රූමත් බිරිඳ සැමියාට වාජීකරණ ඖෂධයකි

නොවැම්බර් 1, 2024

ගැහැනියකගේ ලස්සන ගැන පුරාණ කවීන් වර්ණනා කර ඇත්තේ දේහ ලක්ෂණයෙන් රසික සිත කුල්මත් වී කාමුක සිතුවිලි දනවන ආකාරයටය. කේන්දරයක කුජ සිකුරු යෝගය පිහිටීම කාන්තාවකට බෙහෙවින් බලපාන්නේ ඈ සුරඟනක මෙන් රූමත් යැයි කියාපෑමටය. සුරඟනක මෙන් රූමත් බව ඉහත යෝගය ඇති බොහෝ කාන්තාවන්ගෙන් දැකිය හැකිය.

සිසිවන වුවන ඉඟසුඟ ගත හැකි මිටින
නිසි පුළුලුකුළ රියසක යුරු තිසර තන
දිසි රණලියෙවු රූසිරි යුත් මෙපුර ගන
ඇසිපිය හෙළන පමණින් නොවෙති දෙවඟන

සිරි රහල් හිමියෝ මිහිමත කාන්තාව දෙවඟනක ලෙස දැක එසේ කවියෙන් වර්ණනා කළෝ ය. රූමත් බිරියක් සරණ පාවා ගන්නා සැමියා කිසිදා මහලු නොවේ. වයසට යතත් දින දින තරුණ වේ. මනෝ වෛද්‍යවරුන් මේ බව පවසා ඇත. තරුණ රූමත් බිරියගේ රූපය සැමියාගේ යටි හිතේ තැන්පත් වීමෙන් ඔහුගේ සිරුර නිතර උත්තේජනයට පත්වන බවත් එමඟින් ශරීරයේ හෝමෝන ක්‍රියාකාරීත්වය ප්‍රබල වීමෙන් ගෙවී ගිය සෛල නැවත වර්ධනය වී මිනිසා තිරිහන් වන බවත් මනෝ වෛද්‍යවරු පවසා ඇත. මේ නිසා මහලු වයසේ දී පවා ලිංගික සතුට නො අඩුව ලැබීමට හැකි බව පැවසේ.

කාන්තාවකට ලස්සන රූ සපුවක් හිමි වීමට. උපදින මොහොතේ යහපත් ග්‍රහ පිහිටිමක් උදා විය යුතු ය. මෙහිදී ලග්නාධිපති ග්‍රහයා, සඳු සිකුරු සහ ගුරු යන ග්‍රහයන්ගේ බලපෑම වැදගත් වේ. බොහෝ ඡ්‍යොතීර්වේදීන් කරා එන කාන්තාවන් තමන්ගේ වැරදි සඟවා අසත්‍ය කරුණු කියාපෑවත් දක්ෂ ඡ්‍යොතිෂවේදීහු ඇගේ චරිතය ඇගේ වතගොත කේන්දරය අතට ගත් සැණින් අවබෝධ කර ගනිති. සමහර කාන්තාවන් පවසන්නේ විවාහය බිඳවැටුණේ තමාගේ වරදින් නොව සැමියාගේ වරදින් බවයි.

එහෙත් එසේ පවසන කේන්දරය හිමිකාරියගේ ග්‍රහ පිහිටීම් දෙස විමසිලිමත්ව බැලීමේ දී කුජ සිකුරු වැනි යෝග 7 වැන්නේ යෙදුණ විට විවාහයට පෙර ඇගේ චරිතය අපිරිසුදු වීමේ අවදානමක් පෙන්වයි. වන බඹරා මලේ රොනට ඇදී එන්නා සේ සිකුරු හත්වැන්නේ ඇති ලලනාවකගේ කේන්දරයෙහි ලග්න භාවගත කුජගේද සප්තම දෘෂ්ටියට ලක් වෙතොත් ඇය කෙරේ පිරිමින් කමාශක්ත කරවයි.

කුජ 4 වැන්නේ ඇති ළඳුන්ගේ පියයුරු රණ හංසයන් වැනි ඉතා ලස්සන මන බඳින ආකාරයට පිහිටන බව ඡ්‍යොතිෂයේ පෙන්වා ඇත. 4 වැන්න පපු පෙදෙස පෙන්නුම් කරයි. කාන්තා පියයුරුවලට අධිපති ග්‍රහයා කුජය. කුජ 4 වැන්නේ පිහිටීම ඉදිරියට නෙරා ආ පුන් පියයුරු යුවළක් ඇතිවීමට හේතු වේ. හතර වැන්නේ කුජ සමඟ රාහු සිටියොත් එම කතගේ පියයුරු රන් පැහැ වර්ණයෙන් යුතු වන අතර, පියයුරු තුඩු ඉතා ලස්සනට කාල වර්ණයෙන් යුතු වනු ඇත. කේශාන්තයේ සිට පාදාන්තය තෙක් ශරීර ලක්ෂණ, විශේෂයෙන් ස්ත්‍රියකගේ අඟපසඟ ලකුණු ඡ්‍යොතිෂයෙන් විග්‍රහ කළ හැකිය. කොතෙක් රූමත් වුවත් සමහර සුරූපී ළඳුන් අවිවාහකව කාලය ගෙවති. විශේෂයෙන් මෙවැනි විවාහ ප්‍රමාද සඳහා බලපාන්නේ සිකුරු ග්‍රහයාට සංයෝග වන පාප ග්‍රහයෝ ය.

ඉතාම තදබල ලෙස බලපාන්නේ ශනි සිකුරු සංයෝගයයි. සිකුරු ශනි සංයෝග වීමෙන් සිදු වන්නේ ජන්මියාට විවාහය එපා වීමය. නැතිනම් විවාහය ප්‍රමාද වීමයි. ශනිගෙන් විවාහය ප්‍රමාද වන්නේ සිකුරුට සංයෝග වීම නිසාම පමණක් නොවේ. උපතේදී ශනි චන්ද්‍රයාට යෝග වී සිටීම ද විවාහය ප්‍රමාදවීමට හේතුවකි.

චන්ද්‍රයා සිතුවිලි ඇතිකරන ග්‍රහයාය. මේ ග්‍රහයාට ලෞකික සිතුවිලි කලකිරවන ශනි යෝග වීමෙන් ජන්මියාගේ සිත විවාහයට බය කරවයි. කොතෙක් සම්පත් ඇතත් විවාහ ප්‍රමාද කරවන්නට ලබා ඇති කේතු මහදශාව හෝ සෙනසුරු මහදශාව දායක වෙයි.

ලස්සන බිරිඳ කප්රුකකි. සිතූ පැතූ සම්පත් වාසනාව ලබා දේ. එහෙත් ග්‍රහ තත්ත්වය අයහපත් නම් සියල්ල වෙනස් වේ. සමහර ස්ත්‍රීන්ට ලස්සන පවට ද පිහිටයි. තම රූමත්කම නිසා නොයෙක් අතවර වධ බන්ධනවලට මැදි වී ජීවිත හානි පවා සිදු වී ඇති බව අසන්නට දකින්නට ලැබෙන කරුණුය.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.