උඳුවප් මාසේ සීතල දවසක මැදියම් රෑ යාමේ දෙව් මවු තුරුලේ උණුසුම ලබමින් මේ ලෝකෙට ආවේ

දෙසැම්බර් 22, 2023

දිගුකලකට පසුව බටහිර අහස සිසාරා ආලෝකය පතුරවමින් අරුමැති තාරකාවක් පායා ඇති බව අහස දෙස බලමින් විපරමින් සිටි තාරකා නිරීක්ෂකයෝ තිදෙනකු දුටුවහ. අපූර්ව තාරකාවක් වුවත් මෙතෙක් අප නුදුටු එම අරුමැති තරුවේ ආලෝකයෙන් කියාපාන්නේ සමස්ත ලෝක ජනතාවටම ඉමහත් සතුටට පත් විය හැකි කාරණාවක් පෙන්නුම් කරන බව යැයි එහි සිටි එක් ශාස්ත්‍රඥයකු කියා සිටියේය.

එහි සිටි අනෙක් ශාස්ත්‍රඥයා එයට එක්වෙමින් සඳහන් කළේ මේ අපූර්ව තාරකාව හෙළි කරන්නේ පාපයෙන් වෙළී ඇති ජනතාව ඉන් මුදවා ගැනීම සඳහා සාමයේ කුමරුන්ගේ උප්පත්තිය සිදු වී ඇති බවයි. එයට පිළිතුරු දෙමින් අනෙක් ශාස්ත්‍රඥ පඬිවරයා කියා සිටියේ තරුවේ ආලෝකය ඔස්සේ ගමන් ආරම්භ කරමින් සාමයේ කුමරු බැහැදැකීමට යා යුතු බවයි. ඒ අනුව ඔවුන් ඒ දෙසට පියමන් කළේ නිකම්ම නොවේ ඔවුන් රැගෙන ගියේ රන්, රිදී, කට්ටකුමජ්ජල් හා සුවඳ ලාටුය. ඒ සාමයේ කුමරු යැයි නම් කළ ජේසු බිලිඳාට පූජා කිරීම සඳහාය.

තරුව ඔස්සේ ගමන් ගත් ඔවුන්ට දැකගන්නට ලැබුණ බෙත්ලෙහෙමේ ගවලෙනකට අරුමැති තරුවේ ආලෝකය දිස්වෙන බවයි. ඉන් මහත් ප්‍රමෝදයට පත්වූ පඬිවරුන් තිදෙනා ගවලෙනට ඇතුළු වන විටත් ගව ඔරුවක් තුළ ජේසු බිලිඳා බිහිවී සිටි අතර, සුරදූතයන්ගේ සුමිහිරි ගී රාව නද පැතිරමින් පැවතිණ. එහිදී නිරීක්ෂණයට යෙදුණු මේ ඡ්‍යොතිෂ් ශාස්ත්‍රඥ පඬිවරුන් තිදෙනා තීරණය කර ඇත්තේ එදා දෙසැම්බර් රාත්‍රියේදී උපත ලැබූ පේ‍්‍රමයේ කුමරා යනු ඒකාන්තයෙන්ම ලෝකය බලාපොරොත්තුව සිටි ගැලවුම්කාරයාණන්ගේ උපත සිදුවී ඇති බවයි.

එදා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිහි කරමින් ලොව පුරා කිතුණු බැතිමත්හු ඒ ඒ රටවලට ආවේණික වූ චාරිත්‍ර වාරිත්‍ර ඉටුකරමින් දෙසැම්බර් 25 යෙදෙන නත්තල සමරති. ජේසු බිළිඳුන් උපත ලද දෙසැම්බර් විසිහතර වැනිදා, ලොව පුරා පිහිටි දෙව්මැදුරුවල මධ්‍යම රාත්‍රී දිව්‍ය පූජාවන් පැවැත්වෙන්නේ දස දහස් ගණනින් රැස්වන බැතිමතුන්ගේ සහභාගිත්වයෙනි.

මේ එදා සුරදූතයන්ගේ සුමධුර ගී හඬ දසත පැතිර ගියේය. අහසේ දිස්වෙන අපූරු තරුව ඔස්සේ එඬරු ද ගවලෙන වෙත ඇදී ආහ.

ශුභාරංචියට අනුව මේ පුදුමාකාර බෙත්ලෙහෙම් තරුව ගැන ඡ්‍යොතිෂ වදන් පෙන්වාදී ඇති අරුත වන්නේ සූර්යාලෝක බද්ධ තාරකාව ලෙසයි. අහස්ගැබේ පායා තිබූ මේ පුදුමාකාර තාරකාව අනුව පැමිණි රජ තුන් කට්ටුව පඬිවරු තිදෙනාගෙන් යුදෙව්වන්ගේ රජුගේ උප්පත්තිය පිළිබඳ ඇසූ මහ හෙරොද් රජු මහත්සේ කැලඹුණි. ඉන් කෝපයටත් වෛරයටත් පත්වූ ඔහු තමාට ඉහළින් කිසිවකුත් සිටීමට නොදිය යුතු යයි සිතමින් පැවැති තත්ත්වය ගැන රහසිගතව විමසන්නට උනන්දු විය.

රජු හමුවට පැමිණි පඬිවරුන් හෙරෝද් රජුගේ පවුකාර සිතිවිලි පෙනී හෙරෝද්ගෙන් බිලිඳුන්ට විපතක් සිදුවේ යැයි බියෙන් පැමිණ ජුසේතුමාට දන්වා සිටියේ බිළිඳා රැගෙන ආරක්ෂක ස්ථානයකට පලා යන ලෙසයි. ජේසු බිලිඳුන්ගේ උප්පත්තිය සිදුවීම මුළු ලොවටම මහත් ශුභාරංචියක් විය. පඬිවරුන්ගේ ආරංචියෙන් සැක පහළ කළ ජුසේතුමා හා මරියතුමිය බිළිඳු ජේසු කුමරු සමඟ ඈත පළාතකට පලා ගියහ. ජේසු බිලිඳුන්ගේ උප්පත්තිය පිළිබඳව ශුභාරංචිය ප්‍රථමයෙන්ම හෙළිකර ගනු ලැබුවේ එඬේරුන්ය. එමෙන්ම දේවදූතයන් ගෙන ආ පුවතද මංගල පුවතක් විය.ඒ ස්වාමින් වන ක්‍රිස්තුන් නම් ගැලවුම්කාරයාණන් වහන්සේ දාවිත්ගේ නුවර ඉපදීමයි. ජේසුතුමන්ගේ මෑණියන් වන මරියතුමියගේ සහ සුරැකි පියාණන් වන ජුසේතුමාගේ උපන් ප්‍රදේශය නාසරෙත්ය.

ජේසුස් ක්‍රිස්තුන්වහන්සේ තම දේව සේවය සඳහා තෝරාගනු ලැබුවේ කපර්නවුම් නගරයයි. ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ප්‍රාතිහාර්ය පාමින් රෝගින් සුවපත් කළ සිතගෝග් ස්ථානය පිහිටියේද මෙහිය. කපර්වුන් නගරය ගලීල මුහුදු ඉවුරේ පිහිටි නගරයකි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තම ශ්‍රාවකයින්ට ධර්මය ඉගැන් වූ සෙනගොන් නැමැති ස්ථානය පිහිටියේ ද මෙහිය. ක්‍රිස්තුන් වහන්සේගේ ජීවන චරිතය ගැන බැලීමේදි උන්වහන්සේගේ දේශනා හා ක්‍රියාවන් ප්‍රාතිහාර්යයන්වල ප්‍රමුඛත්වය වී ඇතත් පාපයට වැටුණු මනුෂ්‍යාව නැවත වරක් පාපයෙන් මුදා දෙවියන් වහන්සේ සමඟ සම්බන්ධතාවක් ඇති කරවන පිණිස ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ප්‍රධාන කොට කරුණු දෙකක් කිතු දහම තුළ පෙන්වා දුන්හ.

සියලු යහපත වූ දෙවියන් වහන්සේට පේ‍්‍රම කරන්නත් අසල්වැසියාට පේ‍්‍රම කරන්නත් කියන මෙම කරුණු දෙක ප්‍රධාන වශයෙන් කිතු දහම තුළ බැඳී පවතී. ක්‍රිස්තුන් වහන්සේ වැඩ විසූ සිතගෝනය ඉතා ශුද්ධ වූ ස්ථානයකි. එහි සිට කරනු ලැබූ දේව සේවය නිසා ජීවිත බොහෝ ගණනක් පාපයෙන් මුදා ගැනීමට හැකි විය. එදා හෙරෝද් පාලනයෙන් බේරුණූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගේ උප්පත්තිය නිසා ලොව පුරා ක්‍රිස්තු වර්ෂය ද ආරම්භ විය. අහසේ පෑයූ අපූරු වල්ගා තරුව දුටු ශාස්ත්‍රඥයෝ ඡ්‍යොතිෂයානුකූලව විමසා බලා ශාස්ත්‍රඥානයෙන් සියලු කරුණු විමර්ශනය කොට ලොවට සාමය උදාකිරීමට බිහිවී ඇති ජේසුස් ක්‍රිස්තුන් සමිඳාණන්ට ශාස්ත්‍රඥයන් ගෙන ගිය මංජුසා විවෘත කර එහි තැන්පත් කොට තිබූ රන්, රිදී කට්ටකුමජ්ජල් හා සුවඳ ලාටු යන පූජා ද්‍රව්‍ය ජේසු බිලිඳාට පූජා කළහ.

ජේසු බිලිඳාට පුද පඬුරු පුජා කොට හෙරොද් රජු මුණ නොගැසී පිට මාර්ගයෙන් යෑම ගැන කෝපයට පත් රජු නුවර පුරා ජේසු බිලිඳාට සොයා ගැනීමට රැකවල් කළත් එය අසාර්ථක වූ බැවින් එවකට ජෙරුසලමේ සිටි අවුරුදු දෙකකට අඩු සියලුම බිලිඳුන් ඉතා කුරිරු අන්දමින් මරා දැමුවේය.

 

පාරම්පරික ඡ්‍යොතිෂවේදී

ඡ්‍යොතිෂ් ප්‍රභාෂ්වර ඡ්‍යොතිෂ ශාස්ත්‍රඥ

මොරටුවේ තිස්ස මහානාම

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.