රාජ්‍ය කාරක සූර්ය දිව්‍ය රාජයාණෝ බුධ හිමි මිථුනෙට

ජුනි 25, 2021

උත්තරායනය ගී‍්‍රෂ්ම සෘතුවේ. මිථුන රවි 01 භාග පොසොන් මහේ පුර විශේනිය තිථිය ඤාණකාරක බුධ හිමි වායෝ භූත මිථුන රාශිය සෙන්පති අඟහරු හිමි මුවසිරස තුන පාදය ජුනි 15 වෙනි කුජ දින පෙරවරු 06.01 ට තුලා නවාංශකයෙන් ආත්මකාරක රවි ග්‍රහයා කෝණ මාසය සමාරම්භය විශ්ව තාරකා මන්දාකිණියෙහි සිද්ධ විය.

 

නැඟෙනහිර ක්ෂිතිජයෙහි මිථුන, තුලා, කුම්භ, වායෝ ත්‍රිත්වය ප්‍රාණවත් කරලීමෙන් මිථුන උදාරාශිගතව රවි උච්චව රස ලෝලි සිකුරු සමවද චන්ද්‍රයා ස්වක්කේෂ්ත්‍රව නීච අඟහරු දෙවැන්න වූ ධන ස්ථාන ගතව ද කේතු උච්චව රෝග සතුරු ස්ථානය වූ සයවැන්නේ ද වක්‍ර සෙනසුරු ස්වක්ෂේත්‍රව වක්‍ර ප්ලුටෝ සතුරුව මෘත්‍යු ස්ථානය වූ අටවැන්නේ ද උදා නැන්පචූන් සහ බ්‍රහස්පති සමව නව වැන්න වූ භාග්‍යස්ථාන ගතව ද උදා යුරේනස් සමව අයස්ථානය වූ එකොළොස්වැන්නෙන් ද අස්ත බුධ මිත්‍රශීලීව රාහු උච්චව දොළොස්වැන්නේ ද සෞරග්‍රහ මණ්ඩලය තැම්පත්ව ඇත.

මිථුන, කන්‍ය, ධනු, මීන ඇතුළු දොළොස් රැසට ජූලි 07 ජුලි 25 තෙක් විශ්වය පුරා ජම්මලාභී දරු දැරියනට පංචමහා පුරුෂ යෝග අතරින් ඤාණකාරක බුධගෙන් භද්‍රා නම් වූ අතිප්‍රබල යෝග බලයක් උදාව පවතින්නේ ය. දැනුම සහ අවබෝධ ඤාණය ලබන ප්‍රබල ආකර්ශනය වූ ග්‍රහයෝගයෙකි. කුජ චන්ද්‍ර සුසංයෝගය ද කුජ ශනි සප්තම දෘෂ්ටියද ශනි මංගල චන්ද්‍ර මංගල යෝගබල උදාවීමෙන් ස්ත්‍රී පුරුෂ මංගල්‍ය කටයුතු කඩිනමින් දැඩි මුවහත් වී යාමෙකි.

ත්‍රාසය, භීතිය, ප්‍රචණ්ඩත්වය භෞතික ජීවී අජීවී පොදු මහත් විශ්වය පුරාවට දැඩි නොසංසුන්බවක් පැහැදිලි කෙරෙන මිථුන රාශි ග්‍රහබලය විපරීත බවක් ගනු ලබයි. මහජනයා ද මහජන සේවක සේවිකාවෝ ද මානුෂීය ගුණාත්මක බවෙන් ක්‍රියාකාරිවිය යුතු බිහිසුණු යුග කාලීන අර්බුධකාරී බවෙන් දුරස්ව ජීවන ගමන් මඟට අවතීරණය කාලෝචිත වූවෙකි. චිරං ජයතු.

 

කොත්මලේ

විජිත ඩී. ලියනආරච්චි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 16 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.