වර්ෂ 2024 ක්වූ December 13 වැනිදා Friday
ඥාන කාරක බුධ තුලා රාශි සංක්‍රමණයෙන් ජනතා සිත් සතන් සන්සුන් වෙයි
ගජ කේෂරී, රවි බුධ ආධිත්‍ය නීච භංග ගුරු ශනි යෝග බලැතිව, කුජ ශනි, කුජ ගුරු චතුර්කෝණ ශනි චන්ද්‍ර ෂඩ් කෝණ දෘෂ්ටියෙන්
දක්ෂිණායන හේමන්ත සෘතුවෙහි තුලා රවි 17 භාග වප් හහේ අව දොළොස්වක තිථිය නොවැම්බර් 02 වැනි කුජ දින පෙ. ව 09. 54ට තුලා රාශිය, තුලා නවාංශකය සිත 03 පාදය ආශ්‍රිතව ඥාන කාරක බුධ තුලා රාශි සංක්‍රමණය සිද්ධ කරන්නේය.
බ්‍රහස්පති හිමි ධනු රාශිය නැගෙනහිර ක්ෂිතිජයෙහි උදාවේදී සිකුරු ග්‍රහයා සමව ද නිවෘතව ගුරු නීච ක්ෂේත්‍රව- සෙනසුරු නිවෘතව ස්වක්ෂේත්‍රව නිවෘත ප්ලූටෝ සතුරුව ධනස්ථානව දෙවැන්නේද වක්‍ර නැප්චූන් සමව වික්‍රමස්ථානව තෙවැන්නේද, වක්‍ර යුරේනස් සමව පස් වැන්නේද, රාහු උච්චව සය වැන්නේද, මිත්‍ර ශීලී චන්ද්‍රයා දස වැන්න වූ කර්මස්ථාන ගතවද නීච ක්ෂේත්‍ර රාජ්‍ය කාරක රවි අඟහරු සමව උච්චක්ෂේත්‍ර මූල ත්‍රිකෝණ ඥානකාරක බුධ ග්‍රහයා අයස්ථානය වූ එකොළොස් වැන්නේද, උච්ච කේතු දොළොස් වැන්නේද,තැන්පත්ව අඟහරු 22 වන මාරක දෙර්කාණාධිපති බුධ -සෙනසුරු මාන්දි ග්‍රහයාද වීමෙන් ග්‍රහ සටහනෙහි විශ්ව තාරකා මන්දාකිණියෙහි ජව බලසම්පන්නව නිර්මානය වූයේය.
අධ්‍යාපනය,සෞඛ්‍ය ,අධිකරණය, විදුලිය,ඉන්දන, ගමනාගමන රටාව දෛනික පාරිභෝගික භාණ්ඩ ආශ්‍රිතව වර්තමාන දැඩි නොසන්සුන් බව දැඩි අවධානයෙන් සන්සුන් බවක් නිර්මාණය වන අතර ඥාන කාරක බුධ මාරුවෙන් අනාවරණය වන්නකි. ආනයනය අපනයනය ක්‍රියාවලියේදී ස්වකීය රාජ්‍ය තන්ත්‍රයෙහි ධනාත්මක ප්‍රගතියක් මතු කරන අතර වානිජ, කෘෂිකාර්මික, කාර්මික විෂයන්හි වර්ධනය වන සමාජීය සුඛ විහරණය සක්‍රීය වන බවක්ද බුධ මාරුව තුළින් දර්ශනය කෙරෙයි.
කොත්මලේ
විජිත ඩී ලියනආරච්චි