වර්ෂ 2025 ක්වූ January 03 වැනිදා Friday
දෛව අංකය අනුව 2025 ඔබට සුබද?
දෛව අංකය සොයා ගැනීමට සුබසෙත පාඨක ඔබට දැනටමත් හැකියාව ඇති බව විශ්වාස කරමු. එහෙත් ඔබේ පහසුව වෙනුවෙන් අපි එක් උදාහරණයක් ඉදිරිපත් කරන්නේ ඔබේ දෛව අංකය අනුව 2025 කෙසේද යන්න වසර මුලදීම දැනගැනීමෙන් සුබවාදී දේ තවත් සුබ කර ගැනීමටත් යම් ගැටලුකාරී තත්ත්වයක් ඇත්නම් ඒවාට විසඳුම් සොයා ගැනීමෙන් වසර ජයග්‍රාහී කරගැනීමටත් මෙය උපකාරයක් වනු ඇතැයි යන සද් සිතිවිල්ලෙනි.
ඔබ උපන්නේ 2012 වසරේ නොවැම්බර් මස 16 වැනිදා නම් ඔබේ දෛව අංකය සොයන්නේ මෙසේයි.
2012.11.16
උපන්දිනයට අදාළ සියලු අංක එකතු කළ විට
2+0+1+2+1+1+1+6 = 14
මෙය තනි අංකයකට එකතු කළ විට
1+4=5
ඒ අනුව ඔබේ දෛව අංකය ලෙස ලැබෙන තනි ඉලක්කම වන්නේ අංක 5 බැවින් ඔබේ වාසනා අංකය වන්නේද එයයි.
එසේම මේ වසර එනම් 2025 යනු පොදුවේ ගත් කල අංක 9ට අයත් වසරකි. ඒ අනුව ඔබේ දෛව අංකයට මේ වසරේ බලපෑම කෙබඳු වේද කියා මෙසේ සොයා බලමු.
දෛව අංක 1
නව වසරේ ආරම්භය අනුව 2025 වර්ෂය දෛව අංක එකෙන් උපන් ඔබට 2024 වර්ෂයට සාපේක්ෂව ඉතාමත් සුබදායක බලාපොරොත්තු සහගත වර්ෂයක් ලෙස සඳහන් කළ හැකිය.
ගෘහ ජීවිතය
ඉතාමත් සාමකාමී මතභේදවලින් තොරව යහපත් ආකාරයට ගෘහ ජීවිතය ගතකළ හැකි බව සඳහන් කළ හැකිය. යම් ආකාරයක මතභේද තිබුණත් ඒවා එතරම් දුරදිග නොයන බවක් පෙන්නුම් කරයි. ඉවසීම වඩා වර්ධනය කර ගැනීමටත් ඉක්මන් තීරණ ගැනීමෙන් වැළකීමටත් කල්පනාකාරී වීම හොඳයි. පවුලේ කෙනෙකුගේ විශේෂ කටයුත්තක් වෙනුවෙන් යම් කැප කිරීමක් කිරීමට සිදුවිය හැකිය. ආදරය සහ ප්‍රේමය විවාහය සම්බන්ධව ඉතාමත් වාසනාවන්ත බවක් පෙන්නුම් කරයි. විවාහ පමා වූ අයගේ එම කටයුතු මේ වසර තුළ සාර්ථක කර ගත හැකිය. නව ප්‍රේම සබඳතා වර්ධනය වීමක් පෙන්නුම් කරයි.
ආර්ථිකය
රැකියාවේ කටයුතු යහපත් ආකාරයෙන් කිරීමට හැකියාව ලැබෙන අතර රැකියාවේ උසස් වීම් මෙන්ම තනතුරු ආදිය ලැබීමට ඔබට වාසනාව ඇත. අලුත් ව්‍යාපාර ආරම්භ කිරීමේ කටයුතු වලටත් සුබදායක වෙයි. මේ වසර තුළ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට හැකියාව ලැබෙන අතර පෙර වර්ෂයට වඩා යම් ආකාරයක තැන්පත් ධනයේ වර්ධනයක් පෙන්නුම් කරයි. එහෙත් අනවශ්‍ය වියදම් ඇති කළ හැකි බැවින් ඒ ගැන කල්පනාකාරී වන්න. තමාට යම් උරුම හිමිකම් තිබේ නම් එම දේවල් හිමිවීමේ වාසනාවක් ද පෙන්නුම් කරයි.
අධ්‍යාපනය
ඔබට අන් අයගේ උදව් උපකාර ඇතිව තම අධ්‍යාපන කටයුතු හොඳීන් කරගෙන යෑමට හැකියාව ලැබෙන වසරක්. තාක්ෂණික සහ සෞන්දර්ය අංශයෙන් ඉගෙනුම ලබන අයට වඩා යහපත් වෙයි.
සෞඛ්‍යය
උෂ්ණ ආහාර ගැනීමෙන් වළකින්න එය ඔබට අහිතකර ලෙස බලපෑ හැකිය. එමෙන්ම ආමාශගත රෝග, සහ නිදන්ගත රෝග සම්බන්ධව වැඩි අවධානයක් යොමු කිරීම හොඳයි. නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට උනන්දු වන්න.
ජය සංකේත
සුබ දවස් ඉරිදා සහ සඳුදා. සුබ වර්ණ රන්වන් පැහැය කහ සහ දුඹුරු වර්ණය.
ජය අංක 1 2 4 7 10.
දෛව අංක 2
2025 නව වර්ෂයේ ආරම්භය අනුව ඔබට මේ වර්ෂය බෙහෙවින් මිශ්‍ර ඵලදායක වර්ෂයක් බව සඳහන් කළ හැකිය.
ගෘහ ජීවිතය
පදිංචි ස්ථානය තුළ යම් බාධාකාරී ගැටලුකාරී තත්ත්වයන් ඇති වීමේ අවදානමක් පවතී. වාස්තු විද්‍යානුකූලව එම කටයුතු නිවැරැදි කර ගැනීම වඩාත් සුදුසු වෙයි. ගෘහ ජිවිතය තුළ යම් ආකාරයක මතභේද ඇති වීමේ අවදානමක් පැවතිය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. තම හිතවත් අයෙකු පිළිබඳව කනගාටු දායක පුවතක් අසන්නට සිදුවිය හැකිය. ආදරය සහ ප්‍රේමය සම්බන්ධ කටයුතු සාර්ථක කරගත හැකිය. විවාහ කටයුතු සම්බන්ධව බාධාවන් ඉවත් වන අතර මේ වර්ෂය තුළ එම කටයුතු සාර්ථකත්වයට පත් කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.
ආර්ථිකය
ඔබට රැකියාවක් ලැබීමේ වාසනාවක් පවතින අතර විදේශගත වීමේ බලාපොරොත්තුවක් තිබේ නම් එය සාර්ථක වන වසරක් වෙයි. කුමන බාධා ආවත් ආර්ථිකය යම් මට්ටමක පවත්වාගෙන යෑමේ හැකියාව පවතී. වෙළෙඳ ව්‍යාපාර කටයුතු කරන අයට යම් දියුණුවක් ලැබිය හැකිය.
අධ්‍යාපනය
අධ්‍යාපන කටයුතුවලට විශේෂ බාධාවක් පෙන්වන්නේ නැති වුවද උනන්දුව උත්සාහය අඩුවීමක් පෙන්නුම් කරයි. ඔබ ඔබගේ හිතේ ආත්ම ශක්තිය විශ්වාසය ගොඩනඟා ගෙන අධ්‍යාපන කටයුතුවල නිරත වීම තුළ එම තත්ත්වය මග හරවා ගෙන කටයුතු කළ හැකිය.
සෞඛ්‍යය
සෙම ආශ්රිත රෝග තත්ත්වවලට ගොදුරු වීමේ වැඩි ඉඩක් පවතී. හතිය පපුවේ මහන්සිය ඇදුම වැනි රෝග තත්ත්ව තිබෙන අය වඩාත් ප්‍රවේශම් වීම හොඳයි. පපුව ආශ්රිත රෝග තත්ත්ව ඇති කළ හැකිය. අවදානම් සහිත රැකියා සහ අනතුරු ආදියෙන් ප්‍රවේශම් වන්න.
ජය සංකේත
සුබ දවස් සඳුදා සහ සිකුරාදා. සුබ වර්ණ. සුදු, කොළ, ළා නිල් සහ රෝස.
ජය අංක 1 2 7 10 11.
දෛව අංක 3
2025 නව වර්ෂයේ ආරම්භයත් සමඟ දෛව අංක 3 හිමියන්ට ඉතා වාසනාවන්ත සුබපලදායක වසරක් උදාවන බව කිව හැකිය.
ගෘහ ජීවිතය
ගෘහජීවිතය තුළ ඉතාමත් සාමකාමීව සහයෝගීව කටයුතු කළ හැකි බව පෙනේ බොහෝ අයගේ උදව් උපකාර හිමිවන වසරකි. පවුලේ අයගේ ද සහය ඔබට ලැබේ. විවාහ අපේක්ෂාවෙන් ඉන්න අයට තරමක් බාධා ඇති වුවත් ප්‍රේම සබඳතා සාර්ථක කරයි. අන් අයගේ ආකර්ෂණය උදවු උපකාර පහසුවෙන් හිමිවන වසරක් වෙයි.
ආර්ථිකය
ආර්ථිකය ශක්තිමත් වන අතර තැන්පත් මුදලක් නිතරම තමා සන්තකයේ පවත්වා ගැනීමට හැකියාව ලැබේ. අවශ්‍ය දෙයට කෙසේ හෝ තමාට මුදල් ලැබෙන ගතියක් පෙන්වයි. නව වෙළෙඳ ව්‍යාපාර ආරම්භයට ඉතාම හොඳයි. අන් අය සමග එකතු වී කරන කටයුතුවලින් ද වාසි අත් විය හැකිය. රැකියාවේ වෙනසක් බලාපොරොත්තු වූවා නම් එය සාර්ථක වන වසරකි. විදෙස්ගත වීම් ද සාර්ථක කරගත හැකිය. උසස්වීම් තනතුරු ආදිය ලැබිමේ වාසනාව පවති.
අධ්‍යාපනය
කාර්යබහුල බව නිසා අධ්‍යාපනයට හිත යොමු කිරීම තරමක් අපහසු විය හැකිය. මතක ශක්තිය තරමක් දුර්වල විය හැකියි. අධ්‍යාපනයේ සාර්ථකත්වයට මානසික නිදහස වැදගත් බව මතක තබා ගන්න.
සෞඛ්‍යය
මානසික සෞඛ්‍යය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම හොඳයි තරමක් හිත සන්සුන් කර ගැනීමට කටයුතු කරන්න. උදරගත රෝග තත්ත්වයන් ඇතිවිය හැකිය. ගැස්ට්‍රයිටිස් වැනි රෝග තත්ත්ව ඉස්මතු වෙයි. ශාරීරික ව්‍යායාමවලට කාලයක් යෙදවීම වැදගත් බව මතක තබා ගන්න.
ජය සංකේත
සුබ දවස්. බ්‍රහස්පතින්දා සිකුරාදා සහ සෙනසුරාදා. සුබ වර්ණ. දම් පාට, රතු පාට සහ කහ රෝස වර්ණ. ජය අංක 3 12 21 30 6 9.
දෛව අංක 4
දෛව අංක 4 න් උපන් ඔබට මේ නව වසර හැම පැත්තෙන්ම සුබදායක අලුත් අවුරුද්දක් ම වන බව සඳහන් කළ හැකිය.
ගෘහ ජීවිතය
යහපත් ආකාරයට සාමකාමීව ගෘහ ජීවිතය ගත කිරීමට ලැබෙයි. තිබුණු මතභේද කරදර බොහෝමයක් විසඳෙන වසරකි. නව ප්‍රේම සබඳතා වර්ධනය වීමත් පෙන්වන අතර විවාහ බලාපොරොත්තුවක් තිබෙන අයට එම පැතුම ඉටුකර ගැනීමට හැකි වෙයි. නොගැළපෙන සබඳතා නිසා තම චරිතයට හානි සිදුවිය හැකි බැවින් කල්පනාකාරී වීම වැදගත් වෙයි. යහපත් මිතුරන් ඇසුරට ලැබෙන කාලයකි. මිනිසුන් සමඟ කටයුතු කිරීමේදී වචන භාවිතය ගැන සැලකිලිමත් වීම ගැටලු අවම කරයි. ධර්මානුකූල පැවැත්ම තුළ සුබදායක බව වඩා වර්ධනය කරගත හැකිය.
ආර්ථිකය
තමා විසින් සිදු කරනු ලබන ස්වයං රැකියා කර්මාන්ත ආදිය තුළින් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකි වසරකි. ආදායමට අනුව වියදම පාලනය කරගන්නට උත්සාහ කරන්න. අනවශ්‍ය වියදම් වැඩි විය හැකිය. රැකියා ස්ථානය තුළ දියුණුවක් පෙන්නුම් කරයි. ආයතන ප්‍රධානීන්ගේ සහයෝගය හොඳීන් ලැබේ. කොහොම වුණත් ආර්ථිකය ස්ථාවරව පවත්වාගෙන යෑමේ හැකියාව පවතී.
අධ්‍යාපනය
අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට හැකියාව ලැබේ. එහෙත් ප්‍රාථමික අධ්‍යාපනයට තරමක් බාධා ඇති කළ හැකිය. උත්සාහය උනන්දුව වැඩිපුර ඇති කර ගැනීම වැදගත් වෙයි.
සෞඛ්‍යය
උදරය පපුව හෘදය ආශ්රිත රෝග තත්ත්ව සම්බන්ධව වැඩි අවධානයක් යොමු කළ යුතු කාලයක් වෙයි. හදිසි අනතුරු සම්බන්ධව වැඩි අවධානයක් යොමු කරන්න. ප්‍රවේශම් වීම ඉතා වැදගත්.
ජය සංකේත
සුබ දවස් ඉරිදා සහ සඳුදා.
සුබ වර්ණ නිල්, ළා කහ, සුදු සහ අළු වර්ණ.
ජය අංක 1 2 4 7 10 11 16.
දෛව අංක 5
නව වසරේ ආරම්භයත් සමඟ ඔබට මේ වසර වාසනාවන්ත මෙන්ම ඔබගේ බලාපොරොත්තු බොහෝමයක් ඉටුවන වසරක් බව කිව හැකිය.
ගෘහ ජීවිතය
හිතේ තිබුණු විශේෂ කරුණක් ඉටුවන වසරක් බව කිව හැකියි. සාමකාමීව සහයෝගයෙන් ගෘහ ජීවිතය ගත කිරීමට ලැබෙයි. දෙදෙනා අතර යම් මතභේද ගැටලු ඇති වුණත් ඒවා දුරදිග යන්නේ නැත. මංගල යෝග ක්‍රියාත්මක වන බැවින් විවාහ අපේක්ෂක අයගේ එම පැතුම ඉෂ්ට වන වසරකි. පවුලේ සහ හිතවතුන්ගේ උදව් උපකාර නොඅඩුව ලැබෙයි. සැකය ප්‍රේම සබඳතාවලට බාධාවක් ලෙස ක්‍රියාත්මක වී ගැටලු ඇති විය හැකිය.
ආර්ථිකය
රැකියා සහ ව්‍යාපාර කටයුතු සම්බන්ධව නෛතික ගැටලු ඇතිවිය හැකි බැවින් කල්පනාකාරී වීම වැදගත්ය. ඔබට ලැබීමට තිබූ උරුම හිමිකමක් හෝ ධනයක් හිමි වීමේ වාසනාව පවතී.
අධ්‍යාපනය
අධ්‍යාපන කටයුතුවලට වැඩි උනන්දුවක් ඇතිකර ගැනීම වැදගත් වන අතර යම් පසුබෑමක් සිදුවිය හැකි කාල වකවානුවක් වෙයි. විභාග සහ සම්මුඛ පරීක්ෂණවලට මුහුණ දීම සම්බන්ධව වැඩි වෙහෙසක් පරිශ්‍රමයක් හා කැපවීමක් තුළින් සාර්ථකත්වය අත්විඳීය හැකියි.
සෞඛ්‍යය
ලේ හා සම්බන්ධ හෙවත් රුධිරගත රෝග උදරය ආශ්රිත රෝග තත්ත්ව සහ ස්නායු රෝග සම්බන්ධව වඩාත් අවධානයක් යොමු කිරීම තුළ එම තත්ත්වයන් වළක්වා ගැනීමට හැකියාව ලැබෙනු ඇත. මානසික සෞඛ්‍යය ගැන ද අවධානය යොමු කිරීම වැදගත්.
ජය සංකේත
සුබ දවස් බ්‍රහස්පතින්දා සහ සිකුරාදා ඉරිදා. සුබ වර්ණ. සුදු, ළා කොළ සහ අළු පාට වර්ණ. ජය අංක. 3, 5, 9, 12,14.
දෛව අංක 6
එළැඹෙන නව වසර ඔබට ඉතාමත් සුබ පල දෙන නැවුම් බලාපොරොත්තු බොහොමයක් සාර්ථක කරගත හැකි වසරක් ලෙස සඳහන් කළ හැකිය.
ගෘහ ජීවිතය
ගෘහ ජීවිතය සාමාන්‍ය ආකාරයෙන් ගත කළ හැකි වන අතර විශේෂ ගැටලුකාරී තත්ත්වයන් නැත. අන් අයගේ අවධානය සහ ජනප්‍රිය භාවය හිමි වන වසරක් බව කිව හැකියි. ඔබගේ හැකියාවන් සහ දක්ෂතාවලට නිසි ඇගයීමක් ලැබෙන වසරක් වෙයි. පින්කම් ආදී කටයුතු සඳහා ද වැඩිපුර සිත යොමු වෙයි. නව ප්‍රේම සබඳතා වර්ධනය වන බවක් පෙනුණත් නොගැළපෙන සබඳතා ඇති වීමේ වැඩි ඉඩක් පෙන්නුම් කරයි. විවාහ අපේක්ෂාවන් සාර්ථක කර ගත හැකිය.
ආර්ථිකය
ඔබගේ තැන්පත් ධනය වර්ධනය කර ගැනීමේ හැකියාව පවතී. ව්‍යාපාර හෝ ආයෝජන කටයුතුවලින් ආර්ථිකය යහපත් කර ගැනීමට හැකිය. රැකියා ව්‍යාපාර කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යෑමේ හැකියාව ලැබෙයි. එහෙත් රැකියා කටයුතු මානසික වශයෙන් දැඩි බලපෑමක් එල්ල කරනු ඇත.
අධ්‍යාපනය
අධ්‍යාපන කටයුතු කරන අයගේ උනන්දුව උත්සාහය අඩුවීම සහ අලසකම යම් ආකාරයක වර්ධනයක් පෙන්නුම් කරයි. වඩාත් උනන්දුව ඇතිව කල්පනාකාරීව කටයුතු කිරීම තුළ අධ්‍යාපනික ජයග්‍රහණ පහසුවෙන් අත්කරගත හැකිය.
සෞඛ්‍ය
අවදානම් සහිත රැකියා හෝ අනතුරුවලින් ප්‍රවේශම් වන්න. මුත්‍ර ආබාධ දණහිස් පාද ආශ්රිත ආබාධ තත්ත්වයන් ඇති කළ හැකිය. කල්පනාකාරීව කටයුතු කළ යුතු අතර නිසි වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවන්න.
ජය සංකේත
සුබ දවස් සිකුරාදා සහ බ්‍රහස්පතින්දා. සුබ වර්ණ නිල් කොළ සහ රෝස.
ජය අංක 3 6 9 12 15.
දෛව අංක 7
නව වසර ඔබට ඉතාමත් සුබපලදායක යහපත් බලාපොරොත්තු බොහෝමයක් සාර්ථක වන වසරක් ලෙස සඳහන් කළ හැකිය. තමන් ළඟ තිබෙන දෙයින් උපරිම ඵල ලබාගත හැකි වසරක් බව ද කිව හැකියි.
ගෘහ ජීවිතය
සතුටින් සමගියෙන් ගෘහ ජීවිතය ගත කරයි.දුර බැහැර ගමන් බිමන් වැඩිපුර යෙදෙන කාලයකි.ඔබ විදේශගත වීමක් බලාපොරොත්තු වූවා නම් එය සාර්ථක වන වසරක් වෙයි. ප්‍රේම සබඳතා නිසා ගැටලු ඇති විය හැකිය. විවාහ අපේක්ෂාවන් තවදුරටත් ප්‍රමාද වීමට හේතු යෙදිය හැකිය. ඔබේ යහපත වෙනුවෙන් සියල්ල සිදුවන බව සිතා හොඳීන් කටයුතු කර ජීවත් වන්න. අවසානයේ ඔබ ජයග්‍රහණය කරනු ඇත.
ආර්ථිකය
නිරන්තරයෙන් ඔබ අත මුදලක් තබාගත හැකි කාලයකි. යම් මුදලක් ඉතිරි කර ගැනීමට ද හැකියාව ලැබෙයි. ඔබ බලාපොරොත්තු වූ ණය මුදලක් හෝ සහයෝගයක් ඔබට ලැබෙන වසරකි.ප්‍රධානීන්ගේ සහයෝගය නිරන්තරයෙන් හිමිවේ. රැකියාවේ දියුණුව අභිවෘද්ධිය ලැබිය හැකි අතර තනතුරු උසස්වීම් සාර්ථක වන වසරක් වෙයි.
අධ්‍යාපනය
අධ්‍යාපන ලබන අයට තරමක් බාධාකාරී තත්ත්වයන් ඇතිවිය හැකිය. උනන්දුව උත්සාහය අඩුවීම මතක ශක්තිය දුර්වල වීම වැනි තත්ත්වයන් මත එවැනි දේවලින් බැහැර වීමට සිතේ. එහෙත් උත්සාහයෙන් කටයුතු කිරීම තුළ ඔබගේ ජයග්‍රහණය තහවුරු කළ හැකිය.
සෞඛ්‍යය
උෂ්ණ රෝග ගැසට්රයිටිස් මළබද්ධය උදරගත රෝග වැඩිපුර ඇති කළ හැකිය. වැඩිපුර ජලය පානය කිරීම වැදගත් වෙයි. වකුගඩු සහ මුත්‍ර ආශ්රිත රෝග තත්ත්ව තිබෙන අය වඩාත් ප්‍රවේශම් වීම හොඳයි.
ජය සංකේත
සුබ දවස් .සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ ඉරිදා. සුබ වර්ණ කොළ ළා කහ සහ සුදු.
ජය අංක 2 3 6 7 9.
දෛව අංක 8
නව වසර ඔබට ඉතාමත් සුබපලදායක වර්ෂයක් වන අතර තමන්ගේ කටයුතු පෙර වර්ෂයට වඩා සාර්ථක කරගත හැකි වර්ෂයක් ද වෙයි.
ගෘහ ජීවිතය
ගෘහ ජිවිතය තුළ සතුට සමගිය වර්ධනය වන අතර විවාහ අපේක්ෂකයන්ගේ බලාපොරොත්තු තවදුරටත් තරමක් ප්‍රමාද කිරීමට හේතු යෙදෙනු ඇත. එහෙත් ප්‍රේම සබඳතා ඇති කරයි. ඉවසීම ඇති කර ගැනීම සහ කෝපය පාලනය කර ගැනීම ඉතා වැදගත් බව සිතන්න.
ආර්ථිකය
තමාට යම් මුදලක් ඉතිරි කර ගැනීමට හැකි වන වසරක් බව කිව හැකියි. එහෙත් ඔබ නව ආදායම් මාර්ග කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් වෙයි. රැකියා ව්‍යාපාර කටයුතු කටයුතුවල දියුණුවක් දැකිය හැකිය. එහෙත් නව රැකියා බලාපොරොත්තුවෙන් ඉන්න අයට තරමක් එම රැකියා ලැබීම ප්‍රමාද විය හැකිය. දිගුකාලීන ආයෝජනවලට ද යහපත් කාලයක් වෙයි. විදේශ ගමන් බලාපොරොත්තු වූවා නම් එය සාර්ථක වෙයි.
අධ්‍යාපනය
අධ්‍යාපනික වශයෙන් ජයග්‍රහණ රැසක් ලබාගත හැකි කාලයකි. සම්මුඛ පරීක්ෂණ ආදියෙන් ජයග්‍රහණ අත් වෙයි. ඔබේ හැකියාවන්ට නිසි ඇගයීමක් ලැබිය හැකිය.විද්‍යාව සහ ගණිත අංශවල ඉන්න අයට උසස් ප්‍රතිඵල ලැබිය හැකියි.
සෞඛ්‍යය
සෞඛ්‍යමය වශයෙන් ඔබගේ පෝෂණය සම්බන්ධ ගැටලු තත්ත්වයන් ඇතිකළ හැකිය.විටමින් ඌනතා ආදිය ඇතිවිය හැකිය. විදුලියෙන් සහ ජලයෙන් ප්‍රවේශම් විය යුතු වෙයි. උණ සෙම ආශ්රිත රෝග බෝවන රෝග ආදියෙන් ප්‍රවේශම් විය යුතුයි.
ජය සංකේත
සුබ දවස් ඉරිදා සඳුදා සහ බදාදා. සුබ වර්ණ නිල් කහ දම් දුඹුරු.
ජය අංක 5, 6, 8, 17.
දෛව අංක 9
මේ නව වසර ඔබට නව බලාපොරොත්තු තබාගත හැකි වසරක් ලෙස සඳහන් කළ හැකිය. පසුගිය වර්ෂයේ ප්‍රමාද වූ බොහෝ කටයුතු සාර්ථක කර ගත හැකි වසරකි.
ගෘහ ජීවිතය
ගෘහ ජීවිතය තුළ විශේෂ අර්බුදකාරී තත්ත්වයන් පැන නො නඟී. සතුටින් සමගියෙන් ජීවිතය ගත කළ හැකි වෙයි. උත්සව අවස්තාවලට වැඩිපුර සම්බන්ධ වන්නට අවස්ථාව යෙදෙයි.
මානසික වශයෙන් සතුට ප්‍රීතිය වැඩිපුර ඇති කරන කාලයකි. ඔබ විවාහ අපේක්ෂාවෙන් සිටී නම් එය සාර්ථක වන වසරක් වෙයි. ප්‍රේම සබඳතා ඇතිවන අතර ඒවා පිළිබඳ කල්පනාකාරී වීම වැදගත් වන්නේ නොගැළපෙන සබඳතා ඇති විය හැකි බැවිනි.
ආර්ථිකය
ඔබ මුදලක් අපේක්ෂාවෙන් සිටියේ නම් එය ලැබෙනු ඇත. ව්‍යාපාර කටයුතුවලින් සාර්ථකත්වය අත්කරගත හැකිය. උසස්වීම් සහ නිලතල පහසුවෙන් අත්කරගත හැකියි. ගෞරව සම්මානවලට පාත්‍ර වීමේ හැකියාව පවතී. වියදම් පැත්ත පාලනය කර ගැනීමට අවධානය යොමු කරන්න. විදෙස්ගත වීමේ බලාපොරොත්තුවක් තිබේ නම් එය සාර්ථක වන වසරක් වෙයි.
අධ්‍යාපනය
අධ්‍යාපන කටයුතුවලින් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකි වසරකි. ඇගයීම් සහ ජයග්‍රහණ අත්කරගත හැකියි. සම්මුඛ පරීක්ෂණවලින් ජයග්‍රහණ ලැබිය හැකිය.
සෞඛ්‍යය
වාත වේදනා කැක්කුම් ඇති කළ හැකි බැවින් ඒ ගැන අවධානය යොමු කරන්න. විශේෂයෙන් පාද ආශ්රිත දණහිස්වල සහ පිට කොන්දේ ආබාධ තත්ත්වයන් ඇතිකළ හැකිය. නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට යොමු වන්න.
ජය සංකේත
සුබ දවස් අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා. සුබ වර්ණ රතු සහ රෝස පාට වර්ණ.
ජය අංක 3, 6, 9, 12, 15, 18