දේශානුරාගයට, ජනතා හදගැස්මට සිකුරුගේ අසිරිමත් ගමනක්.

ජුනි 4, 2021

බුධ, ශුක්‍ර - ශනි, චන්ද්‍ර - රවි, චන්ද්‍ර සංයෝග - මිථුන, කන්‍යා, ධනු, මීණ, භද්‍රයෝග - මේෂ, කට, තුලා, මකර සස යෝග ආදී මහා පුරිස යෝග බලැතිව

 

උත්තරායනය, ගී‍්‍රෂ්ම සෘතුවෙහි, වෘෂභ රවි 15 භාග වෙසක් මහේ අව තියවක නම් තිථියලත් ශනි දින, මිථුන රාශිය, තුලා නවාංශකය, මුවසිරස, 03 පාදය ආශි‍්‍රත මැයි 29 අලුයම 12.01 ට ඉරබට තරුව නොහොත් සිකුරු ග්‍රහයා බුධ හිමි මිථුන රාශියට සංක්‍රමණය සිද්ධ විය.

නැඟෙනහිර ක්ෂිතිජයෙහි සෙනසුරු හිමි කුම්භ රාශිය උදා මොහොතෙහි බ්‍රහස්පති සහ නැප්චූන් සමවද යුරේනස් සමව තුන් වැන්න වූ වික්‍රමස්ථානගතවද රාහු උච්චව රාජ කාරක රවි සතුරුව සතර වැන්නේ ද අඟහරු සතුරු ව සිකුරු සමව බුධ ස්වක්ෂේත්‍රව පස් වැන්නේ ද උච්ච කේතු දස වැන්න වූ කර්මස්ථානගතවද වක්‍ර සෙනසුරු ස්වක්ෂේත්‍රව චන්ද්‍රයා සමව ප්ලූටෝ සතුරුව දොළොස්වැන්නේ ද තැම්පත්ව ඇත.

ශ්‍රී ලාංකේය සෙනසුරු හිමි නිදහස් කුම්භ රාශි ග්‍රහ සටහනට අනුව 01, 04, 05, 12 ස්ථානද ජනරජ රවි හිමි සිංහ රාශියට සමගාමීව 06, 07, 09, 10, 11 ස්ථාන අනුවද අඟහරු හිමි මේෂ විශ්ව කේන්දර ග්‍රහ සටහනට අනුව 01, 02, 03, 08, 10, 11 ස්ථාන ද අතිශය විකෘති කර බවක් ග්‍රහණය කෙරෙන සුළුයි.

අධ්‍යාපනික ක්ෂේත්‍රය නව ගමන් මඟකට සක්‍රීය කෙරෙයි. සෞඛ්‍යය, අධිකරණ ක්ෂේත්‍රයන් දැඩි මුවහත් වීමකට පාත්‍ර කෙරෙයි. ආචාර ධර්මතා මඟින් මනුෂ්‍යත්වය වර්ධනයෙහි රාජ්‍ය යාන්ත්‍රණයන් ක්‍රමවත් හරවත් බවක් මුවවහත් කෙරෙයි. වනිතා පක්ෂයෙහි ක්‍රියාකාරකම් කෙරෙහි අවධානය නිවෘත කෙරෙයි. මහජන සේවක, සේවිකාවෝ ඔවුන්ගේ ආයතන අතර මාරු කිරීම් බහුල කෙරෙයි. යුක්තිය, නීතිය, සාධාරණත්වය සහ නීති ගරුක පුරවැසියන් ප්‍රාණවත් බවක් උසුළයි. ඉතිහාසය, සංස්කෘතිය, පැතිකඩ කෙරෙහි නවතාවයක් විද්‍යාමාන කෙරෙමින් ප්‍රජාව මානසික පෝෂණයකට ග්‍රහණය වෙයි.

ගමනා ගමනය, ජනසන්නිවේදනය, විවිධ වෘත්තීන් කෙරෙහි ප්‍රායෝගික පුහුණුව ක්ෂේත්‍රයන්හි රාජ්‍ය යාන්ත්‍රණයන්හි සුවිශේෂි අවධානය නිර්මාණය යුග කාලීනව ඉතා වැදගත් කොට සළකා ක්‍රියා කරයි. කුණාටු ආශි‍්‍රත අධික වර්ෂා පතනය, නාය යෑම්, කඳු කඩා වැටීම්, ඇළ දොළ ගංගා, වැව් පොකුණු වල ජල ධාරිතාව ඉහළ යයි. ගිනි තැබීම්, ගිනි ගැනීම්, භුමි කම්පා, පරිසර හානි කර බව ඉහළ යයි. වසංගත රෝගාබාධක, කාලගුණික දේශගුණික බලපවේග විශ්ව රාජ්‍ය ත්‍රාන්තිකයන්ට අර්බුදකාරී බවක් ද උසුළනු ඇත. චිරං ජයතු,

 

කොත්මලේ - විජිත ඩී. ලියනආරච්චි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.