උපන් නැකැතට කාන්තා ගතිගුණ

ජූලි 9, 2021

මෙයින් විශේෂයෙන්ම කාන්තා ඔබ වෙත ගෙන එන්නේ ඔබගේ උපන් නැකැත අනුව පලාඵල විස්තරයකි. කාන්තා ඔබට උපන් නැකැත සොයාගැනීම ඉතා පහසුයි. ඔබේ හඳහන කියවාගෙන යන විට ඔබ උපන් නැකත එහි සඳහන් වේ. දැන් ඔබ නැකැත කුමක්ද කියා දන්නවා ඇති. නැකැත් විසි හතකි. කාන්තා ඔබගේ ඒ ඒ නැකැතට අදාළ පලාඵල දැන් ඔබම බලාගන්න.

 

අස්විද නැකැත -

මෙම අස්විද නැකැතින් ජනිත කාන්තාව තම මව්පියන්ට ඉතාම ආදරෙයි. ආගමානුකූල ජීවිතයක් ගත කරයි. කලබල නැත. ඉවසීම ඇත. අධ්‍යාපනයේ උසස්ම තත්ත්වයට පත් වේ. උගත්කම අනුව හොඳ රජයේ රැකියාවකට උරුමකම් කියයි. විවාහයට උගත් පුරුෂයකු හමුවේ.

බෙරණ නැකැත -

සිකුරු හිමි බෙරණ නැකැතින් උපන් කාන්තාව කුඩා කල සිට හරි නපුරුයි. අධ්‍යාපනය සමහරවිට අතර මඟ කඩාකප්පල් වේ. මෙම කාන්තාවන් සමඟ ආශ්‍රය කරන්නට අපහසු වේ. නිතරම කලහකර ගනී. මව්පියන්ගේ හිත් කලකිරවයි. බොහෝවිට මව්පිය අණට අකීකරු වී අඩු වයසින් විවාහයක් කරගනී. එයද එතරම් සාර්ථක නොවේ. සැමියා වෙනස්කම් කරයි. දරුවන්ටත් මව එපාවේ.

කැති නැකැත -

රවි හිමි කැති නැකැතින් උපන් කාන්තාව හරි නපුරුයි. පාසල් ජීවිතය සමහරවිට අසාර්ථක වේ. පාසල් වියේ දී ප්‍රේම සබඳතා කීපයක් ඇති වුවත් ඒවාද අසාර්ථකයි. මව්පියන්ටත් හොර රහසේ අඩු වයසින් රහසිගත විවාහයක් මව්පියන්ට නොගැළපෙන තැනකින් සිදුකරගෙන විවාහයෙන් පසුව දුක්විඳීමට සිදුවේ.

රෙහෙන නැකැත -

සඳු හිමි රෙහෙන නැකැතින් උපන් ඔබ සමහරවිටක පවුලේ එකම දැරිය වන්නට හෝ බාලම දැරිය වන්නට ඉඩ ඇත. ඔබගේ උපතින් පසුව පියාගේ ආර්ථික තත්ත්වය නොසිතූ ලෙස ඉහළයයි. පින්වත් කාන්තාවකි. දැකුම්කළු රුවකට හිමිකම් කියයි. හොඳ රැකියාවක් ලැබේ. මව්පියන්ගේ මහලු වයසේ දී මැය ළඟම රඳවාගෙන ඔවුන්ට හොඳින් සලකයි.

මුව සිරස නැකැත -

ලස්සන රුවකට පැහැපත් ශරීරයකට හිමිකම් කියන්නකි. අධ්‍යාපන කටයුතුවලටත් කුඩා කල සිට දක්ෂ වේ. උසස්ම අධ්‍යාපනයක් ලබයි. සමහර විට විදේශගතව වෛද්‍ය, ඉංජිනේරු පීඨවල වැඩිදුර අධ්‍යාපනයක් ලබයි. යුක්තියට වැඩ කරයි. අයුක්තිය අසාධාරණය වෙනුවෙන් නැඟී සිටියි. සත්‍යගරුක වූත් ආගමානුකූල වූත් ජීවිතයක් ගත කරයි. වාසනාවන්තියකි.

අද නැකැත -

අධ්‍යාපනය අසාර්ථක වූවත් සමාජයෙහි කාගෙත් හිත් දිනාගෙන වැඩ කටයුතු කරයි. නපුරු තැනැත්තියකි. තරමක් තද හිතුවක්කාරී හිතකි. විවාහයෙන් පසුව සැමියාගේ ධනය විනාශවීමට හේතුවේ.කාමාධික ගති ඇත. කලකදී සැමියා රෝගීවීමට ඉඩ ඇත. නැතිනම් ඔහු නිතරම සුරාවෙන් මත්ව කාලය ගත කර හදිසියේ මරණයට පත්වීමට ඉඩ ඇත.

පුනාවස නැකැත -

ගුරුට හිමිකම් කියන නැකැතකි. පාසල් වියේ සිට ඉගෙනීමට මෙන්ම ක්‍රීඩාවලටත් දක්ෂකම් දක්වයි. පාසලේ ශිෂ්‍ය නායිකාවක් වීමට භාග්‍යය ඇත්තියකි. මව්පියන්ට, සහෝදර සහෝදරියන්ට ලැදිවේ. හොඳ රැකියාවක්, හොඳ සැමියෙක්, පින්වත් දරු දැරියන් ලබන්නීය. දෙදෙනාගේම උත්සාහයෙන් මුදල් උපයා දියුණු වේ. ඉතාම සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන්නී ය.

පුෂ නැකැත -

පින්වත් කාන්තාවක් වන්නීය. හොඳ පැහැපත් රුවකට හිමිකම් කියයි. සැපවත් ජීවිතයක් ගත කරයි. යානවාහන අලුත් නිවාස සාදාගනී. ව්‍යාපාරවලින් දියුණුව ලබයි. අනුකම්පා සහගත සිතකි. සමාජයේ උසස් තනතුරු හිමි වේ. යහපත් රැකියාවකට හෝ ව්‍යාපාරයකට යහපත් වේ. වාසනාවන්තියකි.

අස්ලිස නැකැත -

මෙය බුධට අයත් නැකැතකි. ඉතාම කපටි තැනැත්තියකි. ධනය උපයා ගැනීමට දක්ෂයි. මුදල්වලට ණය වේ. ඒවා ගෙවාගැනීමට නොහැකිව ඉතා දුක්බර ජීවිතයක් ගතකිරීමට සිදුවේ. කලගුණ නොදන්නා කාන්තාවකි. විදේශරටවල රැකියාවලට ගියොතින් අතවරවලට ලක්වේ. දරුවන්ටත් හිතවත්කමක් නොමැති වේ.

මා නැකැත -

කේතු හිමි මා නැකැතින් උපන්නී වාසනාවන්තයි. කුඩා කල සිට සැපවත් ජීවිතයක් ගත කරයි. පියාගේ ධන තත්ත්වය උසස් වේ. මව්පිය දේපළ උරුමවේ. විවාහයෙන් පසුව සහකරුගේ ධනය වර්ධනය වේ. පින්වත් සැමියෙකු ලැබීමට භාග්‍යය උදාවේ. ඇයට උපදින දරුවන් පින්වන්තයි. රූමත්ය. වාසනාවන්ත දරුවන් වේ.

පුවපල් නැකැත -

මෙය සිකුරු හිමි නැකැතකි. කලගුණ දන්නියකි. කුඩාකල සිට සැපවත් ජීවිතයක් ගත කරයි. මව්පියන්ට නෑදෑයින්ට හිතවත් වේ. කාගේත් හිත් දිනාගෙන ජීවත් වේ. සමාජයෙහි ගෞරවයට ලක්වේ. සැපවත් විවාහ ජීවිතයක් ගත කරයි. වෙළඳාමෙහි දක්ෂ තැනැත්තියකි. යානවාහන පවා තමාම උපයාගනී.

උත්‍රපල් නැකැත -

මෙම නැකැතින් උපන් කාන්තාවද වාසනාවන්තියකි. ඉගෙනීමට දක්ෂ වේ. උසස් අධ්‍යාපනයකට මැය හිමිකම් කියයි. ධනය දැහැමින් උපයා ගනී. ආගිය තැන සමාජයෙන් ගෞරව ලබන්නීය. මෙම නැකතින් උපන් වනිතාවෝ ස්ථිර රක හිතක් ඇති අයයි. බැරි පොරොන්දු නොදීමට වගබලා ගනී. සමගිය හැමවිටම කතා කරයි. අසරණ අයට උදව් උපකාර කරයි.

හත නැකැත -

අධ්‍යාපනයට දක්ෂ වේ. පියාගේ රැකියා කටයුතු හෝ ව්‍යාපාර කටයුතු දියුණු වේ. කුඩා කල සිට අලුත් නිවසක ජීවත්වීමේ භාග්‍යය ලැබේ. විවාහය ද සාර්ථකයි. ආදර්ශමත් විවාහ ජීවිතයක් ගත කරයි. උගත් තැනැත්තියකි. ගුරුවරියක් වීමට වාසනාව ඇත. යහපත් වේ. කලකදී විවාහයෙන් පසුව ධනය ලැබී පොහොසත් වී වාහන ඉඩම් ලබන්නියකි.

සිත නැකැත -

පුර පක්ෂයෙහි සිත නැකැතින් උපන්නියගේ හිත හොඳයි. ඇය සැපසම්පත් ලබන්නියකි. වැඩි වෙහෙසක් නැති රජයේ රැකියාවකින් මුදල් උපයයි. යාන වාහන, අලුත් තට්ටු නිවාස සාදා ගැනීමේ වාසනාව භාග්‍යය සිත නැකතේ උපන් තැනැත්තියන්ට උදාවන්නීය. විවාහයද සාර්ථකයි. දරුවන් උසස් අධ්‍යාපනයක් ලබා උසස් රැකියා ලබා දියුණු වේ.

සා නැකැත -

රාහු හිමි නැකැතකි. මෙම සා නැකතින් ජනිත කාන්තාවට පාසල්වියේ සිටම හොඳ මිතුරන් ආශ්‍රයට ලැබේ. හොඳින් අධ්‍යාපනය හදාරා වැඩිදුර අධ්‍යාපනයට විදේශ ගතවීමට භාග්‍යය උදාවේ. උසස් රැකියාවක් විදේශගතව කිරීමට භාග්‍යය ලැබේ. හොඳ රූප සම්පත්තියකට හිමිකම් කියයි. දුටුවන් මනබඳින රුවකි. නමුත් ඇය චාම්ගති පි‍්‍රය කරන්නීය. ඉඩකඩම් යානවාහන අලුත් නිවාස හිමි වේ.

විසා නැකැත -

මෙහි හිමිකරුවා ගුරු වේ. (බ්‍රහස්පති) මැය සියුමැලි මෘදු මොලොක් ශරීරයකට හිමිකම් කියන්නීය. පින්වත් වාසනාවන්තියකි.මව්පියන්ව ආදරයෙන් බලාගනී. යහපත් චරිතයකට මැය හිමිකම් කියන්නීය. පරිත්‍යාගශීලීය. නැති බැරි දිළිඳු අයට උදව් උපකාර කරයි. ලෝභ නැතිව පිනට දහමට වියදම් කරයි. සැප සම්පත් උදාකරයි.

අනුර නැකැත -

මෙම අනුර නැකැතින් උපන් කාන්තාව ද වාසනාවන්තයි. කම්මැලි නැත. උනන්දු උත්සාහවන්තියකි. දියුණුවට මහන්සි වී ධනය උපයයි. පිනට දහමට ලැදි වේ. පවුලේ සහෝදර සහෝදරියන්ටද උපකාර කරන්නීය. විදේශගතව හොඳ උසස් රැකියාවක් කරන්නට ඇයට වාසනාව උදාවේ. ප්‍රසන්න ශරීරයකට හිමිකම් කියන යහපත් චරිතයක් හිමි අයයි.

දෙට නැකැත -

දෙට නැකැතින් උපන් කාන්තාවද වාසනාවන්තයි. මැය උපන් දා සිට තම මව්පියන්ගේ ආර්ථික තත්ත්වය දිනෙන් දින ඉහළයයි. ඉගෙනීමට දක්ෂ වේ. උසස් අධ්‍යාපනයක් ලැබීමටත් භාග්‍යය උදාවේ. පැහැපත්ය. රජයේ උසස් රැකියාවක් කිරීමට මඟ පෑදේ. කාගේත් මන බඳින සිත්කළු රුවකට හිමිකම් කියන්නියකි.

මුල නැකැත -

මුල නැකැතින් උපන් කාන්තාව ලස්සන රුවකට හිමිකම් කියයි. ඉගෙනීමට දක්ෂයි. අධ්‍යාපන කටයුතුවලින් උසස් ප්‍රතිඵල ලබා හොඳ රැකියාවක් ලැබේ. තම පරපුරේ ඇත්තන්ගේ ගෞරවයට ලක්වේ. උගත් සැමියකු සහකරු ලෙස ලැබේ. පවුලේ දියුණුව ඇති වේ. දරුවන්ද වාසනාවන්ත වේ. ඔවුන්ද ඉගෙනීමට දක්ෂයන් වේ. මැය යහපත් ගතිගුණ හිමි කාන්තාවකි.

පුවසල නැකැත -

කුඩා කල සිට මව්පියන්ට ධනය ලැබී පවුලම ධනවත් වේ. මැය මව්පියන්ට කීකරුව හැදී වැඩෙයි. අධ්‍යාපනය සාර්ථක වේ. ප්‍රේම සබඳතාවයකින් විවාහය සිදුවේ. පි‍්‍රයකරු උගත් පුද්ගලයකුගේ අත ගැනීමට වාසනාව උදාවේ. ආගමානුකූල ජීවිතයකට හුරු වේ. විවිධ දක්ෂතා ඇත. කාගේත් හිත් දිනාගෙන වැඩකටයුතු කරන්නට දක්ෂ ෙවේ.

උත්‍රසල නැකැත -

රවි හිමි උත්‍රසල නැකැතින් උපන් තැනැත්තිය යහපත් ගතිගුණ ඇත්තියකි. උසස් අධ්‍යාපනයක් ලබයි. මව්පියන්ට කීකරු වේ. හිතවත් වේ. පි‍්‍රයකරු රුවකට හිමිකම් කියයි. නෑදෑයින් අතරත් කැපී පෙනෙන චරිතයකි. මව්පිය ආශිර්වාදය මැද කුල සිරිතට අනුව විවාහය වේ.

සුවණ නැකැත -

මෙම කාන්තාවද හොඳ සිත් ඇදගන්නා සුළු රූප සම්පත්තියකට හිමිකම් කියයි. ඇය උපන්දා සිට පියාගේ ආර්ථිකය දිනෙන්දින ඉහළ යයි. මව්පියන් වියදම් කරමින් ඇයහට මනා උසස් අධ්‍යාපනයක් ලබාදීමට කටයුතු කරයි. වැඩිදුර උසස් අධ්‍යාපනයට විදේශ රටකට යොමුකරවයි. එහිදී වෛද්‍ය විද්‍යාවන් හදාරා උසස් ලෙස සමත්වේ. විවාහය යහපත් වේ. දියුණුව ඇත.

දෙනට නැකැත -

සමාජ සේවයට පි‍්‍රය කාන්තාවකි. නිතරම සමාජය සමඟ ගැටෙන රැකියාවක් ලබන්නියකි. මව්පියයන් වයසට ගිය කල තමන් ළඟට ගෙන හොඳින් සලකමින් රැක බලා ගනී. සැමියා හා දරුවන් ද වාසනාවන්තයි. දරුවන්ද හොඳින් ඉගෙන සමාජයේ උසස් රැකියාවන් ලබයි. කළගුණ හොඳින් දන්නා කාන්තාවකි.

සියාවස නැකැත -

සමාජ සේවයට පි‍්‍රය කාන්තාවකි. නිතරම සමාජය සමඟ ගැටෙන රැකියාවක් ලබන්නියකි. මව්පියන් වයසට ගියකල තමන් ළඟට ගෙන හොඳින් සලකමින් රැක බලා ගනී. සැමියා හා දරුවන් ද වාසනාවන්තයි. දරුවන්ද හොඳින් ඉගෙන සමාජයේ උසස් රැකියාවක් ලබයි. කළගුණ හොඳින් දන්නා කාන්තාවකි.

පුවපුටුප නැකැත -

අධ්‍යාපනයට කුඩා කල සිටම ඇය දක්ෂවන්නීය. උසස් අධ්‍යාපනයක් ලබා රජයේ ස්ථිර උසස් රැකියාවක් ලබයි. මව්පිය ආශිර්වාද මැද තමන් විසින් හොඳින් දැන හඳුනාගත් පුද්ගලයකු සමඟ විවාහ වේ. විවාහය ද ඉතා සාර්ථක වේ. වාසනාවන්ත දරුවන් ලැබේ. ඇය සැමවිටම සිය සැමියා කෙරෙහි ස්වාමි භක්තියෙන් කටයුතු කරන්නියක් වේ.

උත්‍රපුටුප නැකැත -

හොඳ පි‍්‍රයකරු රූප සම්පත්තියක් උරුමවේ. ඉගෙනීමට දක්ෂයි. ගුරුවරුන්ගේ හිත් දිනාගෙන අධ්‍යාපන කටයුතු ඉතා උසස් ආකාරයෙන් සිදුකරගනිමින් වැඩිදුර අධ්‍යාපනයට විශ්වවිද්‍යාලයට ඇතුළත්වීමේ භාග්‍යය ඇත. එයින්ද උසස් ලෙස සමත් වී විදේශීය රැකියාවක් හෝ විධායක ශ්‍රේණියේ රජයේ රැකියාවන් ලැබීමේ භාග්‍යය උරුම වේ.

රේවතී නැකැත -

නැකැත් විසිහතේ අන්තිම නැකැත මෙම බුධ හිමි රේවතී නැකතයි. පෙර පින් හිමි තැනැත්තියක් නිසා රුවෙන් අග තැන්පත් වන්නියකි. මව්පියන්ද රටේ වැදගත් අයවලුන් වෙති. මව්පිය දෙදෙනාත් රජයේ උසස් රැකියාවල නිරත අය වේ. ඇයට යහපත් මිතුරියන් ඇසුරට ලැබේ. පෙර පින් ඇත්තියකි.

ගොඩගම - ජයසේන ජයසිංහ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.