2024/07/02 අඟහරුවාදා - ලග්න සහ රාහු කාලය

ජූලි 2, 2024

 

ඉර උදාව පෙ.ව. 05.59
ඉර බැසීම ප.ව. 06.30
රාහු කාලය සවස 03.22 - 04.56
සුබ දිශාව - නැඟෙනහිර

 

මේෂ

වගකීම් බහුල කරමින් දවස උදා කරයි. පවුලේ කෙනකු පිළිබඳ සිත්කලකිරීමක් ඇති කරයි. පැවැති උදාසීන ගති මඟහැරී යන දිනයකි.

වෘෂභ

අමතර ලැබීම් සහිත කටයුතු කීපයක් යෙදේ. වෙනදාට වඩා ඇවිදිලි වැඩි කරයි. අතපසු වූ කටයුතු කීපයක් සාර්ථක කර ගැනීමට කටයුතු උදා කරන බවක් පෙනේ.

මිථුන

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. පොත්පත් කියවීමට රුචිකත්වයක් දක්වන බවක් පෙනේ. හදිසි ගනුදෙනුවකට පැටලීමට ඉඩ ඇත.

කටක

ගතට සිතට චංචලකාරි බවක් ඇති කරයි. යොදාගත් සැලසුමක් ප්‍රමාද කරයි. උගත් දෙයින් ප්‍රයෝජන ගත හැකි දිනයකි.

සිංහ

පවුලේ කටයුතු පිළිබඳ විමසිලිමත්වන්න. පැවැති වගකීමකින් නිදහස අත්කරයි. තීරණ ගැනීමේදී දුරදිග සිතා බලන්න.

කන්‍යා

ලිපි ලේඛන ගැටලුවක් හේතුවෙන් පීඩාකාරි බවක් ඇති කරයි. වෙනදාට වඩා කෑම බීම ගැනීම පිළිබඳ සැලකිලිමත් වන්න. වගකීම් බහුල දිනයකි.

තුලා

නිතර විනෝදයට බරව කටයුතු සිදු කරන බවක් පෙනේ. අලුත් සැලසුමකට අත ගසන දිනයකි. යන එන ගමන් ගැන සැලකිලිමත් වන්න.

වෘශ්චික

හිතුවක්කාර තීරණයක් හේතුවෙන් සිතේ නොසන්සුන්තාවයක් ඇති කරයි. පැරැණි පෙම් සබඳතාවයක් අලුත් කරන බවක් පෙනේ. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරුට කටයුතු යෙදෙන දිනයකි.

ධනු

ලැබීම් අතින් යහපත් කරයි. අලුත් හිතවත්කම්වලට මඟ සැලසෙන බවක් පෙනේ. අඹුසැමි සුහදතාවයට බාධා ගෙනදෙන දිනයකි.

මකර

විශේෂ උත්සව අවස්ථාවකට සහභාගිවීමට කටයුතු උදා කරයි. වෙනදාට වඩා පවුලේ අය පිළිබඳ සැලකිලිමත්වන්න. හදිසි ගනුදෙනුවකට කටයුතු සැලසෙන දිනයකි.

කුම්භ

සිතේ සතුට ඇති කරන කටයුතු කීපයක් යෙදේ. පැවැති අසනීපකාරි බවකින් නිදහස සැලසෙන බවක් පෙනේ. උගත් දෙයින් ප්‍රයෝජන ලබා ගත හැකි දිනයකි.

මීන

උත්සාහයෙන් කටයුතු සිදු කරයි. ආගමික භක්තිය දනවන කටයුතු කීපයකට සම්බන්ධවීමට සිදුවන බවක් පෙනේ. වෙනදාට වඩා අතමිට සරුකරන දිනයකි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.