වර්ෂ 2025 ක්වූ January 24 වැනිදා Friday
නිරිඳුන් තිදෙනා තරුවෙන් දිළෙනා මග අහගෙන යති දැක්මට ජේසු බිළින්දා
බෙත්ලෙහෙම දෙසින් බටහිර අහසේ තරුවක් පායා ඇති බව දුටු ශාස්ත්‍රඥයින් තිදෙනෙකු මහත් ආලෝකයක් විහිදවමින් පැවැති මේ අපූර්ව තාරකාව නම් අදහාගත නොහැකි ශුභාරංචියක පෙරනිමිත්තකැයි නිගමනය කළේය.
දිගුකලකට පසුව අහස සිසාරා ආලෝකය පතුරවමින් පැවැති එම තරුව නම් මේතාක් කල්හි ලෝකය බලා සිටි ගැලවුම්කාරයාණන් වහන්සේගේ බිහිවීම යයිද කියා සිටියේ ය. ඒ අනුව අහස් ගැබෙහි දර්ශනය වෙමින් තිබූ දිසාව බලා පියමන් කළ ශාස්ත්‍රඥයින් තිදෙනා රත්ත්‍රන් සුවඳ ලාමු හා කට්ට කුමන්ජල්ද රැගෙන ගියේ ගැලවුම් කාරයාණන් වහන්සේ පිදීමටය. පායා තිබු තරුවේ ආලෝකය ගව ලෙනක් තුළට දිස්වෙමින් තිබෙනු දුටු මේ ශාස්ත්‍රඥයින් තිදෙනා මහත් සතුටට පත්ව එදෙසට ගමන් කළේ නියමිත වශයෙන්ම ගැලවුම්කාරයාණන් වහන්සේ එහි බිහිවී ඇති බවට ම නිගමනය කරමිනි.
ඊශ්‍රාලයට අයත් ජුදා ප්‍රදේශයේ ආණ්ඩුකාරයා විසින් එහි ජීවත්වන වැසියන්ගේ සංගණනයක් පැවැත්වීමට නියම කෙරිණ.
එම සංගණනයට පෙනී සිටීම සඳහා ජුසේතුමා හා මරියතුමිය බෙත්ලෙහෙමට පැමිණියහ. නවාතැන් ගැනීම සඳහා කිසිදු ස්ථානයක් සොයා ගැනීමට ඔවුන්ට නොහැකි විය. ජෙරුසලමේ ජනාකීර්ණ ස්ථාන සියල්ලම පිරී පැවතුණි. මේ නිසා නවාතැනක් සොයා ගැනීමට නොහැකි වු නිසා මේ යුවළ ජුසේ තුමා හා මරිය තුමිය අසල වූ ගව ලෙනකට ඇතුළු වූයේ වෙනත් නිවහනක් සොයා ගැනීමට නොහැකිවු බැවිනි. ඒ වනවිටත් මරියතුමියට ප්‍රසව වේදනාව දැනෙමින් තිබුණි. මධ්‍යම රාත්‍රිය උදාවිය. මරියතුමිය ලෝකයා අවධි කරවමන් තම කුළුඳුල් පුත්‍රයා බිහි කළාය. එවෙලෙහිම අහස්කුස මහත් ආලෝකයක් පතුරවමින් පුදුමාකාර තාරකාවක් දිස්විය. ලෝකයා බලාපොරොත්තුව සිටි ගැලවුම් කාරයාණන්ගේ උපත සිදුව ඇති බව තාරකා නිරීක්ෂකයින් හා නක්ෂත්‍රයෙන් දැන ගත්හ. ඒ අනුව ශාස්ත්‍රඥයින් තිදෙනකු එතුමාට නමස්කාර කිරීම සඳහා බෙත්ලෙහෙමට ගියහ.
මේ අතර සුරදූතිකාවන්ගේ සුමදුර ගී හඬ දසත පැතිර ගියේය. අහසේ දිස් වෙන අපූරු තරුව ඔස්සේ එඬේරුන්ද ගවලෙන වෙත ඇදී ආහ. ශු, මැතිඳුගේ ශුභාරංචියට අනුව මෙම පුදුමාකාර තරුව බෙත්ලෙහෙම් තාරකාව පිළිබඳව සඳහන් කර ඇත්තේ මෙම තරුව තුන්වරක්ම පඬිවරුන් දුටු බවයි. ගී‍්‍රක භාෂාවෙන් මෙහි අර්ථනාමය ඇනටෝල් යනුවෙන් හඳුන්වාදී ඇත. ජ්‍යෙතිෂයට අනුව මෙහි පෙන්වාදී ඇති අරුත වී ඇත්තේ සූර්යා ලෝක බද්ධ තාරකාව ලෙසයි. අහස්ගැබේ පායා තිබු මේ පුදුමාකාර තාරකාව අනුව පැමිණි රජතුන් කට්ටුව පඬිවරු තිදෙනා ගෙන් යුදයින්ගේ රජුගේ උත්පත්තිය පිළිබඳ ඇසු මහහෙරෝද් රජු මහත්සේ කැළැඹුණි. ඉන් කෝපයටත් ,වෛරයටපත් වූ ඔහු තමාට ඉහළින් කිසිවකුටත් සිටීමට නොදිය යුතුයයි සිතමින් ඒ ගැන රහසිගතව විමසන්නට උනන්දුවිය. එහි පැමිණි පඬිවරුන් හෙරෝද් රජුගේ පව්කාර සිතුවිල්ල පෙනී හෙරෝද්ගෙන් පිළිඳුන්ට විපතක් සිදුවේ යැයි බියෙන් පැමිණ දන්වා සිටියේ ජේසුතුමාව රැගෙන ආරක්ෂිත ස්ථානයකට පලා යන ලෙසයි.
ඒ අනුව ජුසේතුමා හා මරිය තුමිය බිලිඳු ජේසු කුමරු රැගෙන ඈත පළාතකට පලා ගියහ. ජේසු සමිඳුන්ගේ උත්පත්තිය සිදුවීම පිළිබඳව ශුභාරංචිය ප්‍රථමයෙන් හෙළිකර ගනු ලැබුවේ එඬේරුන්ය. එමෙන්ම දේවදූතයන්ගෙන් ගෙන ආ පුවත ද හාස්‍යජනක මංගල පුවතකි. ඒ ස්වාමින් වන ක්‍රිස්තුස් නම් ගැලවුම් කාරයාණන් වහන්සේ දාවිත්ගේ නුවර උපන් බවය. ජේසුතුමාගේ මෑණියන් වන මරියතුමියගේ සහ පියාණන් වන ජුසේතුමාගේ උපන් ප්‍රදේශය නාසරෙත්ය. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තම දේව සේවය සඳහා තෝරාගනු ලැබුවේ කපර් නවුන් නගරයයි. ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ ප්‍රාතිහාර්ය පාමින් රෝගීන් සුවකළ සිනගොජ් (ඉකව්ඒට්ර්‍ණට්උඡ්) ස්ථානය පිහිටියේද මෙහිය. කපර්වුන් නගරය ගලීලි මුහුදේ ඉවුරේ පිහිටි නගරයකි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තම ශ්‍රාවකයින් සමඟ එක්ව සිටි ශ්‍රාවකයින්ට ධර්මය ඉගැන් වූ සෙනගොන් නැමැති ස්ථානය ද පිහිටියේ මෙහිය.
ක්‍රිස්තුස් වහන්සේගේ ජීවන චරිතය ගැන බැලීමේදී උන්වහන්සේගේ දේශනා හා ක්‍රියාවන් ප්‍රාතිහාර්යයන්වල ප්‍රමුඛත්වය වී ඇතත් පාපයට වැටුනු මනුෂ්‍යයාව නැවත වරක් පාපයෙන් මුදවා දෙවියන් වහන්සේ සමඟ සම්බන්ධතාවය ඇතිකරවන්නයි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ප්‍රධාන කොට කරුණු දෙකක් කිතු දහම තුළ පෙන්වා දුන්නා. සියලු යහපත වූ දෙවියන් වහන්සේට පේ‍්‍රමකරන්නත් අසල්වැසියාට පේ‍්‍රමකරන්නත් කියන මෙම කරුණු දෙක ප්‍රධාන වශයෙන්ම කිතුදහම තුළ බැඳී පවතිනවා. ක්‍රිස්තුස් වහන්සේ වැඩ විසූ සිනගොජ්ය ඉතා ශුද්ධ වු ස්ථානයත් එහි සිට කරනු ලැබූ දේව සේවය නිසා ජීවිත බොහෝ ගණන් පාපයෙන් මුදාගැනීමට හැකිවුණා. එදා හෙරොද් දුෂ්ට පාලකයාගෙන් බේරුණු ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තිය නිසා ලොවේ ක්‍රිස්තු වර්ෂයද ආරම්භ වූණා. අහසේ පෑයු අපූර්ව වල්ගා තරුව දුටු ශාස්ත්‍රඥයන් ඡ්‍යොතිෂානුකූලව බලා ශාස්ත්‍රඥානයෙන් විමසා බලා ලොවට සාමය උදාකිරීමට බිහිවී ඇති යේසුස් ක්‍රිස්තුස් සමිඳාණන්ට ශාස්ත්‍රඥයන් ගෙන ගිය මංජුසා විවෘතකර රන්රිදී කට්ට කුමන්ජල් හා සුවඳලාටු යන ත්‍යාග ජේසු බබාට පූජා කළහ.
සටහන
බී. ඇල්. පේ‍්‍රමරත්න