ජුනි 26 සඳුදා - ලග්න සහ රාහු කාලය

ජුනි 26, 2023

ඉර උදාව - පෙ.ව. 05.57 
ඉර බැසීම - ප.ව. 06.29 
 
රාහු කාලය - පෙ.ව. 07.31 සිට පෙ.ව. 09.05 දක්වා 
 
සුබ දිශාව - දකුණ
 
මේෂ 
සිතේ කිසිම පී‍්‍රතියක් විනෝදයක් නොමැති කාලයක් වනු ඇත. බලාපොරොත්තු ඉටු නොවේ. සිත් තැවුල් ඇතිවන අතර, අධික වියදම් ධන හානි ඇති කරයි. රක්තවාත රෝග, බඩේ අජීර්ණ රෝගවලින් පීඩා ගෙන දෙන දිනයකි. 
 
වෘෂභ 
කරදර සිත්තැවුල් ඇති කරන දිනයකි. ඉක්මනින් කේන්ති යයි. සෑම දෙයක් ගැනම සැක සහිතව බලනු ඇත. වියදම් අධිකවේ. ඥාතියෙකු සමඟ හෝ ඇසුරු කරන අයකු සමඟ මතභේද ඇතිවන බැවින් කල්පනාවෙන් හා ඉවසිල්ලෙන් කටයුතු කළ යුතු ය. 
 
මිථුන 
සතුරන් නිසා කරදර ඇතිවිය හැකි දිනයකි. දියුණුව පිළිබඳ අදහසක් ඇතිවේ. කලකින් මුණ නොගැසුණ අයෙකු මුණ ගැසීම නිසා හිතට පී‍්‍රතියක් ඇතිකරයි. ත්‍යාග පවා ලැබිය හැකි දිනයකි. 
 
කටක 
වියදම් අධික වන දිනයකි. පලක් නැති දෙයට පවා වියදම් කරයි. තමා කෙරෙහි අන් අය අතර පැවති පිළිගැනීම ගෞරවය අඩුවේ. කරගෙන ආ කටයුතු ප්‍රමාද වීමට යම් යම් කරුණු යෙදේ. උත්සාහයෙන් යුතුව වැඩකළ යුතු දිනයකි. 
 
සිංහ 
එදිනෙදා කටයුතු පිළිවෙළට සකස්කර ගැනීමට සිදුවේ. කෑමක් පිළිබඳව අමුත්තක් ඇති කරයි. සුළු සුළු ලාභ ලැබෙන දිනයකි. ලාබ ලැබෙන මාර්ග ගැන ද සිතයි. පෞද්ගලික කටයුතු කෙරෙහි සිත ඇදී යයි. සමාජයෙන් හෝ ප්‍රසිද්ධියෙන් ඈත්ව කටයුතු කිරීමටද බලයි. 
 
කන්‍යා 
අවුල් වියවුල්වලට අසුවීමට ඉඩ ඇති බැවින් පරිස්සම් විය යුතු ය. අන් අය හා ආශ්‍රය හා ගනුදෙනු කිරීම පිළිබඳවද කල්පනාකාරීව කළ යුතුය. තමා අතින්ම යම්කිසි පාඩුවක් සිදුවනු ඇත. ශාරීරික ආබාධයකටද ඉඩ තිබේ. විදෙස් ගතවීමට අදහස් කරන්නේ නම් ඒ සඳහා යොමුවිය යුතු දිනයකි. 
 
තුලා 
ඇසුරු කරන්නන්ගෙන් පී‍්‍රතියට කටයුතු සැලසෙනු ඇත. ගෙදර දොර සැප පහසුව සැලසේ. මෙතෙක් ලැබීමට ප්‍රමාදවෙමින් පැවති මුදලක් ලැබෙනු ඇත. අලුත් පිරිසක් ඇසුරට ලැබේ. සමාජ ආශ්‍රයට යොමුවන දිනයකි. 
 
වෘශ්චික 
සුළු සුළු වස්තුලාභ ලැබේ. හොඳින් කාලය ගතවේ. තම තත්ත්වය උසස් කර ගැනීමට සිතයි. අන් අයගෙන් ගරු සැලකිලි ලැබෙන දිනයකි. ධෛර්යවන්තව කටයුතු කරනු ඇත. 
 
ධනු 
තම නම්බුව කෙලෙසන වැඩකට අත ගැසීමට සිත්දෙනු ඇත. මුදල් අතින් අගහිගකම් ඇතිවේ. උසස් අයගෙන් හෝ ගෙදර වැඩිහිටි අයකුගේ දෝෂාරෝපණයට ලක්වේ. ආමාශයේ ආබාධ ගතියක් ඇති කරයි. 
 
මකර 
නිශ්ඵල ගමන් මෙන්ම අධික වියදම් ඇති කරයි. හිතේ ධෛර්යමත්බව අඩුව යනු ඇත. හදිසි වියදම් සිත් තැවුල් වැනි දෙයින් සිතේ චංචල බවක් ඇතිවේ. ජලයෙන් පීඩා ඇතිවීමටද පුළුවන. 
 
කුම්භ 
හොඳ ආහාර පාන සැප පහසුව ලැබෙන දිනයකි. මිතුරන් සමඟ විනෝදවීමටද ගමන් බිමන් යාමටද හැකිවේ. ගෞරවය වැඩිවන අතර දියුණුවද ඇතිවේ. 
 
මීන 
පහත් අයකුගෙන් හෝ තමා යටතේ වැඩ කරන අයකුගෙන් වැඩක් ගැනීමට සිදුවේ. අදහස් ඉෂ්ඨ වේ. වෙහෙස මහන්සි වී කටයුතු කිරීමට සිදුවන දිනයකි. අසනීප තත්ත්වයක් ගැන කතා කිරීමට ද සිදුවේ. 
 
ජ්‍යොතිෂවේදිනී, ගීතිකා සමරතුංග
 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.