ධනය, බලය උදාකරන ත්‍රිපුෂ්කර යෝගයක්

ජුනි 11, 2021

උත්තරායන ග්‍රීෂ්ම සෘතුවෙහි වෘෂභ රවි 20 භාග පොසොන් මහේ පුර දියවක තිථිය පුනාවස නැකැතේ 01 වන පාදය ආශ්‍රිතව ජුනි මස 12 වන ශනි දින පස්වරු 04.56 සිට පස්වරු 08.17 දක්වා කෝටියක් දෝෂ භංග වන පුරාතනික ඉසිවර මතයට අනුව ත්‍රිපුෂ්කර යෝගබලයක් විශ්ව තාරකා මන්දා කිණියෙහි උතුරු දිසාව බලා උදා වන්නේය.

සෙනසුරාදා දවස ඡත්‍රයෝ ග බලැති පුනාවස නැකත දියවක තිථිය මූලික කොටගත් අසිරිමත් නක්ෂත්‍ර සුබවාදී වූ මුහුර්ථ බලයකි. අද සා, සියාවස, පුෂ, අනුර, උත්‍රපුටුප, අස්විද, මා, මුල, කැති, උත්‍රපල්, උත්‍රසල, ෙරෙහන, හත, සුවණ ජන්ම නැකැත් හිමි අයට අතිශය ප්‍රශස්ත සුබ මුහුර්ථයකි. සිද්ධි පෙළක් නොමැති පොකුරක් ලෙස සිදුවෙන එකට තුන් ගුණයක ගුණාත්මක මෙන්ම ධනාත්මක බවකි. නක්ෂත්‍ර ප්‍රයෝගෙයහි යෙදුණ දුර්ලභ දුෂ්කර වූ ඡ්‍යොතිෂමය විචිත්‍ර ක්‍රමවේදයකි. නෙළුම් මල පුෂ්කර නාමෙයන්ද පෙති රැසකින් අනූන බැවින් පොකුරු යන නාමෙයන්ද ත්‍රිපුෂ්කර යෝ ග බලය හැඳීන්විය හැක. කෘෂිකාර්මික ජන ජීවිතය මෙන්ම භෞතිකමය සුවිශේෂී කරුණු කාරණා සඳහාද හිතකර වෙන්නකි. තුණුරුවන් දෙවිදේවතාවුන් නවග්‍රහයින් මවුපිය නැදිමයිලන් ඇතුළුව සාංසාරගත ඉෂ්ඨ දේවතාවුන් අනුස්මරණය කොට සුබවාදී කරුණු කාරණා සමාරම්භය යහපත් වන්නේය.

නිවාස වෙළඳ ව්‍යාපාර, ආයතන සමාරම්භය, ගොඩ මඩ ඉඩම් යානවාහන යන්ත්‍රසූත්‍ර මිලට ගැනීම, භාවිතයට ගැනීම, තරග විභාග සම්මුඛ පරීක්ෂණ නඩුහබ විජයග්‍රහණය, ගමන් බිමන් යාම, මැණික් ගැරීම්, පතල් කැනීම්, පෙති පිළිම නෙලීම්, නේත්‍රා තැබීම්, පැවිදි කිරීම්, ආගමික සමාජ සුබසාධන සේවා, නිර්නා මික නාමික සොරසතුරන්ට දඬුවම් දීම්, පොත්පත් ලිපි ලේඛන තෙල් බෙහෙත් කල්ක අරිෂ්ඨ චූර්ණ සම්පාදනයට, නව වස්ත්‍රාභරණ දැරීමට, ආවාහ විවාහ කටයුතු ඇතුළු කෘෂිකාර්මික කාර්මික ජන දිවියට අදාළ සුබවාදී ක්‍රියාකරකම් සඳහා අතිශය ප්‍රශස්ත වස්තු සම්පත් ගලා එන මුහුර්ථයකි.

 

කොත්මලේ

විජිත ඩී. ලියනආරච්චි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.