රෝග රැසකට ගුණදෙන රණවරා

දෙසැම්බර් 31, 2021

නීරෝගීකම රැක ගැනීමටත්, සමේ පැහැපත් බව වර්ධනය කර ගැනීමටත්, රෝගවලින් මිදීමටත් මහඟු ප්‍රතිකාරයක් වන රණවරා මල් තම්බා බීමෙන් සමේ පැහැපත් බව මෙන්ම දියවැඩියා රෝගය පාලනය කිරීමේ හා උගුරේ ආසාදන පාලනය කිරීමේ හැකියාව ඇත. දේශීය හා ආයුර්වේද වෙදකමට විශේෂයෙන් යොදාගනු ලබන රණවරා මල් තම්බා බීමෙන් ද සිරුරේ ආලේප කර ගැනීමෙන් ද කාන්තා රූපසපුවේ අලංකාරය සිදුවේ.

රණවරා ගසේ මුල්, මල්, කොළ පොතු, ඇට යන පංචාංගයම ඖෂධ සඳහා ගනු ලබන අතර, වියළි මල් හැරුණු විට රණවරා ගසේ වියළී ගිය පොතු ද යොදා ගනී. දුඹුරු පැහැති පොත්තකින් යුත් සතර අතට විහිදුණු පඳුරක් මෙන් වැඩෙන මෙම ශාකයේ සංයුක්ත පත්‍ර පිහිටන අතර, කර්ණාකර උප පත්‍ර ද දක්නට ඇත. මෙම උප පත්‍ර කන්පෙත්තක් හා ලක්ෂණයක් පවතී. රණවරා දීප්තිමත් දැකුම්කලු කහ පැහැති මල් එක්ව පොකුරක් මෙන් හටගනී. එම මල් වියළා හෝ අමුවෙන් හෝ තම්බා බීමෙන් සිරුරට මහඟු ගුණයක් ඇතිවේ.

සංස්කෘත භාෂාවෙන් ආවර්තිකා පිතපුෂ්පා යන නම්වලින් හඳුන්වනු ලබන රණවරාවල උද්භිත විද්‍යාත්මක නම වන්නේ ඛ්චඵඵඪච ඒභපඪජභතචබච ය. ශම්බි කුලයට අයත් මෙම පැළෑටියේ විශේෂ ලක්ෂණය වෙනත් ඖෂධීය ශාකවල නොමැති කර්ණාකර පත්‍රවල පිහිටීමයි. මෙම පත්‍ර කන්පෙත්තට සමාන බැවින් එය ඒපපඪජභතචබච යනුවෙන් හඳුන්වා ඇත. රණවරා ශාකයේ පත්‍ර වෙනස් නොවන ආකාරයෙන් එක ප්‍රමාණයට වැඩෙන අතර, එහි කෙළවර කුඩක් හෝ රවුමක් මෙන් පිහිටා ඇත. රණවරා මල් හටගනු ලබන්නේ පෙබරවාරි හා මාර්තු යන මාසවලදීය. ආයුර්වේදයේ සඳහන් වන පරිදි රණවරා ඖෂධයේ ගුණ වශයෙන් රසයෙන් කෂාය හා තිත්ත රස ද ගුණයෙන් ලඝු හා රුක්ෂ ගුණයෙන් ද ශීත වර්ගයෙන් හා කටු විපාකයෙන් ද යුක්ත වන බවයි. රණවරා ඖෂධීය පැළෑටිය කඵ, පිත්, ස්ථම්භක ගුණය ඇති බැවින් බොහෝ රෝග සඳහා යොදාගනී. රණවරා මල් මෙන්ම රණවරා කොළ මැල්ලුම ද ඉතාම ගුණදායකය. රණවරා පංචාංගය යොදාගන්නා කෂාය ද රෝග රැසකටම දෙනු ලබන ඖෂධයකි.

රණවරා මල් ඇල්දියෙන් අඹරා ඇඟ ගෑමෙන් සිරුර සිරුරු පැහැපත් බව ඇතිවේ. රණවරා තම්බා බීමෙන් ද එලෙසම සිරුර පැහැපත් වේ.

ශරීරයට ඉතා ගුණදායක රණවරා කැඳ සඳහා ගනු ලබන්නේ රණවරා කොළ සහ රණවරා මල්ය. පොල් කිරි යොදා සකස් කරගනු ලබන රණවරා කැඳ බීමෙන් සෙම් නසයි. කැඳ බතක් නිරන්තරයෙන් යුක්ත වේ. එම කැඳ පානය කිරීමෙන් ලේ පිරිසුදු කරයි. දියවැඩියා නොහොත් මධුමේහයට රණවරා මුලේ පොතු හා මල් එක පමණට ගෙන වියළා කුඩුකර බීම ඉතාම ගුණදායකය. රණවරා ශාකයේ පොතුවල සියයට විසිපහක් ටැනික් ද සියයට පහක් භෂ්ම ද ඇත. ශුක්‍ර මෝචනය, ප්‍රමේහ රෝග, බෝවන ඇස්ගාය, අජීර්ණය, වමනය , කාෂය, කුෂ්ඨය, ඇදුම, කැස්ස ආදි රෝග සඳහා රණවරා ඖෂධයේ කොටස් යොදාගනී. වර්තමාන සමාජයේ සමහරුන් ඖෂධීය කැඳ වර්ග යොදා ගැනීමට නිසි අවබෝධයක් නොමැතිකම නිසා එයට නොලැබෙන බව පෙනේ. රණවරා කැඳ සාදා ගැනීමේදී ළපටි රණවරා කොළ මිටක් හෝ දෙකක් ගෙන හොඳින් පිරිසුදු කර කරපිංචා ඉති හතරක් පහක් ද කලින් මෙන් පිරිසුදු කර සෝදා නිවුඩු කැකුළු සහල් ග්‍රෑම් දෙසියක් පමණ ද ඉඟුරු කෑල්ලක් ද සුදුලූනු බික් දෙක තුනක් ද ලුණු ස්වල්පයක් ද ගෙන රණවරා , කරපිංචා කොළ සමඟ කොළ කොටා මිරිකා තබාගන්න.

අනතුරුව අවශ්‍ය ප්‍රමාණයට පොල් ටිකක් ද ගා මිරිකා පොල් කිරි ද සකස් කරගන්න. නිවුඩු සහල් ටික සෝදා හැලියකට දමා වතුර සමඟ ඉඟුරු ,සුදුලූනු , රතුලූනු, බික් කීපයක්ද සමඟ ලිප තබා සහල් තැම්බෙන විට සහල් හැන්දකින් තලා පොඩිකරගන්න. එසේ බත් වූ විට එයට පොල්කිරි දමා හොඳින් කලවම් කර බා නිවුණූ පසු පානය කිරීමට සකස්කරගත හැකිය. රත්පිත මූත්‍රදෝෂ, ප්‍රමේහ පාණී, අර්ශස්, වාත නෂ්ටකාම, ස්ත්‍රී රෝග, සමේ රෝගයන් නිරෝග ආදී රෝග රැසක සුවයට දෙනු ලබන දශවග ප්‍රමෙස්හ තෛලය රණවරා මුල්, බෙලිමුල් පොතු , ඇහැලමුල් පොතු, ආඩතෝඩා මුලේ පොතු, බේත් එරඬු මුලේ පොතු කොටාගත් ඉස්ම සමඟ කල්කය සඳහා කළුදුරු, සූදුරු, කරාබු , වසාවාසි , සාදික්කා, එනසහල් , කුරුඳු පොතු, කොල්ලන් කොළ, අරළු, බුළු, නෙල්ලි, ඉඟුරු, ගම්මිරිස්, තිප්පිලි, දේවදාර , සුවඳ කොට්ටං , ජටාමාංශ, ඉඟුරුපියළි, උළුහාල්, වැල්මී, උඳු, අරත්ත , සුදුලූනු, ඇද්දෙමට මුලේ පොතු, පළොල් මුලේ පොතු වේලා බැවිල මුල්, බටුමුල්, සස්සඳමුල්, කොල්ලු, ශතපුෂ්ප, සෙන්කොට්ටන්, ඉඟිනිඇට, එනසාල්, එරමුසුමුල්, අරන්කහ, වියළිකහ, වෙනිවැල්ගැට , අමුකහ , සාරණ , ඉරිවේරිය කළුව අල , හාතාවාරිය, කිරිබදු අල, බින්තල් අල, කලාදුරුවල ගස්, අසමොදගන්, කුඹුරු ඇටමද පෙරුම්කායම්, රත්නෙටොල්, රත්කිහිරය, වැල්මදට, අබ,උළුහාල්, උක්පැණි, පානය සඳහා සාදාගත යුතුය.

රණවරා, පොතු චර්ම රෝග සහ අර්ශස් රෝග වලදී විශේෂයෙන් ගුණදායක වන අතර රණවරා කොළ මඟින් අධික බීමත්කමින් ඇතිවන අක්මා රෝගවලදී අක්මාව ආරක්ෂා කිරීම ද සිදුවේ. මූත්‍ර පිට කිරීමට අපහසුතාවයෙන් වේදනාවට පත්වන රෝගීන්ට රණවරා මුල් තම්බා බීමෙන් සහනයක් ලැබේ. දියවැඩියා රෝගීන්ටද රණවරා මල් තම්බා බීම ගුණදායකය. තොලකට පැලී වේදනාවට පත්වන අවස්ථාවේදී රණවරා කොළ සැපීමෙන් හා රණවරා කොළ තම්බා කට සේදීමෙන් ගුණයක් ලබාගත හැකිය. රතිකාමරන්න තෛලය රණවරා කොළ පොතු යුෂ ඇතුළු සපු කොළ යුෂ, පළොල් හාතාවාරිය, නික කරඳ , මුරුංගා, පුපුරු කුඹුරු, අට්ටික්කා, තොටිල, ඇද්දෙමට, කපු, එඬරු, කීකිරිඳිය, රසකිඳ, ලුණුවරණ, ආදී ඖෂධවල කොළ, අල, පොතු, යුෂද කොසඹ තෙල්, උක්පැණි තැඹිලි වතුර ද දෙහි ඇඹුල් ද එක්කරගනු ලබන අතර කල්කය සඳහා එළකිරි , ගිතෙල්, එඬරු තෙල්, තලතෙල්. පෙතන්මල්, වතුසුද්ද මල්, නාමල් ,රත්මල්, මයිලමල්, කහමල්, කහ දෙබට මල, අරලිය මල්, එළ කටරොළු මල්, ගොඩමානෙල් මල් ආදී මල් වර්ග ඇතුළු තවත් ඖෂධ රැසක්ම යොදාගනී.

බත්තරමුල්ල පැළවත්ත

රාජපුර වෙද මැදුරේ

ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය

සුමිත් රාජපුර

සටහන

මාධ්‍යවේදී

බී.ඇල්. පේ‍්‍රමරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.