2024.07.12 සිකුරාදා - ලග්න සහ රාහු කාලය

ජූලි 12, 2024

 

ඉර උදාව - පෙ.ව. 06.01
ඉර බැසීම - ප.ව. 06.31
රාහු කාලය - උදේ 10.42 - 12.16
සුබ දිශාව - දකුණ

 

මේෂ

උත්සාහයේ තරමට ප්‍රතිඵල අත් නොවන බවක් පෙනේ. ගතට සිතට පීඩාකාරී ලෙස කටයුතු කීපයක් යෙදේ. සෙම් රෝගයකින් පීඩා විඳින දිනයකි.

වෘෂභ

ගෘහ ජීවිතයේ කටයුතු කීපයක් වෙනස් කරයි. මවගේ අසනීපයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. හදිසි ගනුදෙනුවකට කටයුතු උදා කරයි. ආගමික භක්තියෙන් කටයුතු සිදු කරන දිනයකි.

මිථුන

ගේ දොර සමඟියට කරුණු ඇති කරයි. සමාජ සේවා කටයුතුවලින් ප්‍රසිද්ධියට පත් කරයි. අලුත් හිතවත්කම්වලට මඟ සැලසෙන දිනයකි. වෙනදාට වඩා දුරදිග බලා කටයුතු කරන්න.

කටක

රැවටිලිවලට හසුවීමට ඉඩ ඇත. වෙනදාට වඩා ඇසුරු කරන අය පිළිබඳ සැලකිලිමත් වන්න. දරුවකුගේ ඉදිරි දියුණුව වෙනුවෙන් විශේෂ පියවර කීපයක් ගැනීමට සිදුවන දිනයකි.

සිංහ

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. තැන තැන ඇවිදිලි ඇති කරන කටයුතු කීපයක් යෙදේ. නැති වූ දෙයක් නැවත හිමි කරන බවක් පෙනේ. විවේකය අඩුවන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි.

කන්‍යා

අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ. සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට කටයුතු උදා කරයි. පාදයේ ආබාධයක් හේතුවෙන් පීඩා අත් කරන දිනයකි.

තුලා

නිතර විනෝදයෙන් කටයුතු සිදු කරයි. අලුත් බඩුබාහිරාදිය මිලදී ගැනීමට අවස්ථාව උදා කරයි. වැඩිහිටියන්ගෙන් පැසසුම් ලබන දිනයකි.

වෘශ්චික

හිතුමතයට කටයුතු සිදු කරයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකලිමත් වන්න. පවුලේ උත්සව අවස්ථාවකට සැලසුමක් ඇති කර ගනී. අවිවේකී දිනයකි.

ධනු

අලුත් දේ ඉගෙනීමට කටයුතු උදා කරයි. යටපත් වූ හිසේ ආබාධයක් නැවත මතු කරයි. අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ. ඥාතීන් අතර සුහදතාවය ඇති කරන දිනයකි.

මකර

යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. නොසිතූ පාඩුවක් සිදුවීමට ඉඩ ඇති බවක් පෙනේ. නිතර යෙදෙන වාහන ගමන් ගැන සැලකිලිමත් වන්න.

කුම්භ

ලැබීම් අතින් යහපත් කරයි. වෙනදාට වඩා අතමිට මුදල් ගැවසෙන මාර්ග කීපයක් යෙදීමට ඉඩ ඇත. උත්සාහයෙන් කටයුතු සිදු කරන දිනයකි.

මීන

විශේෂ සැලසුමකට අත ගැසීමට කටයුතු උදා කරයි. ආගමික කටයුතු කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බවක් පෙනේ. විශේෂ ගමනකට කටයුතු සූදානමක් ඇති කරගන්නා දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.