වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
කැඩුම් බිඳුම් රෝගීන් ට සිදුවන අතුරු ආබාධ
සමාජය තුළින් භග්න රෝගීන් වාර්තා වේ. හදිසි අනතුරු නිසා කැඩුම් බිඳුම් සිදුවේ. බොහෝ සෙයින් අසරණ වන රෝග තත්වයකි. යළි සුවය ලබා ගැනීමට රෝගියා වගකීමෙන් කටයුතු කළ යුතුය. වෛද්‍යවරයාගේ බුද්ධිමත් කැපවීම අත්‍යවශ්‍ය වේ. මෙහිලා හොඳ සත්කාර දායකත්වයද සුවිශේෂ අංගයකි. භග්න රෝග ප්‍රතිකාර ශල්‍ය වෛද්‍ය විද්‍යාවට අයත් වේ.
භග්න රෝගීන් විවිධ ආබාධයන්ට මුහුණ දෙති. එම අතුරු ආබාධ මැනවින් දුරුකර ගත යුතුය. නැතිනම් රෝගියා දුස්සාධ්‍ය තත්වයට පත්වේ. මෙම අභියෝග වෛද්‍ය මඟපෙන්වීමෙන් ජයගත හැකිය. ඒ පිළිබඳ විමසුම රෝගීන්ට මෙන්ම වෛද්‍යවරුන්ටද වැදගත් වෙති.
භග්නය සිදුවූ විගස හෝ ඒ ආසන්නයේ ලේ ගමන දුර්වල වේ. මෙය “කැඩුම් බිඳුම්’” වෙද කමේදී “ප්‍රහාරය” ලෙස හඳුන්වයි. මතුවන රෝග ලක්ෂණ මෙසේ සඳහන් කළ හැකිය.
නාඩි වැටීම දුර්වල වීම ඇඟ සුදු මැලිවීම, සහින් දාඩිය මතුවීම, දැඟලිම, නොසන්සුන්තාවය
අධික පිපාසය ඇතිවීම
මෙහිදී හුස්ම ගැනීම පිළිබඳ සැලකිලිමත් විය යුතුය .රෝගියාගේ උගුරේ, නාසයේ අපද්‍රව්‍ය වෙතොත් කටින් උරා ඉවත් කළ යුතුයි. මෙහිදී මොළයට ලේ ගලායාම පහසු කළ යුතුය. ඒ සඳහා කඩිනමින් ඇඳේ පාදය ඇති පැත්ත මදක් එසවිය යුතුයි.
පපුවේ සෙම හා ආබාධ ඇති අය මෙන්ම වැඩිහිටියන් ගේ භග්න වලදී පරිස්සම් විය යුතුය. මක්නිසාදයත් “නිව්මෝනියාව“ සෑදීමේ ප්‍රවනතාවක් ඇති බැවිනි. රෝගියා කැහි කාරා ඉවත් කළ යුතුය. වේදනාව නිසාද පෙනහලුවලට සෙම රොක්වීමේ අවදානමක් පවතියි. මෙවැනි විටක ඇතිවන ආසාදන නිසා “නිව්මෝනියාව“ වැළඳිය හැකිය. “නිව්මෝනියාව“ ඇති කරන රෝග ලක්ෂණ මෙලෙසය.
උණ, ආශ්වාස හා ප්‍රශ්වාස කිරීමේ අපහසුව, හතිය, කැස්ස, ඇස් නිලංකාරවීම, වේගයෙන් හුස්ම ගැනීම,
මෙහිදී නිරතුරුව කැහි කාරා ඉවත් කිරීම අත්‍යවශ්‍ය වේ. එයට සමගාමීව “නියුමෝනියාවට” ප්‍රතිකාර කිරීම කළ යුතුය.
ශරීරයට බාහිර තුවාල ඇතිවන භග්න වේ. මෙම ලේ වහනය වන තුවාල “පිටගැස්ම” අවදානමෙන් යුක්තය. අපිරිසුදු තුවාල මගින් ඇතුල් වන බැක්ටීරියාවකින් “පිටගැස්ම” ඇතිවේ. මෙහිදී ඇතිවන පීඩාකාරි රෝග ලක්ෂණ මෙලෙසය.
බෙල්ල පිටුපස මාංශපේශි දැඩිවීම, මෙය පසුව බෙල්ලේ ඉදිරිපස මාංශපේශි වලට පැතිරීම, ඉන් කට ඇද වීම, උගුර දැඩි, ජල මල අඩස්සිය ඇතිවීම
දරුණු භග්න වලදී ඇට මිදුළු වල මේදය පිටතට ගලායයි. මේදය බිඳුනු ශිරාවලට ඇතුල් වී පෙනෙහලු හා මොළයේ ලේ ගමනට බාධා කරයි. මෙය පාරම්පරික හන්දි වෙදකමේදී “මේදනික්ඛිණිය” ලෙස හැඳින්වේ. මෙම ආබාධයන් ඇති වනුයේ වැඩිහිටි පහළ ගාත්‍රා බිඳීම් වලදීය. ඉන් ඇති කරන බලපෑම් මෙලෙස සඳහන් කළ හැකිය.
හුස්ම ගැනීමේ අපහසුව, හතිය, කැස්ස, මොළයට පීඩා වීමෙන් ‘සිහිමුර්ජාව“ ඇති වීමට ඉඩ තිබේ. තත්වය බරපතල වීම ජීවිත හානිය දක්වා දිගුවකට ගමන් කළ හැකිය.
භග්න අවට මස් කුණුවීමේ ආබාධය සැලකිලිමත් විය යුත්තකි. මෙය හෙළ වෙදකම හඳුන්වනුයේ “වායුශෝථය” යනුවෙනි. කිසියම් විශේෂිත බැක්ටීරියාවකින් ඇතිකරන ආබාධයකි. මෙවැනි රෝගියකු පහත සඳහන් පීඩාවන්ට මුහුණ දෙයි.
තුවාල වලින් දුර්ගන්ධය නිකුත්වීම, ඉදිමීම, ඉදිමුණු තැන තද කළ විට ජර,ජර, හඬ නිකුත්වීම, උණ ගැනීම, නාඩි වේගවත් වීම,
අපවිත්‍ර දෑ ඉවත් වන ලෙස තුවාල පිරිසුදු කළ යුතුය. අනතුරුව බැක්ටීරියා නාශක ඖෂධ ශරීරගත කිරීම යෝග්‍ය යයි. තුවාල වලට ගැලපෙන ඖෂධ ගැල් විය යුතුය.
ශරීරයේ දරුණු ඇට බිඳීම් වලදී ආමාශය රැක ගත යුතුයි. කොඳු ,උකුල් , කලව ,ඇට බිඳීම් වලදී කළු දියරයක් නිකුත් වේ. එම දියරය ආමාශයට ඇතුල්වී වාතයෙන් බඩ පිරෙයි. මෙය දේශීය වෙදකම පරම්පරා’ “ආමාශ තීව්‍ර විස්තාරණ” ලෙස හඳුන්වයි. භග්නයක් සිදුවී පැය 02 සිට දින 02 ක් තුළ ඇති විය හැකි තත්ත්වයකි. මෙවැනි රෝගියකුගෙන් මතුවන ලක්ෂණ කීපයක් වේ.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>