2023.12.17 ඉරිදා - ලග්න සහ රාහු කාලය

දෙසැම්බර් 17, 2023
 
ඉර උදාව - පෙ.ව. 06.15 
ඉර බැසීම - ප.ව. 05.58 
රාහු කාලය - සවස 04.30 - 05.58
සුබ දිශාව - නැඟෙනහිර 
 
මේෂ 
විශේෂ ගමනක් වෙනුවෙන් වෙහෙසෙන දිනයකි. නොසිතූ ලෙස පාඩුවක් සිදුවිය හැකි බවක් පෙනේ. අජීර්ණ ආබාධයකින් පීඩා අත්කරයි. 
වෘෂභ 
පැරැණි හිතවත්කමක් අලුත් කරයි. උසස් අධ්‍යාපන ජයග්‍රහණයක් පිළිබඳ අසන්න ලැබේ. වෙනදාට වඩා ශරීර සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් වන්න. 
මිථුන 
සැනසිලිදායක ලෙස දවස උදා කරයි. පවුලේ අයගේ ප්‍රසාදයට පත්වන කරුණු කීපයක් සිදුකරයි. තමාට තෑගි බෝග හිමිකරන දිනයකි. 
කටක 
හදිසි තීරණයක් තමාට වාසිදායක තත්ත්වයක් ඇති කරයි. වෙනදාට වඩා අතමිට සරුකරන මාර්ග කීපයක් යෙදේ. යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. 
සිංහ 
විශේෂ උත්සව අවස්ථාවකට සහභාගිවීමට කටයුතු උදා කරයි. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු සැලසේ. මවගේ අසනීප තත්ත්වයක් වෙනුවෙන් වෙහෙසෙන දිනයකි. 
කන්‍යා 
අවිවේකී ලෙස කටයුතු කීපයක් කරගෙන යෑමට අවස්ථාව උදා කරයි. දවසින් වැඩි කාලයක් දරුවකුගේ කටයුතු වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. හිසේ ආබාධයකින් පීඩා විඳින දිනයකි. 
තුලා 
හදිසි සැලසුමක් සාර්ථක කරන බවක් පෙන්නුම් කරයි. විශ්වාසවන්ත කෙනකුගේ ඇසුරට කටයුතු යොමුවේ. ගේ දොර කටයුතු වෙනුවෙන් වෙහෙසීමට සිදුවන දිනයකි. 
වෘශ්චික
නොසැලකිලිමත්කම හේතුවෙන් පාඩුවක් සිදුවීමට ඉඩ ඇත. ගේ දොර කටයුතුවල වෙනස්කම් කීපයක් සිදුකරන බවක් පෙනේ. නිතර ශාරීරික වෙහෙස ගෙනදෙන දිනයකි. 
ධනු
පවුලේ අය සමඟ සුහදව කටයුතු කිරීමට අවස්ථාව උදා කරයි. අවිවාහකකයන්ට සුබදායක බවක් පෙන්නුම් කරයි. අලුත් දේ මිලදී ගැනීමට කටයුතු උදාකරයි. 
මකර 
නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති දිනයකි. වෙනදාට වඩා මුදල් පරිහරණයේදී සැලකිලිමත් වන්න. උගත් දෙයින් ප්‍රයෝජන ලබාගතහැකි දිනයකි. 
කුම්භ
අලුත් හිතවතුන් දැන හඳුනා ගැනීමට කටයුතු උදා කරයි. නිතර නිවෙසට යන එන කෙනකු පිළිබඳ සැලකිලිමත් වන්න. ආගමික භක්තියෙන් කටයුතු සිදුකරන දිනයකි. 
මීන 
නිතර ගතට සිතට පීඩාකාරී බවක් ඇති කරයි. යටපත් වූ වාත වේදනාවක් නැවත මතු කරන බවක් පෙනේ. ඖෂධ භාවිතයේ දී වෙනදාට වඩා සැලකිලිමත් විය යුතු දිනයකි.
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.