වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
සන්ධිගත වාතය
ලොකු සන්ධිවලට මෙන්ම කුඩා සන්ධිවලටද මෙම රෝගය බලපාන අතර, සන්ධිවල වේදනාව උදෑසන පැය භාගයක් පමණ ඇති වේ. සන්ධි ඉදමුම මාංශපේශී හා කණ්ඩරා ක්ෂය වීම සන්ධි විකෘති වීම සන්ධි චලනය කළ හැකි සීමාව අඩු වීම ක්‍රියා කරවීමේ හැකියාව අඩු වීම අත් පා චලනය කරන විට අස්ථි සන්ධිවල ගැටෙන ශබ්ද ඇසීම වැනි මෙවැනි රෝග ලක්ෂණ හට ගනී.
වැඩිහිටියන් සඳහා බහුලවම දක්නට ලැබෙන රෝගයකි. සන්ධිගත වාත රෝගය අවුරුදු 40 ට වඩා වැඩි ගැහැනු සහ පිරිමි දෙපක්ෂයටම වැළඳෙන මෙම වාත රෝගයට කාන්තාවන් බහුල වශයෙන් ගොදුරු වන්නේ ඔසප් චක්‍රය නතර වූ පසුය. මෙය අස්ථි සන්ධි ආශි‍්‍රතව වේදනාව ගෙන දෙන ශරීරයේ බර දරා සිටින සන්ධි වලට බෙහෙවින්ම බලපායි .
රෝගයට බහුලව ගොදුරු වන සන්ධි අතේ ඇඟිලි කෙළවර පුරුක් සන්ධිය බොහෝ විට මුලින්ම ගොදුරු වන අතර, ඇඟිලි මුල් පුරුක් සන්ධිය, මැණික් කටු සන්ධිය, උකුල් ඇට සම්බන්ධ වන සන්ධිය පසුකාලීනව උකුල් සන්ධියත් දණහිස් සන්ධියත් ගොදුරු වේ.
ලොකු සන්ධිවලට මෙන්ම කුඩා සන්ධිවලටද මෙම රෝගය බලපාන අතර, සන්ධිවල වේදනාව උදෑසන පැය භාගයක් පමණ ඇති වේ.
සන්ධි ඉදමුම මාංශපේශී හා කණ්ඩරා ක්ෂය වීම සන්ධි විකෘති වීම සන්ධි චලනය කළ හැකි සීමාව අඩු වීම ක්‍රියා කරවීමේ හැකියාව අඩු වීම අත් පා චලනය කරන විට අස්ථි සන්ධිවල ගැටෙන ශබ්ද ඇසීම වැනි මෙවැනි රෝග ලක්ෂණ හට ගනී.
සාමාන්‍යයෙන් වේදනාව වැඩි වන්නේ අත්පාවල ක්‍රියාකාරිත්වය වැඩි වන විටය. රෝගය වැඩි දියුණුූ වන විට විවේකීව සිටින විට පවා වේදනාව හට ගනී. තෙතමනය සහිත ආර්ද්‍රතාව වැඩි පරිසරයේ මෙන්ම අධික ශීතල පරිසරය ද මෙම රෝගය වැඩි දියුණු කිරීමට හේතු වේ.
මාංශපේශී හා කණ්ඩරා ගැහෙන්නට ගැනීම හට ගත හැක.
ශරීරයේ බර උසුලන සන්ධිය නිසා එයට බලපෑම වැඩිය. කලකදී දණහිස් සන්ධි ඉදිමේ. විශාල වේ. ගෙවේ. වේදනාව තදබලව හට ගනී.
උකුල් සන්ධියට මෙම රෝගය හටගතහොත් විශාල අවදානමකට මුහුණපෑමට සිදු වේ. වේදනාව උකුල් සන්ධියෙන් හටගෙන දණහිස දක්වා පැතිරේ .
කොඳුඇට පෙළට මෙම රෝගය හටගත් විට කොඳු ඇට පෙළේ වේදනාව එහි මාංශ පේශී ගැහෙන්නට පටන් ගැනීම, ස්නායු තෙරපීමේ වේදනාව, හිරිය මෙන්ම මාංශපේශී දුර්වල වීම ද සිදු විය හැක.
සන්ධිගත වාත රෝගයෙන් උරහිස්වලට ඇති බලපෑම අඩුය. නමුත් සෑදුණු විට එය වැඩි දියුණුූ විය හැකිය. උරහිස් සන්ධියට සිදුවූ අනතුරක් හේතුවෙන් පසු කලෙක මෙම රෝගය හට ගත හැකිය.
සාමාන්‍යයෙන් වාත කෝප කරවන ආහාරපාන හා ක්‍රියාකාරකම් රෝගය හට ගැනීමට මෙන්ම වැඩි දියුණු වීමටත් බලපායි.
රළු වියළි කෑම වැඩිපුර ගැනීම අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙන් ආහාර ගැනීම අසාත්මික වන ආහාර සැර, තිත්ත, රස කහට රස ආහාර වැඩිපුර ගැනීම ආහාර අජීර්ණය ආදිය හේතු වේ.
වැරදි ශාරිරික ඉරියව් නැවැත්වීම, අධිකව ව්‍යායාම කිරීම, මල මුත්‍ර ආදිය පිට කළ යුතු වෙලාවට පිට නොකර සිටීම, අධිකව කල්පනා කිරීම, කාම, භය, ක්‍රෝධ ආදී මානසික ස්වභාවයන් පැවැත්වීම, සීතල ජලයේ පිහිනීම, රළු ස්ථානවල නිදා ගැනීම, සුවපහසු නැති වාහනවල දුර ගමන් යාම, දවල් නිදාගැනීම, අනතුරුවලින් අස්ථි සන්ධි තුවාල වීම ආදිය නිසා මෙය හට ගනී.
තරබාරුකම හා ශරීරයේ බර අධිකවීම මෙම රෝගයේ අවදානම් සාධකයකි. මෙම රෝගය ජීවිතයට හානිකරන රෝගයක් නොවේ. ඖෂධ ප්‍රතිකාර මෙන්ම සුදුසු කලට ව්‍යායාම හා සුදුසු ආහාරපාන විහරණ යෙදීමෙන් රෝගයට වැඩි දියුණුූ කර නොගෙන පාලනය කර ගැනීමට හැකිවේ.
එළකිරි, ගිතෙල්, තලතෙල්, තල, කොල්ලු, රතු හාල්, තම්බපු සහල්, වැටකොළු, පතෝල, ඉදුණු අඹ, මිදි, පොල් වතුර,ආහාර ජීර්ණය හොඳින් පවත්වා ගැනීමටත් මල හොඳින් පි ටකිරීමටත් මේවා උපකාරි වේ.
වේදනාව ඇතිවිට ව්‍යායාම කිරීමෙන් වේදනාව තව තවත් වැඩි වීමට පුළුවන. එබැවින් සුදුසු අවස්ථාවේ වෛද්‍ය උපදෙස් අනුව කළ යුතු ව්‍යායාම තෝරාගත යුතුය
කඩල , මුං ඇට, කව්පි, වම්බටු, මෑකරල්, කොස් ඇට, කරවිල මෙවැනි ආහාරවලින් වාත, කෝප වී වේදනාවන් වැඩි වේ. එමෙන්ම අපිරිසුදු ජලය, තුන පහ අධික ආහාර පාන වලින් ආහාර ජීර්ණයට බාධා හට ගැනීමෙන් රෝග ඇතිවිය හැක.
අධිකව කල්පනා කිරීම, ශෝක කිරීම, නිදිමැරිම, මල මුත්‍රා පිට කළ යුතු වෙලාවේ පිට නොකර බොහෝ වේලාවක් දරා සිටීම, අධිකව ශරීරකව වෙහෙස වීම, සීතල ජලය නෑම, වැසි දිනවල වැනි සීතල දිනවල නෑම මේවා මගින්ද වාත කෝප වන නිසා වේදනාවන් වැඩි දියුණුූ වේ.
එබැවින් අහිතකර ආහාරපාන විහරණ වලින් වැළකී සිටීම මෙන්ම සුදුසු ආහාරපාන විහරණ භාවිතය ද රෝගය පාලනය කරගැනීමට උපකාරි වේ.
රෝගය උත්සන්න කරවන හේතු සාධක වලින් වැළකී සිටිය යුතුය. වෛද්‍ය උපදෙස් නිසි පරිදි පිළිපැදීම නියමිත ඖෂධ කලට වෙලාවට ගැනීම, තෙල් ගෑම, තැවීම ආදිය නිසි පරිදි කළ යුතුයි. තමාට අහිතකර ආහාරපාන වර්ග වලින් වැළකී සිටීම මලබද්ධය ඇති වීම වළක්වා ගැනීම දිනපතා උදේට ලුණු කැඳ පානය කිරීම මෙම රෝගය කාලීන රෝගයකි. සුව වීමටද කල් ගත වේ. ඇතැම් විට වේදනාව පමණක් තාවකාලිකව අඩුකර ගත හැකිවේ. එම නිසා ඉතා ඉවසීමෙන් සැලකිල්ලෙන් ප්‍රතිකාර ලබාගත යුතුය.
උපදෙස් ආයුර්වේද වෛද්‍ය නයනා ලියනගේ
බොරැල්ල ශික්ෂණ රෝහල