රාජ යෝග උදාකරමින් රවි, මිථුන රාශි ගත වේ

ජුනි 4, 2021

2021 ජුනි මස 14 දින චන්ද්‍ර පැය 59.40 න් ලොව පාලනය කරන්නා වූ සූර්යා දිව්‍ය රාජතෙම බුධ හිමි මිථුන රාශියට පැමිණ ජුලි මස 16 වැනි දින සවස් යාමය වනතුරු එහි ගමන් ගනු ලබයි. “මුව දෙක අද පුනවස් තුන මිථුන රැස” කීවාසේ කුජ හිමි මුවසිරස නැකතේ 3- 4 පාදත්, රාහු හිමි අද නැකත සම්පූර්ණවත්, ගුරු හිමි පුනාවස නැකතේ 1, 2, 3 පාදත් යන මිථුන රාශිය සෑදී තිබෙන නැකත් පාද 9 තුළ රවි ගමන් කරනු ඇත. රවි මිථුන රැසෙහි හැසිරෙන කාලය තුළ ජුනි 22 දින සිකුරු කටක රාශිගත වීමත් ජුලි 07 වැනි දින බුධ වක්‍රයෙන් මිදී නැවත මිථුන රැසට පැමිණීමත් (ජුනි 23 බුධ නිවෘත) මැයි 23 දින ශනිගේ වක්‍රය සිදුව තිබූ බවත් ජුනි 20 දින ගුරු වක්‍ර වීමත් සිදු වන අතර, රවි, මිථුන රැසට පැමිණෙන විට උදාව තිබූ තත්කාල ලග්නය හා එහි ග්‍රහ පිහිටීම් දෙස විමසා බලමු.

තත්කාල වෘෂභ ලග්නය වන අතර ලග්නයේ වක්‍ර බුධ හා රාහු ද දෙවැන්නේ රවි සිකුරු තුන් වැන්නේ කුජ, චන්ද්‍ර දෙපලද 7 කේතු ද 9 වැන්නේ ශනි 10 වැන්නේ ගුරු නෙප්චූන් ද යුරේනස් 12 වැන්නේ ද සිටී. ජුලි 7 දින බුධ මිථුන රැසට පිවිසීමත් සමඟ මිථුනයේ රවි, බුධ යෝගය බලවත්ව සිටින බව කිව යුතුව තිබේ. රවි, බුධ, මිථුනයේ සිටින කාලය තුළ මිථුන, කන්‍යා, ධනු, මීන ලග්නවලින් ජනිත වන දරුවන්ගේ කේන්ද්‍රවල “භද්‍රා” රාජයෝගය පිහිටනවා ඇත. එපමණක් නොව සෙනසුරු මකර රැසෙහි සිටින කාලය තුළ මේෂ, කටක, තුලා, මකර ලග්නවලින් ජනිත වන දරුවන්ගේ කේන්ද්‍රවල “ශශ” රාජ යෝගය ද ලබා දෙනවා ඇත. මෙතෙක් ඉගෙන ගන්නා දරුවන් හට පවතින බාධක ඉවත් වී අධ්‍යයන කටයුතු කරගෙන යාමට ඉඩකඩ ලැබෙනවා ඇත. සේවක පක්ෂවල පවතින ගැටුම් නිරාකරණය වී යහපත සැලසෙන අතරම, රජයේ ක්‍රියා පිළිවෙත සම්බන්ධව ද දෙස් විදෙස් කීර්ති, ප්‍රශංසා ලැබීමටද ඉහත ග්‍රහ චාරය උපයෝගී වනවා ඇත. විරුද්ධවාදීන් රජයට විරුද්ධව ගෙන යන විරෝධතා, අරගල, පුස්සක් වන බවද කිවයුතු ය.

දුම්රිය ගමනා ගමන කටයුතුවලට තිබූ බාධක ඉවත්ව යනු ලබයි. රැකියා විරහිත උපාධිධාරීන්ගේ ප්‍රශ්න ද නිරාකරණය වේ. වෙළඳ ්‍යාපාර දියුණුව යථාවත් කෙරේ. රට සමෘද්ධිමත් කිරීමේ ව්‍යායාමය සපල වේ. පාරිසරික විපත් සිදුවීම වැළැක්විය නොහැක. අනාරක්ෂිත සෞඛ්‍ය හේතූන් නිසා හදිසි මරණ සංඛ්‍යා ඉහළ යයි.

වැලිගම, කේ.එච්. ධනපාල

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.