ජුනි 16 සිකුරාදා - ලග්න සහ රාහු කාලය

ජුනි 15, 2023

ඉර උදාව - 05.55
ඉර බැසීම - 06.27

රාහු කාලය - උදේ 10.37 සිට 12.11

සුබ දිශාව - නැඟෙනහිර

මේෂ
විශේෂ වරප්‍රසාද කීපයකට හිමිකම් කියන දිනයකි. එහෙත් වරින් වර ශාරීරික අප්‍රාණික ගතිවලට හේතු ඇති කරයි. දරුවකුගේ දියුණුවක් දැකිය හැකි දිනයක් වන අතර විශේෂ උත්සව අවස්ථාවකට සහභාගිවීමට කටයුතු යෙදේ.

වෘෂභ
මෙතෙක් පැවැති බලාපොරොත්තුවක් ඉටුකරගත හැකි දිනයකි. වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු කරන බවක් ද පෙන්නුම් කරයි. සමාජ සේවා කටයුතුවලට පරිත්‍යාගයක් කිරීමට ශක්තිය ලැබේ. ප්‍රභූ අය හා ඇසුරට අවස්ථාව සැලසෙන කාලයක් වන අතර, හදිසි ලැබීමකටද හිමිකම් ඇති කරයි.

මිථුන
අවිවේකී බවට කරුණු යෙදෙන කාලයකි. අලුත් හිත මිතුරන් දැන හඳුනාගැනීමට අවස්ථාව උදාකරයි. පියපස ඥාතියකු පිළිබඳ සිත්තැවුලක් ඇතිකරයි. ආගමික කටයුත්තක් වෙනුවෙන් දවසින් වැඩි කාලයක් ගත කිරීමට සිදුවේ. අමතර ලැබීම්වලට ඉඩකඩ ඇති කරයි.

කටක
අලුත් බලාපොරොත්තු ඇතිකරන දිනයකි. එමෙන්ම හදිසි තීරණයක් සාර්ථක වන බවක් පෙන්නුම් කරයි. පැවැති නීතිමය ගැටලුවකින් නිදහස්වීමට කටයුතු සැලසේ. රැකියාවේ කටයුතු සම්බන්ධ තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න.

සිංහ
මනසට අවිවේකී ලෙස කරුණු කීපයක් සිදුකරයි. අසල්වාසීන් සමඟ ඇතිවන අර්බුදකාරී බවක් දුරදිග යාමට ඉඩ ඇත. කලබලකාරී ගතිපැවැතුම් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති කරයි.

කන්‍යා
පැවැති වගකීමකින් නිදහස සැලසෙන දිනයකි. ගනුදෙනුවක් පිළිබඳ සුබදායක පුවතක් අසන්න ලැබේ. පපුව ආශි‍්‍රත ආබාධ තත්ත්වයක්, හෝ සෙම් රෝගයක් හේතුවෙන් පීඩා විඳින බවක් පෙන්නුම් කරයි. එදිනෙදා කටයුතු පිළිබඳ සැළකිලිමත් වන්න.

තුලා
අමතර ගමන් බහුල කරන බවක් පෙන්නුම් කරයි. ශාරීරික අපහසුකම්වලට ද හේතු යෙදෙන බවක් පෙනේ. දරුවන් පිළිබඳ වෙනදාට වඩා සැලකිලිමත් විය යුතු කාලයකි. දේපළ ගැටලුවකට මුහුණදීමට සිදුවන දිනයක් වන අතර, වෙහෙස ඇති ගමන් කීපයක් ද යෙදේ.

වෘශ්චික
ගේ දොර කටයුතු පිළිබඳ අවිවේකී බවක් ඇතිකරන දිනයකි. උත්සාහයෙන් කටයුතු කළත් ඒවා එතරම් දුරට සාර්ථක වන බවක් නොපෙන්වයි. නිතර තමා හමුවාට එන කෙනකු නිසා කරදරකාරී බවක් ඇති කරයි. තීරණ ගැනීමේ දී දුරදිග සිතා බැලිය යුතු බවක් පෙනේ.

ධනු
සහෝදර බැඳීම්වලට බාධාකාරී බවක් ඇති කරයි. නිතර පවුලේ අය අතර ඇතිවන ගැටලුවක් දුරදිග යා හැකිය. දේපළ ලැබීමකට හිමිකම් ඇති බවක් පෙන්නුම් කරයි. ව්‍යාපාර ලාබ හිමිකම් ඇති දිනයකි. දරුවකු පිළිබඳ සුබදායක පුවතක් අසන්න ලැබේ.

මකර
අමතර වියදම් බහුල කරන බවක් පෙන්නුම් කරයි. ශාස්ත්‍රීය ගැටලුවකට මුහුණපෑමට සිදුවෙන දිනයකි. අවිවාහකයන්ට යහපත් බවක් පෙන්නුම් කරයි. දරුවකුගේ අසනීපයක් පිළිබඳ මානසික සිත්තැවුලක් ඇතිකරන කාලයකි.

කුම්භ
අවිවේකී ලෙස දවස උදාකරන බවක් පෙනේ. දවසින් වැඩි කාලයක් ආගමික කටයුත්තක් වෙනුවෙන් යොදවන බවක් පෙන්නුම් කරයි. තැන තැන ඇවිදිලි ඇති කරන දිනයකි. ළඟින් ඇසුරු කරන අයකුගෙන් උපකාරයක් හිමි කරයි.

මීන
යොදාගත් සැලසුමක් වෙනස් කිරීමට සිදුවෙයි. අමතර වියදම් බහුලවන බවක් පෙන්නුම් කරයි. අලුත් දැන හැඳුණුම්කම් ඇති කරන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. මවගේ අසනීපයක් වෙනුවෙන් වෙහෙසෙන දිනයකි.

ධම්මිකා රාජපක්ෂ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.