වර්ෂ 2024 ක්වූ September 20 වැනිදා Friday
ජුනි 28 බදාදා - ලග්න සහ රාහු කාලය
ජුනි 27, 2023
ඉර උදාව - 05.58
ඉර බැසීම - 6.29
රාහු කාලය - දහවල් 12.13 - 01.47 දක්වා
සුබ දිශාව - නැඟෙනහිර
මේෂ
සැනසිලිදායක ලෙස දවස ආරම්භ වෙයි. වෙනදාට ලැබීම් අතින් ද යහපත් බවක් පෙන්නුම් කරයි. එහෙත් හදිසි වියදමක් දැරීමට සිදුවන බවක් පෙනේ. ජලය සම්බන්ධ කටයුතුවලින් පරිස්සම් වීම වැදගත් වේ.
වෘෂභ
පවුලේ අය අතර සුහදතාවයට කරුණු සැලසෙන දිනයකි. පවුලේ භෝජන සංග්‍රහයකද සැලසුමක් ඇති කර ගනී. රැකියාවේ කටයුතු සම්බන්ධ වෙනදාට වඩා සැලකිලිමත් වන්න.
මිථුන
අලුත් දේ ඉගෙනීමට කටයුතු සැලසෙන දිනයකි. විදෙස්ගත සැලසුමක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. වෙනදාට වඩා උනන්දුවෙන් කටයුතු කරන දිනයක් බව පෙනේ. දුර ගමනක් වෙනුවෙන් අමතර කාලයක් මෙන්ම වියදමක්ද දැරීමට සිදුවේ.
කටක
ශාස්ත්‍රීය කටයුත්තකට සම්බන්ධවන දිනයකි. රැකියාවේ ලිපි ලේඛන ගැටලුවකට මුහුණපෑමට සිදුවන බවක් පෙන්නුම් කරයි. නිතර දුරදිග බලා කටයුතු කරන්න. අමතර ලාභ හිමිකරන මාර්ගයකට වෙහෙසෙයි.
සිංහ
ගේ දොර අලංකාරය මෙන්ම තම අලංකාරය වෙනුවෙන්ද කාලය ශ්‍රමය කැප කරන දිනයකි. පවුලට අලුත් සාමාජිකයකු එක්වීමට ඉඩ ඇති බවක් පෙනේ. වෙළෙඳ ව්‍යාපාර කටයුතුවලින් වාසි කීපයක් සැලසෙන දිනයකි.
කන්‍යා
වෙනදාට වඩා ලැබීම් අතින් යහපත් කරයි. පවුලේ කෙනකු වෙනුවෙන් වෙහෙසීමට සිදුවන දිනයකි. නිතර ඇතිවන කොන්දේ අමාරුවක් හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරයි. එදිනෙදා කටයුතු පිළිබඳ සැලකිලිමත්වීම වැදගත්වේ.
තුලා
අමතර ආදායම් මාර්ග කීපයකට කටයුතු සැලසෙන දිනයකි. වෙනදාට වඩා ඇවවිදිලි වැඩිකරන කටයුතු කීපයකට සම්බන්ධ වීමට සිදුවේ. පවුලේ වැඩිහිටියකු සමඟ ගනුදෙනුවක් සිදුකර ගන්නා කාලයකි. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට හේතු යෙදේ.
වෘශ්චික
ගේ දොර අඩුපාඩුකම් කීපයක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවෙයි. යොදාගත් සැලසුම් කීපයක් ප්‍රමාදවීමට ද ඉඩ ඇත. දරුවකුගේ කටයුතු වෙනුවෙන් වැඩිපුර සම්බන්ධවීමට සිදුවන දිනයකි. ළඟම හිතවතකුගෙන් උපකාරයක් පැතීමට සිදුවෙයි.
ධනු
සමාජ සේවා කටයුතු කෙරෙහි වැඩිපුර සම්බන්ධවන දිනයකි. පවුලේ අය අතර හොඳ හිත දිනා ගැනීමට හේතු ඇති කරයි. ගේ දොර අලුත්වැඩියාවක් වෙනුවෙන් සැලසුමක් ඇතිකර ගනී. පැවැති ගැටලු කීපයකින් තරමක් දුරට නිදහස් වීමට අවස්ථාව උදාකරයි.
මකර
ලැබීම් අතින් යහපත් වුවත් වැයපස අධික වන බවක් පෙන්නුම් කරයි. නිතර ගේ දොර කටයුතුවලින් ඈත් වී සිටීමට හේතු යෙදේ. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි දිනයකි. වෙනදාට වඩා ශරීර සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් වන්න.
කුම්භ
සිතේ සතුට ඇතිවන කරුණු කීපයක් යෙදෙන දිනයකි. එහෙත් රැකියා අපේක්ෂාවෙන් සිටින අයට වෙහෙසීම් වැඩිකරයි. ආගමික කටයුතු කෙරෙහි වෙනදාට වඩා නැඹුරුවන අතර ගුප්ත කටයුතුවලින් පිහිට පතන බවක් ද පෙන්නුම් කරයි.
මීන
ගතට සිතට වෙහෙසීම් වැඩිකරන දිනයකි. මුදල් සම්බන්ධ කටයුතුවලට අත ගැසීමේ දී කල්පනාකාරී වීම වැදගත් වේ. පියපස ඥාතියකු පිළිබඳ සිත්තැවුලක් ඇති කරයි. රැකියාවේ කටයුතු සම්බන්ධ යොදාගත් සැලසුමක් වෙනස් කිරීමට සිදුවේ.
ධම්මිකා රාජපක්ෂ
෴ සබැඳි ලිපි ෴
නැහැ, බැහැ යන වචනවලින් තොරව එක එල්ලේ සුබවාදීව වචන භාවිතාව සිදු කරන්නට හැකි වන්නේ අප අතරින් කීයෙන් කී දෙනාට ද? සත්‍ය වශයෙන්ම එසේ කිරීමට ඔහුට හෝ ඇයට...
2021-10-14 18:30:00
පංච මහා පුරුෂ යෝග අතරින්මිථුන- කන්‍යා - ධනු - මින - භද්‍ර යෝගදමේෂ - කටක - තුලා - මකර සස යෝගයදරාශි දොළසටම පාශ යෝග බලයද උදා කරවමින් දක්ෂිණායන...
2021-10-14 18:30:00
විවාහය සඳහා සහකරුවකු හෝ සහකාරියක තෝරාගැනීමේදී දෙදෙනා අතර සමඟියෙන් සාමයෙන් කටයුතු කළ හැකි වේද? දෙදෙනාගේ අදහස් ගතිපැවැතුම් කෙසේ වේවිද ,තම අදහස් අනුවම...
2021-10-07 18:30:00
01 ශු උදේ 08.27 සිට උදේ 08.45 දක්වා02 ශ අලුයම 05.57 සිට උදේ 06.27 දක්වා03 ර උදේ 07.33 සිට උදේ 07.57 දක්වා04 ච උදේ 06.57 සිට උදේ 07.09 දක්වා05 කු උදේ...
2021-09-30 18:30:00
ශුක්‍ර චන්ද්‍ර- චන්ද්‍ර, ගුරු සප්තම දෘෂ්ටිය -රවි චන්ද්‍ර , චන්ද්‍ර බුධ ෂඩ් කෝණ දෘෂ්ටිය -චන්ද්‍ර ශුක්‍ර චතුර් කෝණ දෘෂ්ටිය ආශ්‍රිතව ගුරු -ශනි , රවි බුධ...
2021-09-23 18:30:00
ගුරු ශනි සංයෝගය, කුජ ශනි ත්‍රිකෝණ දෘෂ්ටිය, රවි චන්ද්‍ර ෂඩ් කෝණ දෘෂ්ටිය, රවි කේතු සම කුජ ගුරු - කුජ චන්ද්‍ර චතුර් කෝණ දෘෂ්ටිය- චන්ද්‍රයා පාප කර්තරී...
2021-09-16 18:30:00
මෙවර රවි බුධ හිමි කන්‍යා රැසට පැමිණෙන්නේ 2021 සැප්. 16 වෙනි ගුරු දින පැය 47.40 න් වේ. එතැන් සිට 2021.10.17 දින තෙක් රවි කන්‍යා රාශියෙහි හැසිරෙනු ඇත....
2021-09-09 18:30:00
ලොව වෙසෙන සියලුම කාන්තාවෝ එක සමාන නොවෙති. රූපයෙන් මෙන්ම ගතිගුණ අතින්ද කෙනෙකුගෙන් කෙනෙකුට වෙනස් ය. මෙයට හේතුව වන්නේ තමන් උපන් මොහොතේ බලපෑ රාශි අනුව...
2021-09-02 18:30:00
බ්‍රහස්පති නැප්චූන්, ප්ලුටෝ, සෙනසුරු වක්‍ර වීම්ද බුධ අස්තය ද යුරේනස්, බුධ, සිකුරු, දෙසැම්බර් 19 තෙක් සිදුවීම් ද අඟහරු, සිකුරු යෝගය ද චන්ද්රගුරු...
2021-08-26 18:30:00
දැන වෙළඳාම් නොදැන ගොවිතැන් යන ගැමි ව්‍යවහාරයක් අතීත ගැමියන් අතර වේ. නොදැන ගොවිතැන් කියා එසේ කීවාට නොදැනුවත්ව කිසිවක් කළ හැකි නොවේ. කෙසේවුවත් වෙළඳාමට...
2021-08-19 18:30:00
පොදුවේ ගත් කල වෘශ්චික ලග්නයෙන් ජන්ම ලාභය ලබන ජන්මීන්ගේ වැඩි දෙනෙක් ජීවත් වන ජන සමාජය තුළ යහපතට වඩා අයහපතින් ප්‍රසිද්ධියට පත්වූ අයවලුන් වෙති. එමෙන්ම...
2021-08-19 18:30:00
යෝගය හා කරණය උපරිම අයුරින් ප්‍රයෝජනයට ගෙන අපේ පැරණි අය වැඩකටයුතු උපරිම අන්දමින් සාර්ථක කරගත්හ. දෛනිකව සෑම වැදගත් වැඩකටම ගොවිතැන, ගමන් බිමන්, විවාහය...
2021-08-19 18:30:00
ලග්න අධියෝගය සහ චන්ද්රාධියෝගයට දායක වන ග්‍රහයන් වන බුධ, ගුරු, සිකුරු යන ග්‍රහයන්ගෙන් ග්‍රහයන් දෙදෙනෙක් 6,8 යන භාවයන්ට අධිපතිට එහිම පතිතව හෝ එකී 6,8...
2021-08-12 18:30:00
රවි චන්ද්‍ර සංයෝගය, කුජ බුධ සිකුරු සංයෝගය ගුරු නැප්චූන්, සෙනසුරු ,ප්ලූටෝ සංයෝගය ,ශනි චන්ද්‍ර , කුජ ගුරු සප්තම දෘෂ්ඨිය මූලාශ්රව බුද්ධිය අවබෝධඤාණය ගෙන...
2021-08-12 18:30:00
මැණික් ඇතුළුව ඛනිජ සම්පත් ප්රගතියක්සෞඛ්ය, අධ්‍යාපනික ක්ෂේත්‍ර නව ගමන් මඟකටචින්තකයින් දාර්ශනිකයන්, බුද්ධිමතුන් ඉදිරියටලේඛකයින් මාධ්‍ය ක්ෂේත්රයන්හි...
2021-08-05 18:30:00
කුජ යනු ආවේගශීලී මෙන්ම කිසියම් දෙයක කඩිනම් බවක් ඇති කරන දඩබ්බර ගතිගුණ ඇති ග්‍රහයාය. සිකුරු ආදරයට ආලයට පෙමට මුල්වන සෞන්දර්යවාදියා යයි කීවොත් නිවැරදිය...
2021-07-29 18:30:00