විවාහයට නැතිවම බැරි සෙනසුරු

ජනවාරි 21, 2022

2022 වසර මඟුල් සක්වළක්. කුමක් හෝ ශිල්පයක් ශාස්ත්‍රයක්, දැනුමක් තිබෙන අයට විශේෂයෙන් විවාහ මගුලක් ඇති කරන ඔබට මේ වසර ඉතා වාසනාවන්තයි. ඒක එසේම වේවායි අපි පතනවා. ඔය සාස්තරකාරයෝ වගේ නිකම් මෙහෙම කිව්වට හරි නැහැ. කරුණුූ කාරණා සහිතව කිව්වොත් තමයි යහපත්ව අවබෝධ වන්නේ. ඡ්‍යොතිෂයෙන් කෙරෙන්නේත් ඒකම නේ.

 

2022 වසර ඉංගී‍්‍රසි ක්‍රමයට ආරම්භ වන්නෙ ජනවාරිවල ධනු රවියෙන් එහෙනම් දැනුමත් සමඟ. බලයෙන්. රවි සිකුරු යෝගත් සමඟ. මේ යෝග දෙකම සුබවාදියි. රාජ්‍ය අනුග්‍රහයෙන් කිසියම් වාසියක් ලැබෙන්නත් ඉඩ තිබෙනවා. ලග්නයේ ඉන්න රවි සිකුරුට 7 වැනි රාශියේ නැත්නම් විවාහක ස්ථානයේ අයත් බුධ ගෝචරය 2 වැනි රාශියේ එනම් ධනස්තානයේ සුබවාදිව ඉන්නවා.

 

කවදාවත් නැතිව මිතුරු සෙනසුරු සමඟ ගෝචරය අපි දන්නවා. ටිකක් ප්‍රමාද කරල හරි ඕන දෙයක් ඉටුකරන ග්‍රහයෙක් තමයි සෙනසුරා. කොටින්ම කිව්වොත් 2022 පටන් ගත්තෙම මනමාලය රජතුමා සමඟ යෝගවෙලා. ඒකයි කිව්වේ රාජ්‍ය අනුග්‍රහයක් ගැන. මේ සෙනසුරා මහ පුදුම සහගත දේ තමයි කරන්නේ. ඒක නිසාම තව ටිකක් වැඩියෙන් අවබෝධ කරගත්තොත් වටිනවා. මොකද මේ සෙනසුරා විවාහ සම්බන්ධතා, විවාහ යෝජනාවලදි විශේෂ මෙහෙයක් කරනවා. ඒක නිසාම සෙනුසරා ගැන වැඩිපුර ටිකක් මධ්‍යස්ථව ඉගෙන ගනිමු.

සෙනසුරා තරම් කෙනකුට ඇති කරන හා කෙනෙක්ව නැති කරන තවත් ග්‍රහයෙක් නැති තරම්. සාමාන්‍යයෙන් යන්ත්‍ර ශතකයේ සඳහන් පරිදි එක් යන්ත්‍රයක් ග්‍රහයෝ කීපදෙනකුට යහපත උදාකරනවා. උදාහරණයක් තමයි” නවනාථය” යන්ත්‍රය බුධ ගේ අපල බ්‍රහස්පතිගේ අපල දෙකටම හොඳයි. නමුත් ශනි මුත්‍යජය යන්ත්‍රය හොඳ හෝ නරකට සෙනසුරාටම පමණයි.

ඡ්‍යොතිෂය කිව්වේ ග්‍රහ තරු රටා පැවැත්මේ ස්වභාවය අනුව ගුණාගුණ කීමයි. ඡ්‍යොතිෂයේ කරුණු කාරණා කියන්නෙ ආවට ගියාට නොවේ. කිසියම් හේතු සහගත කරුණකට අනුවයි. කේන්දර සටහන බලලා හොද වාස්තු පලාපලත් කියන සමහර ඡ්‍යොතිෂවේදියොත් නැතුව නොවෙයි. මම ඔය රූප පෙට්ටියේ දැකල තිබෙනවා. කලින් කිව් පරිදි කිසියම් හේතු සහගත ඇසුරු කරුණු කාරණා කියන්න. ඡ්‍යොතිෂයේ ස්ලෝක නියමයන්, ගුරු මුෂ්ටි, දෝශ භංග වගේ දේවල් ගැන හොඳ දැනුමක් තිබෙන්න ඕනෑ. ග්‍රහයෝ ගැනත් ග්‍රහ පිහිටීම ගැනත් හරියට නිවැරදිව වටහාගන්න ඕනෑ. උදාහරණයක් වශයෙන් ඔය අපි පාපි ග්‍රහයේ කියල නම යෙදුවට ඒක ස්ථීර වශයෙන්ම කියන්න හැකි වන්නේ ග්‍රහ පිහිටීම උඩයි. එනම් ක්‍රියා උඩයි. අඟහරුවා පාපියා කියනවනේ, ඒ වගේම ශරීරයේ ලේවලට අධිපතියා. අනික කලබලකාරයා.එහෙම වුණාට අඟහරුවා පාපි තත්ත්වයෙන් මිදිලා මේෂ , වෘශ්චික, රාශියක ගෝචර වුණොත් යහපත් ප්‍රතිඵල තමයි දෙන්නේ. ඕකෙම දැන් පැහැදිලියි නේද? ධනපාල කිව්වේ මුදල් වස්තු නැති අලස හිඟන්නෙක් නම් ඒ නම එයාට උචිත නැහැ. අනික සිරියවතී කිව්වොත් ක්‍රියාවේ හා මුහුණේ සිරියාව තිබෙන්නෙ ඕනෑ. ඕකම නේද බුදුදහමේ දේශනා කළේ.

“නජජ්ජා වස ලෝ හෝති – නජජ්ජා හෝති බ්‍රාහ්මනෝ “ කියලා ඡ්‍යොතිෂයේ බොහෝ දේ බුදු දහමත් සමඟ සමානාන්තරයි.

සෙනසුරු ගැන කතා කරන කොට වැදගත් එක නියමයක් තමයි රාශි වළල්ලේ සෙනසුරු කොතැනද ගෝචරය එතැනට හිමි දේ කරදෙන්න ටිකක් ප්‍රමාද වෙලා. හැබැයි. නොකර හරින්නෙත් නැහැ. සෙනසුරුගේ ශප්තම් දෘෂ්ඨිය තිබෙන රාශියටත් එහෙමයි. අමතක කරන්න එපා. ශනිට දහනම වසරක් අයිති බව. අන්තර් දශා කාලය වසර තුනයි දින තුනයි. වර්ෂ 120 කින් යුත් රාශි වළල්ලේ 19 අවුරුද්දක් කිව්වාම විශේෂ තැනක්. සිකුරුට පමණයි දෙවැනි වන්නේ. සෙනසුරා 2022 වසර මුල යහපත් ග්‍රහ චාරයක් තමයි පෙන්වන්නේ. මේ වසරේ සෙනසුරු එයාට අයත් රාශිවලින් පිට යන්නෙ නැති එකත් හොඳයි. 2022 විවාහ වසරක් කිව්වට ඔබේ පුතාගේ දුවනියගේ විවාහ වන වයසේ ඉන්නව නම් මේ ගැන ටිකක් හිතන්න. විවාහ යෝජනා සම්බන්ධව.

ඕනෑම කේන්දරයක පළමු රාශිය හෝ රාශියේ සහ හත්වන රාශිය හෝ රාශියේ සෙනසුරු ඉන්නව නම් තිබේනම් ඒ තැනැත්තගේ විවාහ කටයුතු ප්‍රමාද කරනවා. ඔහුට හෝ ඇයට අවශ්‍ය කාලවලට විවාහය කරන්න ඉඩදෙන්නෙ නැහැ. හැබැයි නොකර හරින්නෙත් නැහැ. ප්‍රමාදවී හරි කරනවා. ඒකත් ඡ්‍යොතිෂ දැනුමේ තබාගන්න. බොහෝ දුරට ප්‍රමාද කරල අඩු වයසේ හෝ තමුන්ට වඩා වැඩි වයසේ එකක් කරන්න මාර්ගය උදාකරනවා. මේක බමුණු කුලවල හරියට සිදුවුණා. මේ සෙනුසරුගේ නරක අයහපත් ක්‍රියා මැඬලන එකම ප්‍රතිකාරය “ශනි මූත්‍යංජය” යන්ත්‍රය පැලැඳීමයි. ඒකත් රත්‍රං වතුරේ දමලා පුර තිථියට ආරම්භ කරල .පුර තිථීය ඇතුළෙම දමන්න ඕනෑ. සෙනසුරුට අයත් දිෂ්ඨි මන්ත්‍රයකින් 1008 වරකට වඩා දිෂ්ඨි කරලා. මාතාංගේෂ්වරි යන්ත්‍රයේම අයත් මන්ත්‍රයකින් ජප කරල අවශ්‍ය කෙනාට බැන්දම හරි. මේක හරියටම හරි. සෙනසුරුගේ විවාහ අපලවලට විතරයි. විවාහ අපලවලට ක්‍රමය ටිකක් වෙනස්. ඊට පසු ප්‍රාණ, පලිප්පි, කරලා නිවැරදිව කරන්න නම් ඕනෑ. හැබැයි මන්ත්‍ර වාර ගණනදී අඩු කළොත් නම් බැහැ. පූජාවට කිසිම කිලිකුණු ඇතුළු නොකරන්නත් ඕනෑ. අනික තමයි මේ යන්ත්‍රය දමල නිකං ඉන්න එපා. ටිකක් ඉක්මන් කරන්න. කෙම්මුර දිනවලට ඒ කිව්වේ බදාදා, සෙනසුරාදා දිනවලට උදේට ගිතෙල් කිරිබත් සමඟ පොල්තෙල් පහන් දල්වලා ටිකක් දැල්උනාට පසු නිවන්න එතකොට ඒකෙන් යම්කිසි දුමක් නගීවි. ඒ දුමට කපුටො හරි කැමතියි. උන් ඇවිදින් කිරිබත් ගිතෙල් කාලා අර තිර ගිලීවි. එතකොට ඔබේ අවශ්‍යතාවය හිතන්න. මේ ක්‍රියාවන් නිවැරදිව කරන්න. අනික හිඟන්නන්ට, කොරුන්ට කෑම දෙන්න ඔබට හැකි අයුරින් පමණක්. ඔය කිව්වේ සෙනසුරු විවාහයට බලපාන කරුණු සහ ඉන් මිදෙන කරුණු ටිකක්. මම කලින් කිව් ශනි මුතං්‍යජය සෙනසුරාගෙන් වැඩ ගන්නත් නියමයි. ඔය කාලෙට අර යන්ත්‍රය පැලඳුවාම පනින රිලවුන්ට ඉනිමං බැන්ද වගේ කියල තිබෙනවනේ. ඔබ නොහිතන දේ පවා ලැබෙනවා. ඔබ අසා ඇති සෙනසුරා ගැන බොහොම අය කියන කතාවක්. එනම් සෙනසුරා. ලැබුවාම දෙනවාය, සෙනසුරා ගියාම ගන්න වාය කියන ඒක නිවැරදිම නැහැ. සෙනසුරා ලැබුවාම දෙනවා තමයි මොනවද දෙන්නෙ හැම දෙයම දෙනවා. ඒ කිව්වේ ජීවිතයට අවශ්‍ය අනවශ්‍ය ඔක්කොම දේවල්. ඒක තවත් පැහැදිලි කරනව නම් සුඛෝපභෝගි කෑම, ඉඩකඩම්, යානවාහන ස්ත්‍රී වර්ගයා වැනි දේත් දෙනවා. සෙනසුරු ගියාම ඒ කිව්වේ සෙනසුරුගේ අන්තර් දශා කාලය ඉවර වුණාට දීම ඉවරයි ගන්නෙ නැහැ මොකවත් හැබැයි අර අලුත් පුරුදු එහෙමම පවතිනවා. ඒ පුරුදුවලට අනුව තමුන් නැතිවෙනව. ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි. කියන සම්මතයෙන් පීඩා විඳිනවා. ඒ කිව්වේ වැටෙන්න ඕනෑ. පහතටම වැටෙනවා. හිරේ විලංගුවේ පවා වැටෙනවා. ඒක ඍෂි ස්ලෝකයෙන් මෙහෙම සඳහන්.

“නිත්‍යං විවාද වදබංධන රෝග පීඩා”

ගන්ධෝ සදා විමුක්තං වරමිත්‍ර වෛරම්

අසානි රස්ථ කෘහි නිශ්ඵල නාස්ති හානිං

සර්‍මසු සම්භව දසා සුතරෝග්‍ය පෛනී

විශේෂයෙන් මේ කිව්වේ සෙනසුරු දසාවේ වෙන දේවල්.

විශේෂයෙන් හිතන්න ඕනි සෙනසුරු තියා කවුරු මොනව දුන්නත් අනවශ්‍ය නම් නොගන්නා ලෙස. එතකොට සෙනසුරුගේ මිත්‍ර දසාවේ බේරෙන්න පුළුවන්. කලබල වෙලා හැමදේම ගත්තොත් ඉවරටම ඉවරයි. විශේෂයෙන් සෙනසුරුට කිසියම් පූජාවක් වැනි දෙයක් කරනව නම් ඉන් නියමෙටම පල ලබන්න නම් නිවැරදිවම කරන්න ඕනෑ. මොකද සෙනසුරුගේ ප්‍රජාවෙදි වෙනත් ග්‍රහයකුට පූජා කෙරෙනවට සෙනසුරු කැමැත්තක් නැහැ. ඒ කිව්වේ නියම ප්‍රතිඵල දෙන්නෙ නැහැ. සෙනසුරුට සාමාන්‍ය පූජා කරන කොට සාමාන්‍ය දේ දැනගන්න ඒ අනුව කරන්න. සෙනසුරුගේ දිශාව වරුණ. වැඩ වාසය කරන්නෙ නුග ගස්වල ඔය වැනි දේ උපයෝගි කරගන්න. සෙනසුරුට යන්ත්‍ර ගුරුකම් වගේ කරන කොට මේ වට අමතරව යානය කපුටා අවතාරය ඉදිඹුවා වැනි දේත් කරන්න. ඉගෙන ගන්න. ඕනෑම යන්ත්‍රයක් මතුරන කොට එක එක ආදේශ පෙනෙන්න සැලසීම වෙනුවට මේ ග්‍රහයට මතුරන කොට ඉඳිබු අවතාරය යාන්තමට පෙනේවි. ඒකට බය නොවී. නොසැලී මතුරන්න. තවත් එකක් කියන්නම් කෝ. ඔය එක පාරටම යන්ත්‍රය දමන්න ඕනත් නැහැ. දැම්මොත් හොඳයි. අර කෙම්මුර දිනවලට කිව් වැඩතේ කරල බලන්න. නුගගස්වලට පහන් දල්වන එක විවාහ ප්‍රමාද අයට හොඳ ක්‍රියාවක්. මේ ක්‍රියාවන් තවමත් ක්‍රියාත්මකයි. ඉන් පල ලැබෙනවා.

 

 

 

පාරම්පරික ගුප්තවේදී /ඡ්‍යොතිෂවේදී

සම්මාන /සහතික ලාභී

මීපේගණිතගේ රන්ජිත් විද්‍යාරත්න

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.