2024.07.04 බ්‍රහස්පතින්දා - ලග්න සහ රාහු කාලය

ජූලි 4, 2024

 

ඉර උදාව - පෙ.ව. 6.00
ඉර බැසීම - ප.ව. 06.30
රාහු කාලය - දවල් 01.48 - 03.23
සුබ දිශාව - නැඟෙනහිර

 

මේෂ

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. වෙනදාට වඩා ශාරීරික වෙහෙසීම් බහුල කරයි. අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවන දිනයකි.

වෘෂභ

විශේෂ ගමනකට සහභාගිවීමට කටයුතු උදා කරයි. වෙනදාට වඩා යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න. ආගමික භක්තියෙන් කටයුතු සිදු කරන බවක් පෙනේ.

මිථුන

ගතට සිතට සැනසිලිදායක බවක් අත් කරයි. විශේෂ කෙනකුගේ ඇසුරට කටයුතු උදා කරයි. හදිසි ගනුදෙනුවකට පැටලීමට ඉඩ ඇති බවක් පෙනේ.

කටක

උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි දිනයකි. වෙනදාට වඩා දුරදිග බලා කටයුතු කළයුතු බවක් පෙනේ. පපුව පෙනහැල්ල ආශි‍්‍රත ආබාධ මතු කරයි.

සිංහ

අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කරයි. අමතර ලැබීම් සහිත දිනයකි. හදිසි ගනුදෙනුවක් සිදුකර ගන්නා බවක් පෙනේ. ආගමික භක්තියෙන් කටයුතු සිදු කරයි.

කන්‍යා

අමතර වියදම් බහුල කරන කටයුතු කීපයක් යෙදේ. වෙනදාට වඩා වගකීම් බහුල වන බවක් පෙන්නුම් කරයි. පැරැණි හිතවත්කමක් අලුත් කරන දිනයකි.

තුලා

රැකියාවේ කටයුතු පිළිබඳ වෙනදාට වඩා උනන්දුවක් ඇති කරයි. එමෙන්ම හදිසි ගමන් කීපයකට කටයුතු සූදානමක් ඇති කර ගනී. අවිවේකී දිනයකි.

වෘශ්චික

හිතුවක්කාර තීරණයක් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතුවීමෙන් පීඩාකාරී බවක් ඇති කරයි. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න.

ධනු

පැවැති ගැටලු කීපයක් මඟහැරී යන බවක් පෙනේ. ප්‍රභූ අය ගැන ඇසුරට කටයුතු උදා කරයි. දරුවකුගේ ඉදිරි සැලසුමක් සාර්ථකවන දිනයකි.

මකර

මනසට පීඩාකාරී සිතිවිලි ඇති කරයි. උත්සාහයෙන් කටයුතු සිදුකරන බවක් පෙනේ. සහෝදර බැඳීම් වැඩිකරන අන්දමේ කටයුතු කීපයක් සිදු කරයි.

කුම්භ

ගතට සිතට සැනසිල්ල උදා කරයි. අමතර ලැබීම් සහිත දිනයකි. නිතර වයසින් අඩු අය සමඟ ඇසුරට කටයුතු සැලසේ.

මීන

ගේ දොර කටයුතු පිළිබඳ උනන්දුව ඇති කරයි. පවුලේ අය අතර ප්‍රසිද්ධියට පත්වීමට කරුණු ඇති කරයි. පිනට දහමට ළැදිව කටයුතු කරන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.