2022 නව වසරේ ග්‍රහචාරය කොයිබටද?

ජනවාරි 21, 2022

ලග්න 9කට සමඵල

ලග්න 3කට ඒරාෂ්ඨක අපල

වෛරස රෝ බිය අඩුවේ

දේශපාලන හා ආර්ථික අංශවල සුවිශේෂී වෙනස්කම්

දේශගුණ හා කාලගුණ විපර්යාශ රැසක්

ජනතාව නැගිටින වසරක්

 

අප රටවාසීි ලෝකවාසී සැමදෙන ගෙවා දැමූයේ 2021 නම් වූ පීඩාකාරී වූ රෝ බියෙන් පිරුණු සියල්ල අවුල් සහගත වූ ජනතාව පීඩාවට පත් උමතු වූ වර්ෂයකි. එම පීඩාකාරී වූ උමතු වර්ෂය නිමාවී මේ උදාවූයේ 2022 නව වසරයි. මෙි 2022 වසර ලෝකායතන ජ්‍යෝතිෂයට අනුව කෙසේ වේවි ද යන්න විමසා බැලීමකි.

 

රාශි වළල්ලේ දොළොස් ග්‍රහයින් අතරින් ප්‍රධාන හා මන්දගාමි ග්‍රහතාරකා 5 වන ගුරු, ශනි, නෙප්චූන්, රාහු හා කේතු යන ප්‍රධාන ග්‍රහ තාරකා රැසක් වසර ආරම්භයේදී රාශි මාරු කරන, එසේම ග්‍රහ 4 ක් ග්‍රහ යුද්ධයන් 18 ආසන්න ප්‍රමාණයක් සිදුවන මෙම 2022 වසර සුවිශේෂී වූ වසරකි. මේ අතරින් ප්‍රථම ග්‍රහ වෙනස සටහන් කරමින් ග්‍රහ ලොව පෙරළිකාර ග්‍රහ තාරකාව වන කුජ මේ ජනවාරියේ ධනු රාශියට පිවිසෙන අතර, 2022 අප්‍රේල් මස ආරම්භයේදීම ප්‍රධාන ග්‍රහයින් තිදෙනෙකු සිය රාශි මාරු කෙරේ. ඒ අතරින් ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයා සිය ස්වක්ෂේත්‍ර රාශි භවන වන මීන රාශියට 2022 අප්‍රේල් 13 වන දින පිවිසෙන අතර, එම ගුරු 2023 අප්‍රේල් 21 දක්වා මීනයේ ගමන් කරයි. මීට පෙර ගුරු ග්‍රහයා මීන රාශි ගත වූයේ 2010 වසරේ මැයි මස පළමු වෙනිදාය.

එතැන් සිට 2011 මැයි මස 08 දක්වා ගුරු හෙවත් බ්‍රහස්පති සිය ස්වක්ෂේත්‍ර රශි භවන වන මීන රාශියේ ගෝචර වූ අතර එම කාල සීමාව තුළ මෙරට දේශපාලන හා ආර්ථික සමාජීය අංශ වල සුවිශේෂී වෙනස්කම් රැසක් සිදු වූ අතර එම කාල සීමාව පිළිබද අවධානය යොමු කිරීමේදී මේ පිළිබද ඔබට ද වටහා ගත හැකිය. රාහු හා කේතු ග්‍රහයින් මේෂ හා තුලා යන රාශිවලට පිවිසෙන අතර ශනි ග්‍රහයා වසර 27 කට ආසන්න කාල සීමාවකදී එනම් 2022 අප්‍රේල් මස 28 වන දා

සිය ස්වක්ෂේත්‍ර මෙන්ම මූලත්‍රිකෝණ රාශිය වන කුම්භයට පිවිසෙයි.

2025 මාර්තු මස 29 දා දක්වා ශනි කුම්භයේ ගමන් කරයි. මීට පෙර ශනි ග්‍රහයා කුම්භ රාශි ගත වූයේ 1993 වසරේ මාර්තු මස පස් වෙනිදාය.

එතැන් සිට 1995 ජුනි මස 01 දින දක්වා ශනි හෙවත් සෙනසුරු සිය ස්වක්ෂේත්‍ර රශි භවන වන කුම්භ රාශියේ ගෝචර වූ අතර මෙම ග්‍රහ මාරු එක් වසරක් තුළ සිදුවන ග්‍රහ ලොව විප්ලවයකි. විශේෂයෙන්ම සෙනසුරුගේ හා ගුරුගේ මෙම ග්‍රහ ගෝචරයන් හේතුවෙන් 2022 වසර තුළ දේශපාලන හා ආර්ථික සමාජීය අංශවල සුවිශේෂී වෙනස්කම් රැසක් සිදුවීමට ඉඩ ඇත.

ඒ අනුව කුම්භ ලග්න ලංකා කේන්දරය හා මේෂ ලග්න ලෝකායතන කේන්දරය අනුවත් සලකා බැලීමේදීත්, විශේෂයෙන්ම අප රටට අදාළ කුම්භ ලග්න කේන්දරයට අනුවත් මෙම නව වසර පසුගිය 2021 වසරේ පැවති කොරෝනා වැනි වෛරස් රෝ බිය යම් පමණක පහව යන ජනතාව එය එතරම් නොසලකන කාලයක් වනු ඇත. එසේම 2021 මෙන් මෙම 2022 වසර නිකරුණේ ගත වන වසරක් නොවනු ඇත.

බොහෝ දෙනා කාර්යබහුල වන ජනතාව නැගිටින වසරකි. දේශගුණ හා කාලගුණ විපර්යාශ රැසකින් පිරුණු මෙම වසරේ මුල් මාස දෙකෙන් පසු සිංහල අවුරුද්දට ආසන්න කාලය තුළ ආර්ථික අපහසුතා රැසක් ජනතාවට දැනෙනු ඇත. ජනතාව තුළ රැඩිකල් අදහස් ඉස්මතු වන අතර ආගමික හා දේශපාලන මතවාද වැඩි වන වසරකි. වර්ෂාව සමඟින් නාය යෑම් තත්ත්වයක් ඇති වීමේ අවධානමක් ද ඇත. කෙසේ වෙතත් රිය අනතුරු, ගිනි අනතුරු, හදිසි පිපිරීම් තත්ත්ව විවිධ නොසන්සුන්තා ඇති වන තත්ත්වයන් උදාවන්නේය. බුද්ධිමතුන්ට මෙන්ම පැවිදි උතුමන්ට අපල හා බාධාකාරී කාලයකි. මේ වන විට රැඩිකල් ලෙස හැසිරෙන භික්ෂූන්වහන්සේලා එම කාරනා තේරුම් ගෙන නිහඬ වන අතර මැතිවරණයක උණුසුමක් හෝ රාවයක් දැනෙනු ඇත. 2022 නව වසර ලග්න 9 කට සමඵල උදාවන අතර කටක, මකර, කුම්භ ලග්න හිමියන්ට ඒරාශ්ඨක අපල උදාවන වසරකි.

 

 

 

බණ්ඩාරගම

සම්පත් එස් කල්පගේ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.