කලව අස්ථියේ ගෙල කොටසෙහි සිදුවන බිඳීම්

Fracture of Neck of Femur
නොවැම්බර් 8, 2024

වැටීම් ආශ්‍රිතව සිදුවන අස්ථි බිඳීම්වලින් ප්‍රධානම අස්ථිබිඳීම් ප්‍රභේදයක් ලෙස කලව අස්ථියේ ගෙල කොටසෙහි සිදුවන බිඳීම් දක්වන්නට පුළුවන්. මැදි වයස ඉක්මවූ හෙවත් ආර්ථවහරණයට ලක් වූ කාන්තාවන් අතර මේ වර්ගයේ අස්ථි බ්ඳීම් සුලභව සිදුවනවා. මේ බි¼දීම සඳහා එතරම් උඩකින් වැටීම පවා අවශ්‍ය නොවන අතර කකුල පෙරලීම, පය පැටලීම සහ ලිස්සා යාම වැනි අනතුරු නිසා පොළොව මත වැටීම ද ප්‍රමාණවත් වනවා.

ඔබ අර්ථවහරණයට ලක් වූ කාන්තාවක් නම් සෑම විටම වැටීම්වලින් ප්‍රවේසම් වීමට වග බලා ගත යුතු වන්නේ මේ නිසයි. මේ අස්ථි බිඳීමෙන් අනතුරුව කලව අස්ථියේ හිස කොටස එයට පවතින සාපේක්ෂව අඩු රුධිර සැපයුම නිසා මිය යාමට හෝ විනාශ වී යාමට වැඩි ඉඩක් පවතිනවා. එම නිසා අස්ථි බිඳීම සුවවීම ඉතා බරපතළ වන්නට පුළුවන්. එම නිසා ප්‍රතිකාරවලට වඩා වළක්වා ගැනීම සෑම විටම වැදගත් බව මතක තබා ගන්න.

ආර්ථවහරණයට ලක් වූ කාන්තාවන් අතර මේ අස්ථිබිදීම වඩාත් සුලභ වන්නට හේතු වන්නේ අර්ථවහරණයෙන් පසුව ශරීරයේ ඇතිවන හෝමෝන අසමතුලිතතාවයන් නිසා අස්ථි ඝනත්වය අඩු වී ඔස්ටියෝපොරෝසිස් නම් රෝගී තත්ත්වය වැලඳීමයි. අනෙක් පුද්ගලයන්ටද ඔස්ටියෝ පොරෝසිස් තත්ත්වය පවතිනවා නම් සුළු වැටීමකින් වුවත් මේ වර්ගයේ අස්ථිබිදීම් ඇතිවීමට වැඩි හැකියාවක් පවතිනවා.

අස්ථි බිඳීම ඇතිවීමට බලපාන සාධක

අනවශ්‍ය පරිදි මත්ද්‍රව්‍ය සහ කැෆේන් අඩංගු පාන වර්ග භාවිතය.

ශාරීරික ක්‍රියාකාරකම් මදිකම.

සිරුරේ නියම දේහ බර නොතිබීම.

වැඩි උසින් යුතු පුද්ගලයින්ට මේ අස්ථි බිඳීම් සිදුවීමේ අවදානම වැඩිය.

පෙනීමේ දුර්වලතාවයන්.

දුම්පානය කිරීම.

අස්ථි ඝනත්වය අඩු වීමට හේතුවන ඖෂධ වර්ග දිගු කාලයක් භාවිත කිරීම.

ඩිමේන්ෂියා රෝගී තත්ත්වය.

වයස වැඩිවීමේදී ද මේ වර්ගයේ අස්ථිබිඳීම් ඇතිවීමේ ප්‍රවණතාව වැඩිවේ.

අස්ථි බිඳීම් සිදුවන ආකාර

කලව අස්ථියේ ගෙල කොටසේ සිදුවන අස්ථි බිඳීම ප්‍රධාන කොටස් හතරකට වර්ග කර දක්වන්නට පුළුවන්. විවිධ න්‍යායන්ට අනුව මේ වර්ග කිරීම් කළ හැකි අතර පහතින් දක්වා තිබෙන වර්ග කිරීම අප සිදුකර තිබෙන්නේ නිර්ණායක දෙකක් මත පමණක් පදනම්ව බව අවබෝධ කරගන්න.

පළමුවැනි වර්ගය

මෙහිදී ගෙල කොටස සම්පූර්ණයෙන්ම බිඳී නොයයි. පිපිරුමක් පමණක් සිදුවේ .අස්ථියේ හිස කොටස කිසිදු විස්ථාපනයක් සිදු නොකරයි.

දෙවැනි වර්ගය

මෙහිදී අස්ථියේ ගෙල කොටස සම්පූර්ණයෙන්ම වෙන් වී යන පරිදි බි¼දීම ඇතිවේ. එහෙත් අස්ථියේ හිස කොටස කිසිදු විස්ථාපනයකට ලක් නොවේ.

මේ ආකාර දෙකට සිදුවන අස්ථි බිඳීම්වලින් පසුව වේදනාව පැවතුණද රෝගියාට අඩිය තබා ඇවිදීමේ හැකියාව ලැබේ.

තුන්වැනි ආකාරය

මෙහිදී ගෙල කොටස සම්පූර්ණයෙන්ම බි¼දීමට ලක්වන අතර බිඳීමෙන් පසුව හිස කොටස අර්ධ වශයෙන් සන්ධියෙන් ඉවතට විස්ථාපනය වේ.

හතරවැනි ආකාරය

මෙහිදී සම්පූර්ණ වශයෙන්ම ගෙල කොටස බිඳී යන අතර හිස කොටස සම්පූර්ණ වශයෙන්ම සන්ධියෙන් ඉවතට විස්ථාපනය වේ.

ප්‍රතිකාර

කලවා අස්ථියේ ගෙල කොටසෙහි සිදුවන මේ බි¼දීම ඉතාම ඉක්මනින් ප්‍රතිකාර කළ යුතු තත්වයක් වනවා. නියමාකාරයෙන් සිදුකරන රෝග විනිශ්චයකින් පසුව වහාම හිස කොටස විස්ථාපනය වී තිබේදැයි සොයා බලා එය නැවත සංධිය තුළට ප්‍රතිස්ථාපනය කළ යුතු වෙනවා. ඉන්පසුව සන්ධිය සුවවීම සඳහා රෝගියාගේ වයස සහ සිදුවී ඇති බිඳීමේ ස්වභාවය අනුව පාරම්පරික පත්තු භාවිත කරන්නට පුළුවන්. ඉතාම විශේෂිත ප්‍රතිකාර ක්‍රම මඟින් ඉතාම කෙටි කාලයක් තුළදී සන්ධිය නැවත පෑස්සීමේ හැකියාව පවතිනවා. මෙය ඉතා දක්ෂ වෛද්‍යවරුන් විසින් පමණක් සිදු කරන කටයුත්තක්. සාමාන්‍ය ප්‍රතිකාර ක්‍රමවේදයට අනුව පත්තුව බැඳීමෙන් පසුව පතුරු තබා සන්ධිය නිශ්චලව තැබිය යුතු වනවා. මෙසේ නිශ්චලව තබන සම්පූර්ණ කාලය තුළදීම ආබාධයට ලක් වූ පාදය බිම තබා ඇවිදීම නොකළ යුතුයි. සාමාන්‍යයෙන් මාස තුනක් හෝ ඊට වැඩි කාලයක් මේ අස්ථි බිඳීම සම්පූර්ණයෙන්ම සුවවීමට ගතවන්නට පුළුවන්. තරුණ පුද්ගලයන්ගේ සුව වීමේ වේගය වඩාත් වැඩි නිසා වඩා අඩු කාලයක් තුළදී සුව කර ගැනීමේ හැකියාව පවතිනවා. සන්ධිය නියමාකාරයෙන් සුව වූ පසුව කකුල නොසොල්වා තබා ගැනීම නිසා චලන පරාසයන් අඩුවීම, මාංශ දුර්වලතාවය සහ සමහර අවස්ථාවලදී අස්ථි දුර්වලතාවයන් ද ඇතිවන්නට පුළුවන්. එවැනි අවස්ථාවලදී සන්ධිය සම්පූර්ණයෙන්ම සුව වූ පසුවත් පවතින මේ සංකූලතාවයන් සඳහා පාරම්පරික ප්‍රතිකාර, චීන කටු වෛද්‍ය ප්‍රතිකාර සහ නිවැරදි උපදෙස් මත සිදු කරන ව්‍යායාම භාවිත කරන්නට පුළුවන්.

ප්‍රථමාධාර

වැටීමක් නිසා අනතුරක් සිදුවී තිබෙන විට උකුල් සන්ධියෙන් විශාල වේදනාවක් දැනේ නම් එම පාදය හැකිතාක් නොසොල්වා තබා ගන්න.

අනතුර සිදු වූ විගස නැගිටුවා ඇවිදීම නොකරන්න.

අනතුරට ලක් වූ පාදය ඇතුළට හෝ පිටතට කරකැවී පවතින විට එය අතින් අල්ලා අනෙක් අතට කරකැවීමෙන් වලකින්න.

වේදනා දෙන උකුල් සන්ධිය පොළොවට තද වී සිටින සේ රෝගියාව පැත්තට දිගා කිරීමෙන් වළකින්න.

කකුලට පතුරු තබා බැඳ හෝ කකුල් දෙකම එකට සිටින සේ වෙලා හැකි තරම් වේදනා ගෙනදෙන පාදය නොසෙල්වෙන ආකාරයට රෝගියා වෛද්‍යවරයා වෙත යොමු කරවන්න.

වෛද්‍යවරයා වෙත යොමු කරන තෙක් වේදනාව සහ ඉදිමුම ඇති උගුල් සන්ධියට අයිස් තැබීම සිදු කරන්න. මෙමඟින් වේදනාව සහ ඉදිමීම වළක්වාගත හැකියි.

පාරම්පරික සර්වාංග

කැඩුම් බිදුම් විශේෂ

වෛද්‍ය ජෙනාඩ් භානුක ධර්මප්‍රිය

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.