ඤාණකාරක බුධ කටකයේ විපරීතවෙයි

ජූලි 9, 2021

ක්ෂණිකව සිද්ධවෙන අතුරු අනතුරු වැඩිවේ.

වසංගත රෝගාබාධ උග්‍ර අතට

සුරාව, මත්කුඩු, සත්ව මාංශ පරිභෝජන ඉහළට

පුද්ගල ආවේගශීලීත්වය නිර්මාණය වෙයි

අධ්‍යාපනය, සෞඛ්‍යය සංස්කෘතික ක්ෂේත්‍රවල ව්‍යාකූල බවක්

රවි චන්ද්‍ර සහ බුධ චන්ද්‍ර සප්තම දෘෂ්ඨිය ශනි චන්ද්‍ර සංයෝගය, කටක රාශිය, කටක නවාංශකය, පුනාවස 04 පුෂ 01, 02, 03, 04 අස්ලිස 01, 02, 03, 04 පාද නවය ආශි‍්‍රතව අගෝස්තු 09 වෙනි දින රවි හිමි සිංහ රාශියට මිත්‍රශීලීව, සංක්‍රමණය වෙන තුරාවට කටකයෙහි සතුරු වෙමින් ජූලි 25 රිවිදින පෙරවරු 11.42 ට ඤාණකාරක බුධ ග්‍රහයාගේ සංක්‍රමණය විශ්ව තාරකා මන්දාකිණියෙහි සිද්ධ වෙන්නේ ය.

දක්ෂිණායන වර්ෂා සෘතුවෙහි කටක රවි 10 භාග ඇසළ මහේ අව දසවක තිථිය නිර්මාණය වෙමින් නැඟෙනහිර ක්ෂිතිජයෙහි බුධ හිමි කන්‍යා රාශිය උදාවෙහි කේතු උච්චව තුන්වැන්නවූ වික්‍රමස්ථානගතව ද වක්‍ර සෙනසුරු ස්වක්ෂේත්‍රව ප්ලූටෝ වක්‍රව සතුරුව චන්ද්‍රයා සමව පස්වැන්නේද වක්‍ර නැප්චූන් සමව වක්‍ර බ්‍රහස්පති සමව රෝග සතුරු ස්ථානය වූ සය වැන්නේ ද යුරේනස් සමව මෘත්‍යු ස්ථානය වූ අටවැන්නේ ද රාහු උච්චව නව වැන්න වූ භාග්‍ය ස්ථානය වූ නවවැන්නේ ද රවි මිත්‍රව බුධ සතුරුව අයස්ථානය වූ එකොළොස්වැන්නේ ද කුජ මිත්‍රව සිකුරු සතුරුව වැය ස්ථානය වූ දොළොස් වැන්නේද සෞරග්‍රහ මණ්ඩලය තැම්පත්ව නිර්මාණය ඇත.

බ්‍රහස්පති, සෙනසුරු, බුධ ග්‍රහයන්ට අයත් නැකත්වල (බුධ නිවෘතව, බ්‍රහස්පති, සෙනසුරු වක්‍රව) ගමන් කරනු ලබන බුධ ග්‍රහයා සතුරුවීම කුජ හිමි මේෂ විශ්ව කේන්ද්‍රයට මෙන්ම රවි හිමි සිංහ ශී‍්‍ර ලංකා ජනරජ කේන්ද්‍රයට ද උදා කන්‍යා රාශි ග්‍රහචාරයයට අනුව සර්ප ශාප, සෙනසුරු ඒරාෂ්ඨක (ශනි චන්ද්‍ර) තත්ත්වය ෂඩ්කෝණ සප්තම කෝණ දෘෂ්ඨියෙන් ග්‍රහ මණ්ඩලය පාප කර්තරීවී විපරීත ස්වභාවයක් නිර්මාණය වෙනු ලබයි.

 

මනුෂ්‍ය වර්ගයාට මෙන්ම විශ්වතලයෙහි සියලු ආකාර ජීවීන්ට ආවේගශීලීත්වය නිර්මාණය වෙයි.. අධ්‍යාපනය, සෞඛ්‍යය, අධිකරණය, විශ්ව ප්‍රජාවගේ රැකියා ආදායම් මාර්ග වෘත්තීන්, පීඩිත ජනතාවගේ දෛනික පරිභෝජන රටාව, ක්ෂේත්‍රයන් සමඟ සංස්කෘතික ආගමික පැතිකඩයන් විපරීත බවකින් නිර්මාණය සැබෑ දර්ශනයක බවට තුඩු දෙන්නෙකි.

සිතා මතා යමක් අවබෝධ කර ගැනීමේ නොහැකියාව මත සිරගෙවල් පිරී ඉතිරීයාම, ආපදා විපත්ති මෙන්ම ක්ෂණිකව සිද්ධවෙන අතුරු අනතුරු, සෞඛ්‍යය පිරිහීමෙන් වසංගත රෝගාබාධ මෙන්ම මිනිසාගේ පැවැත්මේ දෝෂයන් මත සුරාව, මත්කුඩු, සත්ව මස් මාංශ පරිභෝජන රටාව, කෘත්‍රිම කිරිපිටි වැනි විෂකාරක පරිභෝන අතර සෞඛ්‍යය පිරිහීයාමේ දැඩි ප්‍රවණතාවය බුධ සතුරුවෙමින් කටක ජල රාශි ගතවීම පංචනියාම පංච භූත විපරීත ක්‍රමවේදයයි. ගොඩදිය අහස් ක්‍රියාකාරකම් ශෝචනීය බවක් උසුලයි.

අධ්‍යාපනය ශිල්පීය ඤාණයකින් දුරස්ථවීමේ ප්‍රවණතාවය මත රැකියා විරහිතවීම්, සුරාසැල්, මත්කුඩු, මඩම්, අනාචාරය සීග්‍රතරබවක් තිවෘතව නිර්මාණය අනායාසයෙන් ක්‍රියාත්මක වීමකි.

කොත්මලේ

විජිත ඩී ලියනආරච්චි

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.