රාහු සඳ ගිලී රටටම අපලයි

මැයි 28, 2021

අර්ධ කායකින් හා නාග හිසක් ඇතිව තකරීරු, මකරීය, යමදූනීය, කාල රක්ෂීය යන චතුර් දන්තයෙන් හෙබි (විෂ දළ හතරකින් යුක්තව ද) රාහුගේ බල ශක්තිය හිරු, සඳු ග්‍රහ යුවල මර්දනය කරනු ඇත. රාහු සඳු ගිල ගනී.

වෙසක් සඳ මෙකී කවන්ධක විෂ ධූමයෙන් රාහුගේ ග්‍රහණයට ලක් වන්නේ 2021 මැයි 20 බුධ දිනයේ ය. වෙසක් සඳේ රැස් වහනය මෙම රාහු සඳුට සප්තම වෙමින් කරන පූර්ණ ග්‍රහණය ශ්‍රී ලංකාවට මෙන්ම ලොවට ම අයහපත් සිදුවෙනු ඇත. දරුණු විපාක ඇතිවේ.

2021 මැයි 11 රාත්‍රී 12.29 බක් අමාන්තය සිදු වී වෙසක් මාසාරම්භක වේ. ගිනි කාරකීය වූ (සූර්යයා) රවිට හිමි කැති නැකතින් මෙකී චන්ද්‍ර මාසය ඇරඹේ. වෙසක් සඳ ග්‍රහණයට නතු කරන සඳුගේ බලශක්තිය බිඳ දමා සිය බලය පතුරුවා හරින රාහු අනේක වවිවිධ කායික හා මානසික පිඩාකාරී තත්ත්වයන් ඇති කරයි. රාහුගේ මායාකාරී බන්ධනය හරහා කායික මානසික දසහතය ලෙඩ රෝග වසංගත රෝග ව්‍යාප්තිය ගොඩබිම මුහුදු හා ගුවන් අනතුරු රාජ්‍ය නායකයින්ට අපල තත්ත්වයන්ද ඇතිවේ. රටට අපල කාරී තත්ත්වයක් උද්ගතවනු ඇත. ජනතාව අනපේක්ෂිත අන්දමට පීඩනයට ගොදුරු වේ.

ස්වාභාවිකව මුහුදට ගලායන ජලපාර නතර කොට වේලි බැඳීම නිසාම නාය යෑම් ද අධික වේ. විවිධ මතභේද හටගනී. කාම අපරාධ උග්‍ර වේ. සෞන්දර්ය අංශයේ නමක් දරණ ප්‍රකට කලාකරුවෙකුට තදබල ලෙස අපල තත්ත්වයක් ඇතිවේ. අධ්‍යාත්මික අංශයට බඩාත් නැඹුරු වී ක්‍රියාකිරීම මැනවි. සිතෙන් කළ නොහැකි දෙයක් නැත. “ආත්ම බුද්ධි සුඛං දේසි“ සිය මානසික ශක්තිය මෙහෙයවා අධ්‍යාත්මික ශුද්ධ කිරණ විශ්වයට මුදා හැරීමෙන් අසුබ ග්‍රහ බලවේග යටපත් කිරීමට හැකිවෙන බැව් පැහැදිලි ය. දැන්වත් සිතෙන් පව් නොකරමු.

 

ඡ්‍යොතිෂ සහ වාස්තු විද්‍යා උපදේශක දේශ බන්ධු, ටී. හෙන්රි බෙම්මුල්ල

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.