අසුබ බලවේග දුරලා දේව බලය ලබා දෙන තෙයියෝරු තෙල

මැයි 17, 2024

සුබසෙත පාඨක පින්වත් ඔබ වෙත අප අද ඉදිරිපත් කරනු ලබන මේ “උතුම් තෙයියෝරු තෙල” ජීවිතයේ පළමු වතාවට ප්‍රසිද්ධ මාධ්‍යයකින් රටට හෙළි කරන අවස්ථාවයි!

ඉතා පිළිවෙත් ගරුකව තෙරුවණට මුල්තැන දී මේ තෛලය සකස් කළහොත් විස්්මිත ප්‍රතිඵල ලබාගත හැකිය. කිසිවිටෙකත් මෙය මුදලට හෝ වෙනත් ලාභයකට ගිජුව සිදුකර නොගත යුතුය. උසස් ප්‍රතිඵල ලබා ගැනීමට පිරිසිදු අදහස් සහිතවම සිදු කරගත යුතුය. සියලු අමනුෂ්‍ය බලවේග දුරු වී මහා දේව බලය ලබාගැනීමට මේ තෛලය තරම් වෙනත් කිසිදු ඖෂධයක් නොමැති බව සිහි කරනු කැමැත්තෙමි.!

බෙහෙත් ද්‍රව්‍ය වට්ටෝරුව

අමු ඉඟුරු, ඉය කොළ, සස්සඳ කොළ, දිවි පහුරු කොළ, යක වනස්ස, යක්බේරිය කොළ, යකිනාරන් කොළ, වේලා කොළ, දෙහි ලෙලි, දොඩම් ලෙලි, නාරන් ලෙලි, ඇහැළ දලු, ඇත්තෝර දලු, වැල් පෙනෙල කොළ, නික කොළ, ඉරිවේරිය කොළ, ගම්මිරිස් කොළ, ලුණුවරණ කොළ, බුලත් කොළ, හාතාවාරිය කොළ, රසකිඳ කොළ, සැවැන්දරා මුල්, වම්මුතු යන මෙකී දේ කොටා මිරිකා ගෙන හැලියක වක්කර තැඹිලි පොල් කිරි වක්කර දෙහි ඇට, දොඩම් ඇට, කරඳ ඇට, කුඹුරු ඇට, එරබදු ඇට, පුස් ඇට, පෙති තෝර ඇට, පිල ඇට, කොහොඹ ඇට, මූණ මල් ඇට, නා ඇට, ඉඟුරු, ගම්මිරිස්, වදකහ, පෙරුම්කායන්, සුදුලූනු, හරන්කහ, ගලිස්, කැකුණමල, දුම්මල, වල් ඉඟුරු, ඈ ලෙලි, ඉත්තැකූරු, දේවදාර, අසමෝදගම්, උළුහාල්, කුරුඳු පොතු, අබ, දෙදුරු අඹරා සැලට යොදා සිඳ තබනු. යක්ෂ උපද්‍රා තිබෙන ගෙදර තැඹිලි පොලයක් ඇස්ස ගසා අඳුන් කිරි පැන් ඉස එම තෙල් ජීවම් කර පත්තු කරනු.

තෙයියෝරු මන්ත්‍රය

ඕ ත්‍රි වෙඩුම් - කෛවීර ඉරම් - තෙයියෝරු පෝරුම්- මෛයේලි තොල්ලි - කෛකඩයේ රුම් - තෙයි උර්ලවානේ- පෝද ගිනිකාලි - සෙයියාඩු සෙයියාඩු - පේසගිනිකාලි - පෝදගිනිධරණේ - සෙල්ලුම් - පෝදගිනි - සෙන්දිරනානේ-ඉප්පුඩ කෛයේරුම් - මුත්තු කොල් ආයිරම් කොන්ඩුම් මුප්පාඉරම් - සෙන්දුපා ඉරම් - ඉන්දිරපාඉරම් මුත්තු ක්කුඩපාඉරම් - පෙරියපාඉරම් - අරුපත්තුඩන් ඔන්නු ත්‍රීපුඩ නානේ රෙන්ඩු - ත්‍රී පුංඩනානේ මූනු - ත්‍රී පුඩනානේ නාලු ත්‍රී පුඩනානේ අන්චි - ත්‍රී පුඩනානේ ආරු - ත්‍රී පුඩනානේ යේලු ත්‍රී පුඩනානේ එට්ටු - ත්‍රී පුඩනානේ ඔබදු - ත්‍රී පුංඩනානේ පත්තු - ත්‍රී පුඩනානේ නමස්කාර නමස්කාර ඉන්‍දිරන්‌නේ නමස්කාර නමකර - සෙන්දිරනානේ නමස්කාර නමස්කාර - කෛපුඩනානේ නමස්කාර නමස්කාර - කල්ලී පුඩනානේ නමස්කාර නමස්කාර - සෙයිවීරනානේ නමස්කාර නමස්කාර - ඊශ්වරතානේ නමස්කාර නමස්කාර ශ්‍රී විෂ්ණු නාරායනේ නමස්කාර නමස්කාර වෙසමුනියානේ නමස්කාර නමස්කාර - වීර පත්‍රනානේ නමස්කාර නමස්කාර - හර හර කන්දස්වාමි නමස්කාර නමස්කාර - වල්ලි අම්මා නමස්කාර නමස්කාර සෙයිරගිනි නානේ නමස්කාර

නමස්කාර සෙයිරවර නාරායනේ නමස්කාර නමස්කාර තෙල්ලිප්පුඩකා පෝරෝඹු -ස්වාමියාගේ පෝරෝඹු - සර්වලෝක වශංකරාය- සර්වදේව වශංකරාය - සර්ව භූත වශංකරාය - සර්ව ජන මෙවශංකරාය ස්වාහා

 

තෙයියෝරුවේ ගුණ

මේ තෙලට තෙයියෝරු මන්ත්‍රයෙන් සත්වර පුරවා පහන් අවුලනු. ඒ ස්ථානයට සියලු දෙවියෝ සතුටු වෙත්. පිල්ලි හූනියම් බැඳ එවූ යකුන්ගේ හිර දෙවොල බන්ධන නොවදී. යක්ෂ ලෙඩ යක්ෂ විකාර හීන මායා දිෂ්ටි දුරුවේ. භූත පේ‍්‍රත අභූත කුම්භාණ්ඩයින්ගේ ලෙඩ දුරුවේ. එක්ලක්ෂ පනස්දාහක් යකුන්ගේ ලෙඩ දුරුවී දිෂ්ටි සමයන් අවතාර ඇරේ. ගමිපාළු, භූමිපාළු, පොත් අරක්ගත් මහබල දේවතාවෝ නම් කියා දුවත්. සමසකින් හෝ දෙමසකින් හෝ පහන් අවුලනු. සියලු දෙවියෝ දේවතාවෝ සතුටුවෙත්. උන් හිමි වස්තු කියත්. උන් කළ ලෙඩ හරී. අංගං පිල්ලි සූනියන් නොවදී. ගෙදර තෙල් තිබුව යක්ෂයින්ගෙන් ආරක්‍ෂාවයි.

 

වාරියපොළ කොළඹගම ශ්‍රී මියුගුණාරාම රාජමහා විහාරාධිපති

නේපාලයේ ලුම්බිණි නුවර

නේපාල ශ්‍රී ලංකා මහා විහාරයේ භාරකාර විහාරාධිපති

සම්මානිත ආචාර්ය පූජ්‍යපාද

ගල්ලැහැපිටියේ

පේමරතන හිමි

(කොළඹගම පොඩි හාමුදුරුවෝ)

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 18 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.