වර්ෂ 2024 ක්වූ November 22 වැනිදා Friday
නිවසක් ඉදිකරන්න පෙර සිතා බැලිය යුතු කරුණු
ජුනි 14, 2019
ඔබ නව නිවසක් ඉදිකිරීමට බලාපොරොත්තු වන්නේ නම් හෝ පැරණි නිවසට අලුතින් කොටස් එකතු කිරීමට හෝ කුමන ආකාරයක ඉදිකිරීමක් කිරීමට බලාපොරොත්තු වන්නේ නම් ප්‍රථමයෙන්ම කළ යුතු වන්නේ ගෘහ මූලික ඔබගේත් නිවැසියන්ගෙත් ජන්ම පත්‍ර පරික්ෂා කර බැලීමයි.
ඒ අනුව ගෘහමූලිකව ඒරාෂ්ටක අපල 6,8,12 භාව අධිපතියන්ගේ දශා, අතුරු දශා ආදිය ලබා තිබේද යන්න විශේෂයෙන් බැලිය යුතුය. එවැනි ග්‍රහ පිහිටීම ඇතනම් ආරම්භක නැකත ශුභ වුවත් ලෙඩ දුක්, ධන හානි ආදී කරදර ඇති වී නිවසේ වැඩ කටයුතුවලට බාධක ඇතිවේ.
වඳ භාර්යාව සහ දරුවන්ටද මාරක අපල ඇතිදැයි පරික්ෂා කළ යුතුය.
කෙනෙකුගේ කේන්ද්‍රයේ සිව්වැන්න නිවාස ඉඩකඩම් ආදිය පෙන්නුම් කරන ස්ථානය බැවින් ගෘහ මූලිකව සිව්වැන්න අධිපතිගේ අතුරු දශාවක් ලබා තිබීම සුබඵල දීමට හේතුවේ. තවද එකොළොස් වැන්න අධිපතිගේ මහ දශාවක් සමඟ සිව්වැන්න අධිපතිගේ අතුරු දශාවද සුබ ඵල දීමට හේතු වේ. එසේම දසවැන්න හෝ නවවැන්න අධිපතිගේ මහ දශාවත් සමඟ සිව්වැන්න අධිපතිගේ අතුරු දශාවද සුබදායක වේ.
සිව්වැන්න ගුරුගේ ස්වක්ෂේත්ර රාශියක් හෝ උච්ච රාශියක් වී ගුරුගේ මහ දශාව පැවතීමද නිවස ඉදිකිරීමට සුදුසුය. තව ගෝචරයෙන් ගුරු සිව්වැන්නේ ගමන් කිරිමේදී ගුරුගේ අතුරු දශාවක් පැවතීමද නිවාස ඉදිකිරීම ආරම්භයට සුදුසුය.
තවද සිව්වැන්න සිකුරුගේ මිත්‍ර උච්ච ස්වක්ෂේත්ර රාශියක් වී සිකුරු එහි තැන්පත්ව සිකුරුගේ අතුරු දශාවක් හෝ මහ දශාවක් පැවතීමද නිවාස ඉදිකිරීමට සුදුසුය. කෙසේ නමුත් කුඩා දරුවන්ගේ උපන් නැකත්වලට නිවාස නැකත් නොසෑදිය යුතුය.
ගෘහ නිර්මාණයේදි විශේෂ අවස්ථා තුනක් වේ. එනම් අත්තිවාරම් කැපීම මුල්ගල් තැබීම සහ ජනෙල් උළුවහු තැබීම යන ත්‍රිවිධ කාර්යයයි.
මෙයින් අත්තිවාරම් කැපීම සඳහා වාස්තු විද්‍යානුකූලව සුදුසු නැකත් වන්නේ අධෝමුඛ නැකත් ලෙස සැලකෙන පුවපල්, පුවසල, පුවපුටුප , අස්ලිස ,බෙරණ, කැති, මුල ,මා, විසා ආදියයි.
නිවසක සැලැස්ම වාස්තු විද්‍යාවට අනුකූල විය යුතුයි. මෙහිදී නිවස ඉදිකරන ඉඩමේ දිශාවන් සහ අතුරු දිශාවන් අනුව නිවසේ අභ්‍යන්තර කාමර, එනම් මුළුතැන්ගෙය, නිදන කාමර, වැසිකිළිය, නාන කාමර, සාලය පාඩම්කරන කාමර ආදිය වාස්තුමය දිශාවන් අනුව සැලසුම් කළ යුතුයි. නිවසේ වර්ගඵලයද නිවැසියන්ට ශුඵඵල දෙන ආකාරයට විය යුතුය.
ඉඩමේ ගිනිකතුර වැටෙන ස්ථානයත් නිවසේ ගිනිකතුර වැටෙන ස්ථානයත් එකිනෙකට සම්පාත නොවිය යුතුය. ඉඩමේ ගිණිකතුර නිවසේ බිත්ති මතට නොවැටිය යුතුය.
නිවසේ වැසිකිළි මුළුතැන්ගෙය සාලය ඉඩමේ ගිණිකතුරට හසු නොවිය යුතුය.
වහලයේ යටලීයට පිරිද්දුම බාල්ක කුරුපා, උළුවහු ජනේල ඉඩමේ මැද බ්‍රහ්ම පාදයේ ගිනි කතුරට අසුවීම දෝෂ සහිතය. තට්ටු ගොඩනැගිල්ලක නම් නිවස තුළ පඩි පෙළ බටහිර දිශාවට බැස්මට නොතබන්න.
නිවසක මැද බ්‍රහ්ම පාදය පසුවන කොටසේ වතුර සහිත මාළු ටැංකි සුදුසු නැත. සැලසුමේ දිශාගත මුළු හිස් නොකර පොළොව යටින් හෝ ගල් දමා සමකළ යුතුය.
නිවසේ උළුවහු තැබීමේදී ක්‍රම තුනක් අනුගමනය කරයි. එනම් අක්ෂය පාද නවයකට බෙදා තුන්වැනි සහ හතරවැනි පාදවල උළුවහු තැබීම, දෙවැන්න නිවසේ අක්ෂ හතර පාද අට බැගින් බෙදා සුදුසු පාද වල තැබීම, තෙවැන්න නිවස් අක්ෂ පාද පසළොවකට බෙදා සිකුරු, ගුරු, කුජ යන පාදවල උළුවහු තැබීම යන ආකාරයයි. නිවසේ මුළුවල උළුවහු නොතැබිය යුතුය.
නිවසක් ඉදිකරන භූමිය පිළිබඳවද විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුය. නිවසක් ඉදිකිරිමේදී භූමියේ හැඩය ගැන සැලකිය යුතුයි. විශේෂයෙන් සඳහන් කරන්නේ නම් හතරැස් හෝ චතුරස්රාකාර ඉඩම් සුබපල ඇති කරයි. ඊළඟට මුල කොටස පළල්ව අග කොටස සිහින් වී ගිය පතාකයකට සමානවූ භූමියද ශුභඵල දෙන්නකි.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
ඡ්‍යොතිෂවේදී වාස්තු විද්‍යා උපදේශක
යාන්ත්‍රික ඉංජිනේරු
නිශාන්ත විජේසේන
෴ සබැඳි ලිපි ෴
ධනාත්මක ශක්තිය ජීවිතයට ළඟා කරන්න හෝ ඔබෙන් දුරස් කරන්න නිවෙසේ ඔබ භාවිත කරන ගෘහ භාණ්ඩ මෙන්ම විදුලි උපකරණ ආදිය හේතු වන බව ඔබ දන්නවා.ඒ අතරින් සෞභාග්‍යය,...
2024-11-21 18:30:00
වාස්තු ශාස්ත්රයේ යෙදෙන බොහෝ දේට නවීන විද්‍යාත්මක පැහැදිලි කිරීම් සිදු කිරීමට වෑයම් කිරීම බොහෝ විට සිදුවේ. ඒවා විස්මිත සොයා ගැනීම් ලෙස ගතානුගතික කර...
2024-11-21 18:30:00
වසර දහස් ගණනක් තිස්සේ විවිධ රටවල සාම්ප්‍රදායිකව පැවැතී ඇති ශාස්ත්‍රයක් වූ වාස්තු ශාස්ත්‍රය රටින් රටට විවිධත්වයකින් යුතුව භාවිතයට පත්ව තිබූ බව පෙනේ....
2024-11-14 18:30:00
යම් නිවැසියකු තම ජීවිත කාලය ඇතුළත බොහෝ කටයුතු සිදුකරන හා සැලසුම් කරන නිවෙසේ වාස්තු තත්ත්වයේ ඇති වැදගත්කම අමුතුවෙන් පැහැදිලි කරදීමක් අවශ්‍ය නොවේ. එසේ...
2024-10-31 18:30:00
වාස්තු දෝෂ පිළිබඳව ශිල්පීන් මෙන්ම වාස්තු සේවාලාභීන් හෙවත් ගෙහිමියන්ද නිරතුරු කතා කරනු ලැබුවත් එවැනි දෝෂ හටගන්නා අවස්ථා හඳුනා නොගැනීම නිසා එවැනි දෝෂ...
2024-10-24 18:30:00
වාස්තු විෂයයෙන් සේවාව ලබා ගන්නා භවතුන්ගේ යහපතත්, වාස්තු ශාස්ත්රයේ චිර පැවැත්මත් උදෙසා විය යුතුම කාර්යයක් වන්නේ එහි පවත්නා වැරදි අදහස්, දුර්මත පිළිබඳ...
2024-10-17 18:30:00
නිවෙසක් ඉදිකිරීමේ දී බොහෝ දෙනා වැඩි වැඩියෙන් අවධානය යොමු කරන අංගයක් බවට එහි වහලය පත්ව තිබේ. බොහෝ වාස්තු ශිල්පීන් නිවෙසේ වහලය පිළිබඳ තීරණාත්මක අධ්...
2024-10-03 18:30:00
වාස්තු ශාස්ත්රයේ දක්වා ඇති විවිධ සිද්ධාන්තයන් අධ්‍යයනය කරන්නකුට මැනැවින් පසක් වන කරුණු වන්නේ එය ගොඩනඟන ලද්දේ අත්දැකීම් මත ගොඩනැඟුණු ආනුභූතික ඥානය මත...
2024-09-26 18:30:00
නිවහනක් ආර්ථික වශයෙන් කෙතරම් ශක්තිමත් වුවත් එහි සතුටක් නොපවතී නම් කිසිදු ප්‍රතිපලයක් නැත.එහෙත් සතුට ඇති වන්නේද එක් කරුණක් නිසා නොව බොහෝ කරුණූු හේතු...
2024-09-19 18:30:00
තම තමන්ගේ ශාරීරික මානසික සෞඛ්‍යය පිළිබඳව බොහෝ අයගේ අවධානය ඇති වන්නේ විසඳාගත නොහැකි මට්ටමට තත්ත්වය බරපතළ වූ විටයි. අපගේ පරික්ෂාවට ලක් වූ බොහෝ එවැනි...
2024-09-05 18:30:00
ආදායම වැඩි කර ගැනීමේ ක්‍රමවේද ප්රවර්ධනයත් නාස්තිය අවම කර ගැනීමත් මූලික වශයෙන් ධනවත් බවට රුකුල් දෙයි. නව සාර්ථක ආයෝජන වෙත යොමුවීම මෙහි දිගුවක්ද වෙයි...
2024-08-29 18:30:00
වාස්තු ශිල්පීන් බොහෝ විට වැඩි අවධානයක් යොමු කරන එහෙත් බරපතළ ප්‍රතිපල ගෙන නොඑන වාස්තු සාධක අතර දොරවල්, ජනේල කවුළු පිහිටුවීම දැක්විය හැකියි. එහෙත්...
2024-08-22 18:30:00
වාස්තු පිළිබඳව සාකච්ඡා කිරීමේ දී බොහෝදුරට එය නිවෙසට සීමා වන්නක්ව තිබේ. එහෙත් කවර අයුරක සුළු ඉදිකිරීමකදී පවා එයට යම් වාස්තු විද්‍යානුකූල විවරණයක් සපයා...
2024-08-15 18:30:00
කෑම කාමරය යනු අපේ රටේ කලකට පෙර තරමක් විශාල නිවාසවල පැවති ගෘහ අංගයකි. අද එය කෑම ගැනීම සඳහා විවෘතව පවත්නා අවකාශයක් බවට පත්ව තිබේ. එබැවින් සමහරුන්...
2024-08-08 18:30:00
නිවෙසට පිවිසීම සිදුවන්නේ වැරැන්ඩාව හරහා හෝ එසේ නොමැතිව විසිත්තකාමරයට හෙවත් සාලයටයි. එසේම නිවෙසක අභ්‍යන්තරයේ ඇති විවෘතම ස්ථානය බවට පත් වන්නේ සාලයයි....
2024-08-01 18:30:00
නිවෙසක වාස්තු භාවිතයේ දී නිදන කාමරයට ප්රමුඛත්වයක් ලැබීමට හේතු ගණනාවක් බලපාන බව පෙනේ. ඒ අතරින් ජීවිතයේ වැඩිම කාලයක් රැඳී සිටින ස්ථානයක් වීමත්, ඉතා...
2024-07-25 18:30:00