සුබ නව වසරක් වේවා! ග්‍රහ යුද්ධ රැසක් සමඟ‍ ප්‍රඥාවන්තයන් කැපී පෙනෙන වසරක්

ජනවාරි 7, 2022
සිතුවම සමන් ශ්‍රීකාන්ත

මෙත් සිතින් යුත් දෙව් බඹුන් නෙත් යොමුවෙලා සත් උදම් වේවා

සිත් තොසින් සැම දෙනාහට දිවිමගේ සුබසෙත ළඟා වේවා

කෙත් පලින් බර වෙලා ගොවිබිම් එකින් එක සරුසාර වේවා

සෙත් දෙවා නව වසර දෙදහස් විසි දෙකේ ජය උදා වේවා

අජිත් ධර්මසිරි

 

ඡ්‍යොතීර්විද්‍යාවට අනුව 2022 වසර යනු ගුරු, බුධ, සිකුරු, කුජ, ශනි, නැප්චූන්, යුරේනස් ඇතුළුව ග්‍රහ යුද්ධ හා යුද වැදීම් 18ක් සිදුවන වසරකි. 2022 වසරේ ඇතිවන ග්‍රහ යුද්ධ අතරින් වැඩිම ජයග්‍රහණ සංඛ්‍යාවකට හිමිකම් කියන්නේ ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයායි. ග්‍රහ ලොවේ ප්‍රඥාවන්ත සුරගුරු 100%ක යුද ජයග්‍රහණවලට හිමිකම් කීමත් සමඟ 2022 වසරේ ප්‍රඥාවන්තයින් කැපී පෙනෙන වසරක් බව පෙනේ. මේ අනුව බලන විට යුක්තිය පසිඳලන්නා හෙවත් බ්‍රහස්පතිගෙන් නියෝජනය වන ප්‍රඥාවන්ත පිරිස් වැඩිවීමක් දක්නට ලැබේ.

 

සෙනසුරු බලවත් වීම තුළ වයෝවෘද්ධ කලාකරුවන් ඇගයීමට ලක්විය යුතු වසරක් බව පෙනේ. නව කලාකරුවන් ලංකාවේ පමණක් නොව සමස්ත ලෝකයම වසංගත නැමති අඳුරු වලාකුළු මැද වුවද ඉදිරියට එන බවක් දක්නට හැකිය.

අඟහරුගේ යුද්ධ හා යුද වැදීම්වලදී සියලුම යුද්ධ පරාජයවීම තුළ භූමිය නියෝජනය කරන අඟහරුගේ බල ශක්තිය හීන වීම තුළින් පරිසර විනාශය පාරිසරික විපර්යාස දේශගුණික විපර්යාස විටින් විට දැකිය හැකි වසරක් වන අතර මේ හේතුවෙන් ද නව නීතිරීති සකස්වීම තුළින් ද ආරක්ෂක අංශයට ද කාර්ය බහුල කාලයක් ද විය හැක.

යුරේනස්, නැප්චූන්, ප්ලුටෝ හෙවත් ඉන්ද්‍ර, වරුණ, යම වශයෙන් අතීතයේ සෘෂිවරුන් පවා හැඳින්වූ මෙම ග්‍රහයින් මෑතක සිට යුද ජයග්‍රහණවලදී ඔවුන් ක්‍රියාත්මක වන බව පෙනේ. අද ලෝකය දෙස බලන විට මෙම ග්‍රහයින්ගේ බලපෑමක් ඇති නොවන බවට අපට ප්‍රතික්ෂේප කළ නොහැක. යුරේනස් සහ නැප්චූන් ග්‍රහ යුද්ධ හා යුද වැදීම්වලින් වැඩි ප්‍රතිශතයකින් ජයග්‍රහණය කිරීමත් සමඟ මිනිසුන්ගේ යටි හිතට මෙන්ම දේශගුණික බලපෑම් ඇති කිරීමට ද 2022 වසර තුළදී පුළුවන. ප්‍රඥා කාරක ගුරු සමස්ත ජයග්‍රහණවලට හිමිකම් කීමත් සමඟ රටට ඔබින සාධාරණ යුක්තිගරුක තීන්දු තීරණවලට එළඹෙන වසරක් බවද කිව යුතුව තිබේ.

ඡ්‍යොතිර්වේදිනී

හර්ෂණී විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.