වර්ෂ 2024 ක්වූ September 20 වැනිදා Friday
ජුනි 28 බදාදා - ලග්න සහ රාහු කාලය
ජුනි 27, 2023
ඉර උදාව - 05.58
ඉර බැසීම - 6.29
රාහු කාලය - දහවල් 12.13 - 01.47 දක්වා
සුබ දිශාව - නැඟෙනහිර
මේෂ
සැනසිලිදායක ලෙස දවස ආරම්භ වෙයි. වෙනදාට ලැබීම් අතින් ද යහපත් බවක් පෙන්නුම් කරයි. එහෙත් හදිසි වියදමක් දැරීමට සිදුවන බවක් පෙනේ. ජලය සම්බන්ධ කටයුතුවලින් පරිස්සම් වීම වැදගත් වේ.
වෘෂභ
පවුලේ අය අතර සුහදතාවයට කරුණු සැලසෙන දිනයකි. පවුලේ භෝජන සංග්‍රහයකද සැලසුමක් ඇති කර ගනී. රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනදාට වඩා සැලකිලිමත් වන්න.
මිථුන
අලුත් දේ ඉගෙනීමට කටයුතු සැලසෙන දිනයකි. විදෙස්ගත සැලසුමක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. වෙනදාට වඩා උනන්දුවෙන් කටයුතු කරන දිනයක් බව පෙනේ. දුර ගමනක් වෙනුවෙන් අමතර කාලයක් මෙන්ම වියදමක්ද දැරීමට සිදුවේ.
කටක
ශාස්ත්‍රීය කටයුත්තකට සම්බන්ධවන දිනයකි. රැකියාවේ ලිපි ලේඛන ගැටලුවකට මුහුණපෑමට සිදුවන බවක් පෙන්නුම් කරයි. නිතර දුරදිග බලා කටයුතු කරන්න. අමතර ලාභ හිමිකරන මාර්ගයකට වෙහෙසෙයි.
සිංහ
ගේ දොර අලංකාරය මෙන්ම තම අලංකාරය වෙනුවෙන්ද කාලය ශ්‍රමය කැප කරන දිනයකි. පවුලට අලුත් සාමාජිකයකු එක්වීමට ඉඩ ඇති බවක් පෙනේ. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවලින් වාසි කීපයක් සැලසෙන දිනයකි.
කන්‍යා
වෙනදාට වඩා ලැබීම් අතින් යහපත් කරයි. පවුලේ කෙනකු වෙනුවෙන් වෙහෙසීමට සිදුවන දිනයකි. නිතර ඇතිවන කොන්දේ අමාරුවක් හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරයි. එදිනෙදා කටයුතු පිළිබඳ සැලකිලිමත්වීම වැදගත්වේ.
තුලා
අමතර ආදායම් මාර්ග කීපයකට කටයුතු සැලසෙන දිනයකි. වෙනදාට වඩා ඇවවිදිලි වැඩිකරන කටයුතු කීපයකට සම්බන්ධ වීමට සිදුවේ. පවුලේ වැඩිහිටියකු සමඟ ගනුදෙනුවක් සිදුකර ගන්නා කාලයකි. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට හේතු යෙදේ.
වෘශ්චික
ගේ දොර අඩුපාඩුකම් කීපයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. යොදාගත් සැලසුම් කීපයක් ප්‍රමාදවීමට ද ඉඩ ඇත. දරුවකුගේ කටයුතු වෙනුවෙන් වැඩිපුර සම්බන්ධවීමට සිදුවන දිනයකි. ළඟම හිතවතකුගෙන් උපකාරයක් පැතීමට සිදුවෙයි.
ධනු
සමාජ සේවා කටයුතු කෙරෙහි වැඩිපුර සම්බන්ධවන දිනයකි. පවුලේ අය අතර හොඳ හිත දිනා ගැනීමට හේතු ඇති කරයි. ගේ දොර අලුත්වැඩියාවක් වෙනුවෙන් සැලසුමක් ඇතිකර ගනී. පැවැති ගැටලු කීපයකින් තරමක් දුරට නිදහස් වීමට අවස්ථාව උදාකරයි.
මකර
ලැබීම් අතින් යහපත් වුවත් වැයපස අධික වන බවක් පෙන්නුම් කරයි. නිතර ගේ දොර කටයුතුවලින් ඈත් වී සිටීමට හේතු යෙදේ. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි දිනයකි. වෙනදාට වඩා ශරීර සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් වන්න.
කුම්භ
සිතේ සතුට ඇතිවන කරුණු කීපයක් යෙදෙන දිනයකි. එහෙත් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට වෙහෙසීම් වැඩිකරයි. ආගමික කටයුතු කෙරෙහි වෙනදාට වඩා නැඹුරුවන අතර ගුප්ත කටයුතුවලින් පිහිට පතන බවක් ද පෙන්නුම් කරයි.
මීන
ගතට සිතට වෙහෙසීම් වැඩිකරන දිනයකි. මුදල් සම්බන්ධ කටයුතුවලට අත ගැසීමේ දී කල්පනාකාරී වීම වැදගත් වේ. පියපස ඥාතියකු පිළිබඳ සිත්තැවුලක් ඇති කරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ යොදාගත් සැලසුමක් වෙනස් කිරීමට සිදුවේ.
ධම්මිකා රාජපක්ෂ
෴ සබැඳි ලිපි ෴
අප කෙනෙක් දුටුවිට අපේ සිත් ගන්නේ වශී වන්නේ ඇයි?. මෙයට හේතු ගණනාවක් තිබේ. ලොව පහළ වුණ සියලු පින් ලකුණු ඇති දුටු දුටු නෙතට රසඳුනක් වූ රූසිරින්...
2022-03-17 18:30:00
කලාතුරකින් උදාවෙන සුබ මුහුර්තයක් අපේ‍්‍රල් මාසයේ උදාවේ. එනම් 2022 අපේ‍්‍රල් මස 06 වන බදාදා දින පෙරවරු 9.10 ටය. උතුරු දිශාව බලා සියලු සුබ කටයුතු...
2022-03-10 18:30:00
එදා අපේ ඉපැරැණි ගැමි විවාහ චාරිත්‍ර ක්‍රමවේදයන් අද වන විට වෙනස් වී තිබේ. දෙපක්ෂයේම වැඩිහිටියන්ගේ කතිකාවතක් හරහා උපදේශකත්වය මුල්කොටගෙන සුබ...
2022-02-24 18:30:00
ඡ්‍යොතිෂ පුවත්පත්, ඡ්‍යොතිෂ සටහන් වැනි ඡ්‍යොතිෂයට අයත් ඕනෑම පොත පතක් කියවා ඔබ ජය ලබන්න ඕනෑ. ඡ්‍යොතිෂයේ අරමුණ ඒකයි. ඡ්‍යොතිෂය කිව්වේ ශාස්ත්‍රයක්...
2022-01-27 18:30:00
2022 වසර මඟුල් සක්වළක්. කුමක් හෝ ශිල්පයක් ශාස්ත්‍රයක්, දැනුමක් තිබෙන අයට විශේෂයෙන් විවාහ මගුලක් ඇති කරන ඔබට මේ වසර ඉතා වාසනාවන්තයි. ඒක එසේම වේවායි...
2022-01-20 18:30:00
ලග්න 9කට සමඵලලග්න 3කට ඒරාෂ්ඨක අපලවෛරස රෝ බිය අඩුවේදේශපාලන හා ආර්ථික අංශවල සුවිශේෂී වෙනස්කම්දේශගුණ හා කාලගුණ විපර්යාශ රැසක්ජනතාව නැගිටින වසරක් අප...
2022-01-20 18:30:00
මේෂ,කටක, තුලා, මකර යන ලග්න හිමියන්ට ශශ යෝගය දූෂණ ක්‍රියාවල යෙදෙන්නන්ට ජනතාවගෙන්ම ප්‍රතිචාර මහ භාණ්ඩාගාරය තරවෙයි වෙළඳ ව්‍යාපාර සරුවෙයි...
2022-01-13 18:30:00
සිතුවම සමන් ශ්රීකාන්තමෙත් සිතින් යුත් දෙව් බඹුන් නෙත් යොමුවෙලා සත් උදම් වේවාසිත් තොසින් සැම දෙනාහට දිවිමගේ සුබසෙත ළඟා වේවාකෙත් පලින් බර වෙලා...
2022-01-06 18:30:00
කවිය යන වචනය සංස්කෘත භාෂාවේ කාව්‍යය යන්නෙන් බිඳී ආවකි. කාව්‍යය සහ කවිය යන දෙපදයන් එකම මූලයකට අයත් වුවද අර්ථ වශයෙන් හා ව්‍යවහාරය අනුව ගත්කල එම පද...
2021-12-16 18:30:00
මානව වංශ කතාවෙහි දුර ඈත අතීතයේ සිටම ග්‍රහ වස්තූන් හා මිනිසා අතර පැවැති සබැඳියාවත් බෞද්ධ දර්ශනය හා ඡ්යෝතිෂයත් අතර ඇති වෘක්ෂලතාවන්හි පවතින දැඩි...
2021-12-02 18:30:00
ඈත අතීතයේ පෙරදිග ධාන්‍යාගාරය නමින් විරුදාවලිය ලත් ශ්‍රී ලංකා වාසී අප සැබැවින්ම කෘෂිකර්මය මුල් කරගනිමින් අපට ආවේනික වූ ආහාර වර්ග මේ සරු පොළොවේ වගා...
2021-11-25 18:30:00
මංගල දිනයේ ඉතාම ප්රශස්ත සුබ ධනාත්මක ග්‍රහයෝග සහිත නැකැත් තෝරා ගැනීම අනිවාර්ය වන අතර ඉතාම අසුබ ග්‍රහ හැසිරීම් රටාව අනුව අසුබ ග්‍රහ සංයෝග පහතින්...
2021-11-18 18:30:00
2021.11.16 වැනි කුජ දින පැය 17.12 න් කුජ හිමි වෘශ්චික රාශියට පැමිණ ලොව පාලන බලය අතට ගෙන ක්‍රියා කරන රවි 2021.12.16 වැනි දින පහන් වීමට පෙර එහි රැඳී...
2021-11-04 18:30:00
ඔබේ වාහන සිහිනය කවදා සැබෑවේද යන්න සිත්හි ඇත. ඔබගේ කේන්ද්‍රය අනුව ඔබට වාහන හිමිවේද නැද්ද යන්න දැන ගැනීමට ඡ්‍යොතිෂයෙන් හැකියාව ඇත. වාහන සම්බන්ධව කේන්ද්...
2021-10-28 18:30:00
තුලා රාශියට සංක්‍රමණය වූ රවි - කුජ - බුධ ත්‍රිත්ව යෝගය නිසා මේෂ - වෘෂභ-මිථුන-සිංහ-කන්‍යා-තුලා-ධනු-කුම්භ-මීන යන ලග්න 09ට ඉතා ප්‍රසන්න සුබපල ගෙනදෙන අතර...
2021-10-28 18:30:00
ගජ කේෂරී, රවි බුධ ආධිත්‍ය නීච භංග ගුරු ශනි යෝග බලැතිව, කුජ ශනි, කුජ ගුරු චතුර්කෝණ ශනි චන්ද්‍ර ෂඩ් කෝණ දෘෂ්ටියෙන් දක්ෂිණායන හේමන්ත සෘතුවෙහි තුලා...
2021-10-21 18:30:00