බවක් පෙනේ. අමතර ආදායම් මාර්ග යෙදෙන දිනයකි.

මකර

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කරයි. විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතු කරයි.

කුම්භ

අමතර ලැබීම් සහිත දිනයකි. විදෙස් ලැබීමකට හිමිකම් ඇති බවක් පෙනේ. තීන්දු තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. අමතර වියදම් බහුලවන කටයුතු කීපයක් යෙදේ.

මීන

උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි බවක් පෙනේ. විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි. පවුලේ කටයුතුවලදී කැපී පෙනෙන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.