වර්ෂ 2025 ක්වූ January 24 වැනිදා Friday
පංච කර්මය
අෂ්ට ආයුර්වේදයෙන් යුත් ආයුර්වේදයේ චිකිත්සා පද්ධතිය හෙවත් ප්‍රතිකාර පද්ධතිය විශේෂ විෂය ක්ෂේත්‍ර 08 ක් යටතේ ආදීතම යුගයේ සිටම අප වෙත ගෙන හැරපා දක්වා ඇත්තේ.
1.ශල්‍ය චිකිත්සාව 2.උර්ධ්ව ඡත්‍රගත රෝග චිකිත්සාව 3.සර්වාංග චිකිත්සාව 4.ළමා රෝග චිකිත්සාව 5.යන්ත්‍ර මන්ත්‍ර යාග හෝම බලි,තොවිල් , ඡ්‍යොතිෂ්‍ය ආදිය මූලික චිකිත්සාව 6.වස විස චිකිත්සාව 7.අකලට ජරාවට ව්‍යාධියට පත්වීම වැළැක්වීමේ චිකිත්සාව 8.ප්‍රජනන බීජ හා කාම ශක්තිය දියුණු කිරීමේ චිකිත්සාව ලෙසටය.
පංච කර්මය ලෙස අප සඳහන් කළ සර්වාංග චිකිත්සා වේ, අපතර්පණ හෙවත් ලංඝනය කොටසේ එනම් අප සිරුරේ වැඩි වූ දෝෂ, ධාතුමල ආදිය අඩු කිරීම ක්ෂය කිරීමේදී සිදුකරන ශෝධන විධි පහක් දැක්විය හැකි වන බවත් ඒවා. 1.වමන කර්මය. 2.විරේචන කර්මය 3.නස්‍ය කර්මය, 4.වස්ති කර්මය 5.රක්තමෝක්ෂණය ලෙසට පංච කර්ම චිකිත්සා සේ දක්වා ඇත. ශෝධනය යනු විවිධ හේතුන් නිසා අප දේහයේ කිපියා වූ වා, පිත් සෙම් යන තුන්දොස දූෂ්‍ය භාවයට පත්වීම නිසා ශරීරයෙන් බැහැරට එම කිපියා වූ දොස් බැහැර කිරීමයි. මෙහිදී ශෝධනයන් මඟින් අප සිරුරු වලින් දෝෂ හේතුන් නොහොත් රෝග හේතුන් ඉවත්වීම.
01.වමන කර්මය මඟින් සෙම් දෝෂය ශෝධනය වීමත්,
02.විරේචන කර්මය මඟින් පිත් දෝෂය ශෝධනයත්
03.නස්‍ය කර්මය මඟින් සෙම් දෝෂය ශෝධනයත්
04.වස්ති කර්මය මඟින් වාත දෝෂය ශෝධනයත්
05.රක්ත මෝක්ෂණය හෙවත් දිය පූඩාවන් (දිය කූඩැල්ලන්) මගින් රක්තය ශෝධනයත් සිදු කර ගැනීමට යොදා ගැනීම සිදුකරනු ලැබේ.
පංච කර්ම චිකිත්සාව ලෙස දැක්වීමේදී එය සුව කළ නොහැකි ලෙස අතහැර දමා තිබූ රෝග පවා සුව කළ හැකි බවත් යම් රෝගයක් සඳහා පංච කර්ම විධි නිසිසේ යොදා ගනිමින් සුව කරේද එම රෝගය නැවත කිසි දින ඇති නොවන සේ නිට්ටාවටම සුවය ලබන නිසා ඔබ අපි කා අතරත් පංච කර්ම චිකිත්සාව ඉතා ඉහළ ස්ථානයක රැඳී සිටීමට තරම් බලවත් ස්ථානයක් ලැබී සිටීම ඊට හේතුව වී ඇත.
අපි විසින් නිසි ශෝධන කර්මයක් රෝගියෙකුට යොදයිද එහිදී අනුගමනය කළ යුතු ප්‍රධාන ක්‍රියා මාර්ගය පියවර 03 කින් සමත් වී ඇත.
1.පූර්ව කර්ම 2.ප්‍රධාන කර්ම 3.පශ්චාත් කර්ම
පූර්ව කර්ම ලෙස ශෝධන කර්මයට රෝගියා සූදානම් කිරීම සඳහා ගනු ලබන ක්‍රියා මාර්ග දැක්වීමත් ප්‍රධාන කර්මය ලෙස රෝගියාට නියමිත ශෝධන කර්ම යෙදීමත්, පශ්චාත් කර්ම ලෙස ශෝධන කර්මය යෙදීමෙන් පසු පිළිපැදිය යුතු කරුණුත් ලෙස දැක්විය හැකිය.
පංච කර්ම චිකිත්සාවක් ඇරඹීමට ප්‍රථම පූර්ව කර්මයන්ට රෝගියා භාජනය කළ යුතු බව ඔබ දැන් දන්නා අතර, වමන විරේක, නස්‍ය ආදී ශෝධනයන් යෙදීමට පෙර අප ශරීරයේ ස්‍රෝතස් මාර්ග තුළ සැඟවී ඇති දෝෂයන් මෘදු කොට ද්‍රවතාවයට පත්කර පිටතට බැහැර කිරීමේ කෝෂ්ඨයකට හෙවත් දොරටුවකට ගෙන්වා ගත යුතු අතර, මෙම ක්‍රියාව පූර්ව කර්ම ලෙසත් එය ප්‍රධාන කොටස් දෙකින් යුතුද වේ.
1.ස්නිග්ධ කර්මය ( ස්නේහනය) 2.ස්වේද කර්මය ( ස්වේදනය)
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>