මානසිකත්වය දෙදරවමින් සිකුරු අප්සරාවිය කටක රැසට

ජුනි 18, 2021

දක්ෂිණායන වර්ෂා සෘතුවෙහි මිථුන රවි 08 භාග පොසොන් මහේ පුර තෙළෙස්වක තිථිය, කටක රාශිය, කටක නවාංශකය පුනාවස 04 පාදය, පංචමහා භූත වායෝ භූත ත්‍රිත්වය ආශි‍්‍රතව ජුනි 22 වෙනි කුජ දින පස්වරු 02.23 ට රසකාමී සිකුරු ග්‍රහයා චන්ද්‍ර හිමි කටක රාශියට සංක්‍රමණය සිද්ධ වන්නේ ය.

 

නැඟෙනහිර සිතිජයෙන් වායෝ භූත ත්‍රිත්වයෙන් සිකුරු හිමි තුලා රාශි උදාවෙහි නීච චන්ද්‍රයා උච්ච කේතු දෙවැන්නවූ ධනස්ථාන ගතවද වක්‍ර සෙනසුරු ස්වක්ෂේත්‍රව වක්‍ර ප්ලූටෝ සතුරුව ගරුක කර්මය විවරණය කරන සිව්වැන්නේ ද වක්‍ර ගුරු සමව ජුනි 26 වක්‍රවන නැප්චූන් සමව 5 වැන්නේ ද මාරාන්තික වූ යුරේනස් (අගෝස්තු 20 වක්‍රවන) සමව ජනජීවිතයේ විශ්ලේෂණය කෙරෙන සත්වැන්නේ ද ජුනි 23 නිවෘතවන මිත්‍රශීලී බුධ උච්ච රාහු සමඟ මාත්‍යු ස්ථානගත අටවැන්නේ ද රාජ්‍ය කාරක රවි සමව නව වැන්න වූ භාග්‍ය ස්ථානගතවද අඟහරු නීචව, සිකකුරු සතුරුව, කර්මස්ථානය වූ දස වැන්නේ ද සෞරග්‍රහමණ්ඩලය තැන්පත් වන්නේය.

විශ්ව ප්‍රජාව අතරින් බහුතරයකට අසීමිත බාධක අවහිර දුෂ්කරතා දෛනික ජීවන ගමන් මඟට බලපාන්නකි. වත්මන් ජනතාව මංමුලාවී යාමේ ප්‍රවණතාවය අධිවේගී යුරේනස් ග්‍රහයා සංකේතාත්මක සංඛ්‍යාත්මක ඡ්‍යොතිෂ න්‍යායාත්මක ඉපැරණි සෘෂිවර ඉසිවර සම්ප්‍රදායට සමතුළිත විග්‍රහයක් මෙසේ ය.

විෂම ගති උද්දීපනය විරෝධාකල්ප සිතට පැමිණි තම එදිරිවාදි ගති උද්දීපනය වීම තරගකාරී බව මෙන්ම යුග දිවි ගැටලු අඹු දරුවන් අතර අසමගිතා ආරවුල් අපචාර සිදුවීම්, විවාහ භංගවීම් මෙන්ම පරිසරයේ ඇතිවන විෂමතා නිසා ජන ජීවිතයට තව තවත් කරදර එළඹෙනු ඇත. විශේෂයෙන් එකිනෙකාට බැණ අඩ ගැසීම්, කල කෝලාහලවලට ද මෙම කාලය වෙන්වෙනු ඇත. ලෙඩ රෝග ව්‍යාප්තිය මෙන්ම පරිසර අපිරිසුදුතා මත ඇතිවන රෝග කාරක ව්‍යාප්තියට ද මෙය බලපානු ඇත.

 

කොත්මලේ

විජිත ඩී. ලියනආරච්චි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
18 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.