2024.07.17 බදාදා - ලග්න සහ රාහු කාලය

ජූලි 17, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.02
ඉර බැසීම - ප.ව. 06.31
රාහු කාලය - දවල් 12.16 - 01.50
සුබ දිශාව - උතුර

 

මේෂ

යටපත් වූ වාත වේදනාවක් නැවත මතුවිය හැකිය. පවුලේ අය අතර ප්‍රසිද්ධියට පත්වන අන්දමේ කරුණු කීපයක් ඇති කරයි. උත්සාහයෙන් කටයුතු සිදු කරන දිනයකි.

වෘෂභ

තැන තැන ඇවිදිලි ඇති කරන බවක් පෙනේ. අලුත් හිතවත්කම්වලට මඟ සැලසෙන කටයුතු කීපයක් යෙදේ. වෙහෙසීම් බහුල කරන දිනයකි.

මිථුන

අමතර දේ ඉගෙනීමට වෙහෙසක් දරයි. දවසින් වැඩි කාලයක් පදිංචියෙන් පිට වාසය කිරීමට සිදුවේ. වියදම් අධික දිනයකි.

කටක

වගකීම් බහුල කරයි. පැරැණි හිතවත්කමක් අලුත් කරන බවක් පෙනේ. හදිසි ගනුදෙනුවකට කටයුතු උදා කරයි.

සිංහ

නොසිතූ පාඩුවක් සිදුවිය හැකි බවක් පෙනේ. වෙනදාට වඩා ඇවිදිලි වැඩි කරයි. පින්දහම් කටයුතු වෙනුවෙන් දුර පළාතකට යාමට සැලසුමක් ඇති කර ගනී.

කන්‍යා

විශේෂ කෙනකුගේ ඇසුරට කටයුතු සැලසේ. නිතර පවුලේ අයගෙන් දුරස්ව කටයුතු කිරීමට සිතන බවක් පෙනේ. පුණ්‍ය කටයුතු කීපයකට සම්බන්ධ වීමට සිදුවන දිනයකි.

තුලා

අමතර වගකීම් බහුල කරයි. නිතර සෞන්දර්යාත්මක කටයුතු කෙරෙහි වෙහෙසෙන බවක් පෙනේ. අමතර රැකියා මාර්ගවලට ඉඩකඩ ඇති දිනයකි.

වෘශ්චික

හිතුවක්කාර තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු සිදු කරයි.

ධනු

නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු සැලසේ. උත්සාහයෙන් කටයුතු කරන බවක් පෙනේ. අලුත් වැඩකටයුතු කීපයක් ආරම්භ කිරීමට කටයුතු උදා කරන දිනයකි.

මකර

වගකීම් බහුල කරයි. උත්සාහවන්තව කටයුතු සිදු කරයි. දරුවකුගේ කටයුතු පිළිබඳ සැලකිලිමත් විය යුතු බවක් පෙනේ. පුණ්‍ය කටයුතුවල නිරතවන දිනයකි.

කුම්භ

අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ. විශ්වාසවන්ත කෙනෙකුගේ ඇසුරට කටයුතු උදා කරයි. අලුත් හිතවතුන් දැන හඳුනා ගැනීමට අවස්ථාව සැලසෙන දිනයකි.

මීන

ගතට සිතට සැනසිල්ල උදා කරයි. පවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. හදිසි ගනුදෙනුවකට කටයුතු යෙදෙන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.