රාජ්‍ය බලය තහවුරු කරමින් රවි වෘශ්චිකයට

නොවැම්බර් 5, 2021

2021.11.16 වැනි කුජ දින පැය 17.12 න් කුජ හිමි වෘශ්චික රාශියට පැමිණ ලොව පාලන බලය අතට ගෙන ක්‍රියා කරන රවි 2021.12.16 වැනි දින පහන් වීමට පෙර එහි රැඳී සිටින අතර ගුරු හිමි විසා නැකැතේ 4 පාදයත් ශනි හිමි අනුර නැකැත හා බුධ හිමි දෙට නැකැත් ප්‍රදේශ පසු කරනු ඇත.

 

ලිත් හෝඩියේ එය සඳහන් කරනු ලබන්නේ විසා එක් අනුර දෙට, වෘශ්චික රැස යනාදි ලෙසිනි. රවි වෘශ්චිකයේ ගමන් කරන කාලය නොවැ. 20 වෙනි දින ගුරු කුම්භ රැසට ද 21 දින බුධ වෘශ්චික රැසට ද දෙසැ. 01 දින නෙප්චූන් නිවෘත වීමද දෙසැ. 05 වැනි දින කුජ වෘශ්චිකයට ද දෙසැ.08 වැනි දින මකර රැසටද පැමිණෙනු ඇත. තත්කාල වේලාව අනුව ශ්‍රී ලංකා කේන්ද්‍රය වන කුම්භ රාශියද ධනු නවාංශකයද තත්කාල ක්ෂිතිජයෙහි විද්‍යාමාන වනු ලබයි.

සඳු රේවතී නැකැතේ බැවින් දෙවැන්න වු මීන රැසට පැමිණ ඇත. තත්කාල ලග්නයේ නැප්චූන් ද අශුභ ඵල ගෙන දෙවයි. 3 වැන්නේ යුරේනස් ද එසේම වේ. රාහු 4 වැන්නේ වේ. 9 වැන්නේ කුජ වේ. රාහු 4 වැන්නේ වේ. 9 වැන්නේ කුජ බුධ වේ. 10 වැන්නේ දිග් බල රවි කේතු සමගය. 11 වැන්නේ සිකුරු හා 12 වැන්නේ මකර රැසෙහි ගුරු ශනි නීච භංග යෝගයක් ලබා දෙමින් සිටී. රාජ්‍ය කාරක රවි ශ්‍රී ලංකා කේන්ද්‍රය වූ කුම්භ රැසට 10 වැන්න වූ වෘශ්චික රැසෙහි දිග් බලය ලබා සිටීම රාජ්‍ය බලය තහවුරු කරමින් සිටි‍‍‍. මෙම ග්‍රහ පිහිටීම අනුව විරුද්ධ පාර්ශව කරුවන්ගේ උද්ඝෝෂණ, රහස් කූමන්ත්‍රණ වැඩ වර්ජන ආදියෙහි අඩුවක් නම් නොවේ. ඔවුන්ට සත්‍ය තේරුම් ගැනීමට තව කලක් ගතවේ. මෙම කාරණාව නිසා ආගමික සංහිදියාවට තර්ජනයක් වනු ඇත. රටේ ආදායම් මාර්ග හීන වේ. වෙළඳ ව්‍යාපාරාදී ක්ෂේත්‍ර වල නව නීති පැනවේ. අපරාධ ක්‍රියා වලටද, සිය දිවි නසා ගැනීම්ද, අශීලාචාර වැඩ, හොරකම් කරන්නවුන්ද හිස ඔසවයි. පාරිසරික විපත්, ජලාශ්‍රිත පීඩා, පතල් කර්මාන්ත වලටබාධා ඇතිවේ. නවීන විද්‍යාවේ හාස්කම් ඇති කෙරේ. ඒ සඳහා ශ්‍රී ලාංකිකයකුගේ ද සහය හිමිවේ. විදුලිය සම්බන්ධ අශුභ ආරංචි පැතිරේ.

 

කේ. එච් ධනපාල

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.