වර්ෂ 2024 ක්වූ September 20 වැනිදා Friday
ජුනි 17 සෙනසුරාදා - ලග්න සහ රාහු කාලය
ජුනි 16, 2023
ඉර උදාව - පෙ.ව. 05.56
ඉර බැසීම - ප.ව. 06.27
රාහු කාලය - ප.ව. 04.53 සිට ප.ව. 06.00
සුබ දිශාව - දකුණ
මේෂ
සිතට සැකයක් ඇතිවන දිනයකි. කරන කියන වැඩකටයුතු පවා සැක සහිතව කිරීමට සිදුවේ. මිල මුදල් පිළිබඳ ගැටලු ඇති කරයි. සිතේ චංචල බවක්ද ඇතිවේ. නිතර අදහස් වෙනස් කරයි.
වෘෂභ
අවුල් වියවුල් සහිත දිනයකි. කථාවට අකමැති ගතියක් හෝ ප්‍රමාණයට වඩා කථාවට ලැදි බවක් පෙන්වයි. අලාභ හානි තම කටයුතුවලට බාධා හා හිරිහැර ද ඇතිවේ.
මිථුන
සමාජයෙන් හෝ ප්‍රසිද්ධියෙන් ඈත්ව කටයුතු කරයි. තමා ගැන පමණක් සිතා කටයුතු කරයි. හිතවත් අයකු මුණ ගැසීමෙන් සුළු සුළු ලාභද ඇතිවනු ඇත. ආගමානුකූලව පින්දහම් කටයුතුª කෙරෙහි සිත යොදවා ක්‍රියා කිරීමෙන් තම කටයුතු සාර්ථක කර ගැනීමට හැකිවනු ඇත.
කටක
ඉවසීමෙන් පරිස්සමින් කටයුතු කළයුතු දිනයක් වන අතර අන් අය හා සම්බන්ධව කරන කටයුතුවලදී සිත් රිදීම් පාඩු අලාභ හානි ගෙන දෙනු ඇත. පාදවල පීඩාවන් ඇතිවීමට ද ඉඩ තිබේ.
සිංහ
දියුණුවට කටයුතු සැලසෙන අතර වාසනාවන්ත දවසකි. ඥාති මිත්‍රාදීන් සමඟ පී‍්‍රතියෙන් කටයුතු කිරීමට ද හැකි වේ. මුදල් ලාභ ලැබෙනු ඇත. කරන කියන කටයුතුවලින් සිතට පී‍්‍රතිය ද සැනසීමද ලැබෙනු ඇත.
කන්‍යා
තම තත්ත්වය උසස් කර ගැනීමට සිතන දිනයකි. උසස් අය සමඟ ආශ්‍රය ඇති වේ. විශේෂයෙන් මවගෙන් උපකාර ලැබෙනු ඇත. ස්ත්‍රී පක්ෂයේ අය සමඟ එකට එකතු වී කටයුතු කිරීමට ද ලැබෙනු ඇත.
තුලා
සිත් තැවුල් කණගාටු සහිත දිනයකි. උසස් අයගේ දෝෂාරෝපණයට ලක්වනු ඇත. නැතහොත් ගෙදර වැඩිහිටියකුගෙන් හෝ දෝෂාරෝපණයක් අසන්නට සිදුවේ. පිනට දහමට ආශාව ආගම් භක්තිය ඇති කරයි.
වෘශ්චික
අවුල් වියවුල් සහිත දිනයක් වන අතර කරගෙන යන කටයුතුවලට බාධා අවහිරකම් හෝ වැඩට උනන්දුව නැතිව කාලය ගත කරනු ඇත. කම්මැලි අලස ගති නිදිමත ගතිද ඇතිවේ.
ධනු
තම ගෞරවයට පාත්‍රවන දිනයක් වන අතර දියුණුවට ද වැඩ කටයුතු සැලසේ. සැප පහසුව ඇතිව නිදා ගැනීමට ලැබෙනු ඇත. ස්ත්‍රී පක්ෂයේ අය නිසා සිතට සතුටක් ගෙන දෙන කාලයකි. මිල මුදල් ලාභයක්ද හිමිකරයි.
මකර
ගෙදර දොර වාසනාවන්ත වන අතර කරන කටයුතුවලින් ජය ලැබේ. සිතේ සතුටට කරුණු යෙදේ. සුළු සුළු මුදල ලාභ ඇති කාලයක් බැවින් ලොතරැයි වාසනාව උරගා බැලීම යහපත් වනු ඇත.
කුම්භ
අමුතු දේ කෙරෙහි සිත යොමු වන අතර විනෝදයෙන් සිටීමට ඉඩ පහසුකම් ලැබුණත් ඒවායින් සිතට කිසිම පී‍්‍රතියක් අත් නොකරයි. හිතේ පැටලැවිලි ගතියක්ද ඇතිවනු ඇතිවේ. කම්සැපට බාධා ඇතිවේ.
මීන
වියදම් අධික දිනයක් වන අතර කථාව නිසා අන් අය සමඟ මතභේද සිත් අමනාපකම් ඇතිවීමට ඉඩ ඇති බැවින් කථාවේදී පරිස්සම් විය යුතුය. ඥාති මිත්‍රාදීන් සමඟ වුවත් මතභේද සහිත සිදුවීම්වලට මුහුණදීමට සිදුවේ. පපුවේ සෙම ගතිය වැඩිවනු ඇත.
ඡ්‍යොතිෂවේදිනී ගීතිකා සමරතුංග
෴ සබැඳි ලිපි ෴
සංචාරක ව්‍යාපාරය අධිවේගී දියුණුවටරාජ්ය යාන්ත්‍රිකයන් ඵලදායී පෙළගැස්මක්ජනතාව වෘත්තීන්හි අප්‍රමාදව ක්‍රියාකාරී බවදේශීය නිෂ්පාදන ක්‍රියාවලිය...
2021-07-29 18:30:00
ජන්ම පත්‍රයක අටවැන්න ජන්මියකුගේ ජීවිතය ගෙන යන වේගය පෙන්වන ස්ථානයයි. අට වැන්නෙන් අප පරීක්ෂා කරනුයේ ආයුෂ, මරණය, උරුම, හිමිකම් ලාභ, විවාහ සහකරු හෝ...
2021-07-22 18:30:00
දක්ෂිණායනය වර්ෂා සෘතුවෙහි කටක රවි 27 භාග නිකිණි මහේ පුර දියවක තිථිය ලත් අගෝස්තු 11 වෙනි බුධ දින පෙරවරු 11.32 ට රසකාමි සිකුරුග්රහයා බුධ හිමි කන්‍යාවට...
2021-07-22 18:30:00
සයුර, අහස, ගොඩබිම් අනතුරුවිවිධ වසංගත පැතිරීම්අර්බුධ කුමන්ත්‍රණ නිර්මාණය වේඅනාචාර, දුරාචාර කටයුතු වර්ධනය වීමජන සන්නිවේදන තාක්ෂණික ක්ෂේත්රයන්හි...
2021-07-15 18:30:00
මෙයින් විශේෂයෙන්ම කාන්තා ඔබ වෙත ගෙන එන්නේ ඔබගේ උපන් නැකැත අනුව පලාඵල විස්තරයකි. කාන්තා ඔබට උපන් නැකැත සොයාගැනීම ඉතා පහසුයි. ඔබේ හඳහන කියවාගෙන යන විට...
2021-07-08 18:30:00
ක්ෂණිකව සිද්ධවෙන අතුරු අනතුරු වැඩිවේ.වසංගත රෝගාබාධ උග්‍ර අතටසුරාව, මත්කුඩු, සත්ව මාංශ පරිභෝජන ඉහළටපුද්ගල ආවේගශීලීත්වය නිර්මාණය වෙයිඅධ්යාපනය, සෞඛ්‍යය...
2021-07-08 18:30:00
දක්ෂිණායනය වර්ෂා සෘතුවෙහි කටක රවි 05 භාගය ඇසළ මහේ පුර එකොළොස්වක තිථිය මා, පුවපල්, උත්‍රපල් ආශි‍්‍රත පාද නවයක් ගෙවා සැප්තැම්බර් 06 දක්වා මිත්රශීලීව...
2021-07-01 18:30:00
(ජුනි 25 දා සිට ජුලි 01 දක්වා) 25 ගු උදේ 06.57 සිට උදේ 07.07 දක්වා26 ශ උදේ 05.55 සිට උදේ 06.26 දක්වා27 ර උදේ 09.07 සිට උදේ 09.34 දක්වා28 ච උදේ...
2021-06-24 18:30:00
උත්තරායනය ගී‍්‍රෂ්ම සෘතුවේ. මිථුන රවි 01 භාග පොසොන් මහේ පුර විශේනිය තිථිය ඤාණකාරක බුධ හිමි වායෝ භූත මිථුන රාශිය සෙන්පති අඟහරු හිමි මුවසිරස තුන පාදය...
2021-06-24 18:30:00
(ජුනි 18 දා සිට 24 දක්වා)18 ශු උදේ 06.57 සිට උදේ 07.07 දක්වා19 ශ උදේ 05.55 සිට උදේ 06.26 දක්වා20 ර උදේ 07.31 සිට උදේ 08.00 දක්වා21 ච උදේ 06.57 සිට...
2021-06-17 18:30:00
දක්ෂිණායන වර්ෂා සෘතුවෙහි මිථුන රවි 08 භාග පොසොන් මහේ පුර තෙළෙස්වක තිථිය, කටක රාශිය, කටක නවාංශකය පුනාවස 04 පාදය, පංචමහා භූත වායෝ භූත ත්‍රිත්වය ආශි්...
2021-06-17 18:30:00
උත්තරායන ග්‍රීෂ්ම සෘතුවෙහි වෘෂභ රවි 20 භාග පොසොන් මහේ පුර දියවක තිථිය පුනාවස නැකැතේ 01 වන පාදය ආශ්‍රිතව ජුනි මස 12 වන ශනි දින පස්වරු 04.56 සිට පස්වරු...
2021-06-10 18:30:00
2021 ජුනි මස 14 දින චන්ද්‍ර පැය 59.40 න් ලොව පාලනය කරන්නා වූ සූර්යා දිව්‍ය රාජතෙම බුධ හිමි මිථුන රාශියට පැමිණ ජුලි මස 16 වැනි දින සවස් යාමය වනතුරු...
2021-06-03 18:30:00
බුධ, ශුක්‍ර - ශනි, චන්ද්‍ර - රවි, චන්ද්‍ර සංයෝග - මිථුන, කන්‍යා, ධනු, මීණ, භද්‍රයෝග - මේෂ, කට, තුලා, මකර සස යෝග ආදී මහා පුරිස යෝග බලැතිව ...
2021-06-03 18:30:00
28 ශු උදේ 08.30 සිට උදේ 08.42 දක්වා29 ශ උදේ 07.31 සිට උදේ 07.59 දක්වා30 ර උදේ 09.07 සිට උදේ 09.32 දක්වා31 ර උදේ 06.57 සිට උදේ 07.07 දක්වා01 කු උදේ 07...
2021-05-27 18:30:00
අර්ධ කායකින් හා නාග හිසක් ඇතිව තකරීරු, මකරීය, යමදූනීය, කාල රක්ෂීය යන චතුර් දන්තයෙන් හෙබි (විෂ දළ හතරකින් යුක්තව ද) රාහුගේ බල ශක්තිය හිරු, සඳු ග්‍රහ...
2021-05-27 18:30:00