අසිරිමත් ජනදිවියකට මඟ සළසන රාජ්‍ය කාරක රවි සිංහරාශියට

ජූලි 30, 2021

සංචාරක ව්‍යාපාරය අධිවේගී දියුණුවට

රාජ්‍ය යාන්ත්‍රිකයන් ඵලදායී පෙළගැස්මක්

ජනතාව වෘත්තීන්හි අප්‍රමාදව ක්‍රියාකාරී බව

දේශීය නිෂ්පාදන ක්‍රියාවලිය මුවහත්වීම

සාමයික සාමාජික සංස්කෘතික පැති සක්‍රීයවීම

සෞඛ්‍යය, අධ්‍යාපණික නවෝදයක්

පුරන් කුඹුරු අස්ස්දීමේ කඩිනම් බවක්

නීති විරෝධී අකටයුතුවලින් දුරස්වීම

අනපේක්ෂිත නිර්ණාමික නාමික සතුරු බලවේග දුරුවීම

 

දක්ෂිණායනය වර්ෂා සෘතුවේ සිංහ රවි 32

භාග නිකිණි මහේ පුර නවවක තිථිය සිංහ රාශිය මේෂ නවාංශකය සැත්තැම්බර් 17 මධ්‍යම රාත්‍රිය තෙක් කේතු හිමි මා 01, 02, 03, 04 පාද සිකුරු හිමි පුවපල් 01, 02, 03, 04 පාද රවි හිමි උතුරුපල් පාද 01 කට සීමිත කාල පරාසයක් ගත කිරීමට අගෝස්තු 17 කුජ දින පෙරවරු 01.17 ට රාජ්‍ය කාරක රවි ග්‍රහයා සිංහ රාශි සංක්‍රමණය සිද්ධ වෙන්නේ ය.

 

නැඟෙනහිර ක්ෂිතිජයෙහි සිකුරු හිමි වෘෂභ රාශි සටහනෙහි රාහු උච්චව ලග්නයේ ද බුධ කුජ මිත්‍රශීලීව ස්වක්ෂෙත්‍රව මූල ත්‍රිකෝණව රවි ග්‍රහයා සතර වැන්නේ ද සිකුරු නීචක්ෂේත්‍රව කුජ මිත්‍රශීලීව පස්වැන්නේද උච්ච කේතු නීච වූ චන්ද්‍රයා විවාහකාරක සත්වැන්නේ ද වක්‍ර සෙනසුරු ස්වක්ෂේත්‍රව වක්‍ර ප්ලූටෝ සතුරුව නව වැන්න වූ භාග්‍ය ස්ථාන ගතවද නැප්චූන් වක්‍රව වක්‍ර බ්‍රහස්පති සමග දසවැන්න වූ කර්ම ස්ථානගතවද සම යුරේනස් වැයස්ථානය වූ දොළොස් වැන්නේ ද සෞරග්‍රහ මණ්ඩලය තැම්පත්ව යෙදී ඇත.

දස දහස්සී ලෝක ධාතුව ප්‍රකම්පාවට පාත්‍ර කරවමින් විශ්වතාරකා මන්දාකිණියෙහි උද්දාම රිත්මයෙහි සප්ත ස්වරයෙන් විජයග්‍රහණයෙහි කාහලනාදය ශ්‍රී ලාංකේය ජන ජීවිත පුරාවට ග්‍රහණය වෙන්නේ ය. මානුෂික, සංවේදී බවෙන් අනූනව අනාගත රාජපූජිත මෙන්ම ගුණාත්මක ධනාත්මක දරු කැළක් ශ්‍රී ලංකා මාතාවට යුගකාලීනව වර්තමානයෙහි පහළ වෙන්නේ ය.

 

කොත්මලේ

විජිත ඩී ලියනආරච්චි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.