ලොව මවිත කළ නෝස්ත්‍රද‍ාමස්ගේ අනාවැකි

ජූලි 28, 2023

 

මුළු මහත් ලෝකයම මවිත කරමින් සියවස් ගණනාවක් ඉදිරියට සිදුවන සුවිශේෂ දෑ පිළිබඳව විස්මිත අනාවැකි සමුදායක් මෙයට වසර 500කට පෙරාතුව තම ශ්ලෝක සහ සිවුපද කාව්‍ය උපයෝගී කර ගනිමින් ලෝ වැසියන්ට දායාද කළ මිචෙල් ඩී. මෝ්ස්ත්‍රදදාමස් නම් ප්‍රංශ ජාතික ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රධරයා පිළිබඳවයි මේ.

මම කොළඹ විශ්වවිද්‍යාලයේ වාණිජවේදී විශේෂ උපාධිය සඳහා විද්‍යාර්ථිකයකු ලෙස ඉගෙනුම ලබන කාලයේ විශ්වවිද්‍යාලයේ බාහිර සමාජ ක්‍රියාකාරකම් උදෙසා විශිෂ්ටතම ශිෂ්‍යයාට පිරිනමන උපකුලපති සම්මානයෙන් පිදුම් ලැබීමි. එයට සමගාමීව විශ්වවිද්‍යාලයෙන් පිරිනමන ජපන් විදේශ ශිෂ්‍යත්වයක් දිහා ජපානයේ අගනුවර ටෝකියේ හිදි පවත්වන්නට යෙදුණූ දකුණු ආසියාතික තරුණ නායකත්ව සමුළුවට ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් නියෝජනය කරමින් මම ඊට සහභාගි වුණෙමි. එය මාගේ දිවිපෙවතේ කුලුඳුල්ම විදේශ සංචාරයයි.

දෙවැනි මහා ලෝක සංග්‍රාමයේදී ජපානයේ හිරෝෂිමා නාගසාකි යන නගරවලට පරමාණු බෝම්බ හෙළීමත් සමඟ මුළු මහත් නගරම විනාශයට පත් විය. මෙලෙස අළු දූවිලි බවට පත්වූ මෙම නගරවල ඇතැම් ගොඩනැඟිලි ශේෂයන් කිහිපයක් මතු පරපුරට මේ ඛේදවාචකය දැන ගනු පිණිස සංරක්ෂණය කර ඇති ආකාරය අපූරුය. මේ තොරතුරු දැනගැනීමට විශාල කෞතුකාගාරයක් සහ ස්මරණ ස්ථම්භයක් එහි පිහිටුවා ඇත. මෙම ජපන් සංචාරවලදී මම මේ ස්ථානය කිහිප වරක්ම මසැසින් දිටිමි. එයට හේතු වූයේ මා දුම්රිය දෙපාර්තමේන්තුවේ වාණිජ අධිකාරි, ගමනාගමන අධිකාරි සහ දුම්රිය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්) ලෙස සේවය කළ කාලය තුළ විවිධ පුහුණුූ පාඨමාලා සම්මන්ත්‍රණ සහ වැඩමුළු සඳහා ආසියාවේ මාර්ගෝපදේශකයා ලෙස විරුදාවලිය ලත් මේ සුන්දර ජපානයට නැවත තෙවරක් යාමට අවකාශ ලැබීමත් ඒ සෑම වාරයකදීම හිරෝෂිමා නාගසාකි නගරය නැරඹීමට ජපන් විදේශ කටයුතු අමාත්‍යාංශ නිලධාරීහු අපිව ආරාධිත විශේෂ සංචාරයක් ලෙස එහි කැඳවාගෙන යමාත්ය.

මිචෙල් ඩී. නෝස්ත්‍රදාමස් මේ දෙවැනි ලෝක සංග්‍රාමය පිළිබඳවත් ඉන් ජපානයට සිදුවන විනාශයත් ඉන් පසු කලෙක ජපානය ආසියාවේ සියලු රටවල් අබිබවමින් තාක්ෂණික ලොව පෙරමුණ ගන්නා බවත් මෙයට සියවස් ගණනාවකට පෙර අනාවැකියක සඳහන් කර තිබීම පුදුම සහගත ය.

වසර කිහිපයක පරාසයක් තුළ එකම ස්ථානයක් සහ නගරයක් දියුණුවේ හිණිමං පෙත වෙත ළඟාවන ආකාරය මම හොඳාකාරව දුටිමි.

හිරෝෂිමා නගරයේ තාක්ෂණික මෙවලම්වලින් අනූන වු කෞතුකාගාරය තුළ එක් පුවරුවක මිචෙල් ඩී නොස්ත්‍රාදාමස් ගේ අනාවැකිය පිළිබඳව සටහනක් තිබීම ද මා සිත්සතන් පැහැර ගැනීමට හේතු සාධකයක් විණි.

නෝස්ත්‍රදාමස් ශතවර්ෂ ගණනාවකට පෙරාතුව ජපානයේ බිඳවැටීම සහ පුනරුදය වන ආකාරය දැන සිටීම කෙතරම් විස්මජනක දැයි එකල මට සිතුණි.

එකල ජපන් බිමේ දෙපා රැඳවූ මොහොතේ සිට මගේ නෙත ගැටුණ සැම දසුනක්ම සිත්තම් වී තිබුණේ විස්මයයි. හැම දෙයක්ම විසල්ය. මන බඳනා සුලුය. විස්මයාර්හය, මේ ධරණි තලය මත පැතිරගත් හිම, හිම තලාවෙක අහසින් ගිලිහී වැටෙන සිඟිති හිම පියල්ලෙක, සකුරා මල් තුරෙක ගුවන් ගැබට එසවුණූ මන්දිරයක කුලුනක සිනා පොදක ජම්බු ගෙඩියක් බඳු කුඩා දරුවකුගේ හිනැහෙන දෙනතක ආදරයත්, ස්නේහයත් සිත්තම් වී ඇත. ඒ හැම තැනකින්ම අසමාන දයාවක් අපරිමිත කරුණාවක් ගලා උතුරයි. නෝස්ත්‍රදාමස් අනාවැකිය ලෙස දැක ඇත්තේ මේ අපූරු දියුණුවේ රහස යයි මට අනේක වාරයක් සිතුණි.

මිචෙල් ඩි. නෝස්ත්‍රදාමස් නම් ඒ ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රධරයා 1503 දෙසැම්බර් 14 දින ප්‍රංශයේ සාන්ත රෙමි ඩි පොවෙන්සි හිදී ජන්මලාභය ලැබීය. ඔහුගේ මව රෙසිනියර් ඩී සෙයින්ට් වන අතර, එකල ප්‍රංශයේ ධාන්‍ය වෙළෙන්දකු හා නොතාරිස්වරයකු වූ ජවුමේ ඩි නෝස්ත්‍රදාමස් පියා විය. සහෝදර සහෝදරියන් නව දෙනකුගෙන් සමන්විත පවුලක මේ විශ්වීය ශාස්ත්‍රධරයා බිහි විය. ඔවුන් මුලින් යුදෙව් ජාතිකයන් වුවත් ජවුමේගේ පියා ගයි ගසොනෙට් වසර 1455 දී ‘පියරේ’ යන කතෝලික නාමය හා නෝස්ත්‍රදාමස් යන පෙළපත් නාමය ගෙන රෝමානු කතෝලික ආගම වැලඳ ගන්නා ලදී.

මිචෙල් ඩි නෝස්ත්‍රදාමස්ගේ සහෝදර සහෝදරියන් වූයේ පියරේ, හෙක්ටර්, ලුයිස්, බ්‍රටුර්න්ඩ් ජීන් සහ අන්ටොයින්ය. ළමා කාලයේදී අනවරත සම්ප්‍රදාය අනුව ඔහු උගතෙක් කරනු ලැබුයේ මිචෙල් ගේ මව් පාර්ශ්වයේ මීමුත්තා වන ජින්ඩි සාන්ත රෙමී විසිනි.

තම ප්‍රථම උපාධිය හැදෑරීමට නෝස්ත්‍රදාමස් ප්‍රංශයේ ආවින්ග්ටන් විශ්ව විද්‍යාලයට ඇතුළත් වූයේ වයස අවුරුදු 15 දී ය. එහි වසරකට වඩා ගත වූ පසු ව්‍යාකරණ අලංකාර ශාස්ත්‍රය සහ තර්ක ශාස්ත්‍රයක් පසුකාලීනව ජ්‍යාමිතිය, අංක ගණිතය, සංගීතය, තාරකා විද්‍යාව, ඡ්‍යොතිෂ ශාස්ත්‍රය හදාරමින් සිටියේය.

එකල මහාමාරිය වසංගතය ලොව පුරාත් විශේෂයෙන් ප්‍රංශය පුරාත් පැතිර යාම නිසා ඔහුට ආවින්ග්ටන් විශ්වවිද්‍යාලයෙන් පිටව යෑමට සිදුවිය. මේ සරසවියෙන් පිටව ගොස් නෝස්ත්‍රදාමස් 1521 පටන් පුරා වසර 8ක් ඖෂධීය ප්‍රතිකර්මය ගවේශනය කරමින් ප්‍රංශයේ පිටිසර ගම්මානවල සංචාරයේ නිරත විය. 1529දී ඇපොතිකරවරයකු බවට පත් වු ඔහු වසර කිහිපයක් ගත කිරීමෙන් පසු වෛද්‍ය විද්‍යාව පිළිබඳ උසස් උපාධිය හැදෑරීම සඳහා මොන්ට් පොලියර් විශ්වවිද්‍යාලයට ඇතුළත්විය

කෙටි කලකින් පසුව ඔහු ඇපොතිකරිවරයෙක් යයි සොයා ගැනීමෙන් අනතුරුව එම විශ්ව විද්‍යාලයෙන් නෙරපන ලදී. ඊට හේතු වූයේ එකල එය විශ්වවිද්‍යාල ව්‍යවස්ථාවට අනුව තහනම් වූවක් බැවිනි.

මෙම නෙරපීමෙන් පසු නෝස්ත්‍රදාමස් ඇපොතිකරිවරයෙකු ලෙස දිගටම කටයුතු කරන ලදී. පසුකාලීනව ඔහුට “වෛද්‍යවරයා” ලෙස ගෞරවයෙන් ආමන්ත්‍රණය කර තිබේ. ඊට හේතුවන්නේ එකල මහා වසංගතයක් වූ මහමාරිය රෝගයෙන් ආරක්ෂා කරවන “රෝසපෙත්ත” සාදමින් ඔහු ප්‍රසිද්ධියට පත් වීමයි.

1531 ජුලියස් සීසර් ස්කලිගර් (බ්භතඪභඵ ඛ්චඥඵචප ඵඥචතඪඨචප) නම් ප්‍රභූවරයා විසින් නොස්ත්‍රාදාමස් ශාස්ත්‍රධරයා හට ආගන් (ඒඨඥද) නගරයට පැමිණෙන ලෙස ආරාධනා කරන ලදී. එහිදී හෙන්රිඑට්ද එන්කොසි නම් කාන්තාව සමඟ විවාහ වූ අතර ඔවුන්ට දාව දරුවන් දෙදෙනකු ලැබිණි.

එහෙත් 1534දී ඔහුගේ බිරිඳ හා දරුවෝ දෙදෙනා ද මහාමාරිය රෝගය වැලැදී මිය ගියහ. ඔවුන්ගේ මරණින් පසු ඔහු ප්‍රංශය හැර දමා ඉතාලිය දක්වා යළිත් සංචාරය අරඹන ලදී.

1545දී ඔහු ආපසු ප්‍රංශයට පැමිණීමෙන් පසුව එකල ප්‍රකට භෞත වෛද්‍යවරයකු වූ ලුයිස්සේරේ තුමාට සහාය වෙමින් එකල දක්වා පැවැති මහාමාරිය වසංගතයට එරෙහිව සටන සඳහා පූර්ණ වශයෙන් කැපව උදවු උපකාර කරන ලදී.

ඉන්පසුව සැලොන් ඩි ප්‍රොවෙන්ස් හා ඉක්ස් එන් පොවෙන්ස් යන නාගරික ප්‍රදේශයන්හි පැතිර ගිය රෝගාබාධ සඳහා ප්‍රතිකර්ම කිරීම ඔහු තනිවම සිදුකළේය.

1547 සැලොන් ඩි ප්‍රොවෙන්ස් තම පරණ නිවසේ පදිංචි විය. එහි විසූ ඈන් පොන්සාඩර් නම් පොහොසත් වැන්දඹුව සමඟ විවාහ විය. ඔහුට දාව දියණියන් තිදෙනෙකු ද පුතුන් තිදෙනෙකු ද ලැබුණි.

ඉතාලියට නැවත පැමිණීමෙන් පසුව නෝස්ත්‍රදාමස් වෛද්‍ය විද්‍යාවෙන් ඈත්වී ඡ්‍යොතිෂ විද්‍යාව සහ ගුප්ත විද්‍යාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලදී.

1550 වසරේදී ඔහු විසින් එතෙක් පැවැති ඡ්‍යොතිෂ සහ ගුප්ත විද්‍යා නැඹුරුවීම් අනුගමනය කරමින් පංචාංග ලිත් පොතක් ලිවීය. එම පංචාංගය බොහෝදුරට සාර්ථක විය. එම පංචාංග ලිත උපයෝගී කර ගනිමින් දෛනිකවත් සතිපතා සහ මාස්පතා අනාවැකි ලිවීම ආරම්භ කළේය.

ඉන්පසු කාලයේදී ලෝක ප්‍රකට අනාගත වාක්‍ය අඩු තරමින් 6338ක් පමණ පළකර ඇත. නොකඩවා වාර්ෂිකව පංචාංග ලිත් 11 පිළියෙල කිරීමේ ප්‍රතිඵලයක වශයෙන් ජන්ම පත්‍ර සැකසීමට ද පලාපල කථනය කිරීමට ද හැකි විය. එකල දුර ඈත ප්‍රදේශවල සිට පැමිණි රදළයින් සහ ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ ජන්ම පත්‍ර සැකසීම් සහ ආධ්‍යාත්මික උපදේශ ලබා ගැනීමට විශාල ජනකායක් මෙතුමා කරා නොකඩවා පැමිණෙන්නට විය. පසුව නෝස්ත්‍රදාමස් විසින් ප්‍රංශ සිවුපද කාව්‍ය දහසක් සහ ශ්ලෝක ඇතුළත් කොට පොතක ලිවීම ආරම්භ කරන ලදී.

තමා ලියන අනාවැකිවලට එකල තිබූ ආගමික පරිසරය තුළ විරුද්ධවාදීන් වෙතින් යම් අනතුරකට භාජනය විය හැකිව තිබුණ නිසා ඒවා ඔහුගේ අර්ථයත් “රහස් ඉඟි’ යොදා ගනිමින් ප්‍රකාශ කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දුනි. එය එක්තරා උපාය මාර්ගයක් ලෙස සලකනු ලබයි. “අනාගත වාක්‍ය” නමින් (ඊඩඥ ර්‍ථපධනඩඥජඪඥඵ) පොතක්ද හෙළි දැක්විය. ගී‍්‍රක, ඉතාලියානු, ලතින් සහ ප්‍රොවෙන්කල්ව යන භාෂාවන් ද එකල පැවැති ප්‍රාකෘත භාෂාවක්ද ඊට යොදා ගන්නා ලදී.

මිචෙල් ඩි. නෝස්ත්‍රදාමස්ගේ ලොව ප්‍රචලිත විස්මජනක අනාවැකි තොරතුරු ඉදිරියේදී බලාපොරොත්තු වන්න.

 

 

හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්)

ඡ්‍යොතිෂ /වාස්තු පර්යේෂක

ඡ්‍යොතිෂ ඩිප්ලෝමා /ඡ්‍යොතිෂ උසස් ඩිප්ලෝමාධාරි

ඉන්දීය චන්දිගාර් විශ්වවිද්‍යාලය

අනුබද්ධ ශිරෝමනී උපාධි විද්‍යාර්ථි

ඡ්‍යොතිෂවේදී ආචාර්ය

විජය සමරසිංහ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.