වර්ෂ 2024 ක්වූ December 27 වැනිදා Friday
ජුනි 05 සඳුදා - ලග්න සහ රාහු කාලය
ජුනි 4, 2023
ඉර උදාව - පෙ.ව. 05.54
ඉර බැසීම - ප.ව. 06.23
රාහු කාලය - පෙ.ව. 07.26 සිට 09.00 දක්වා
සුබ දිශාව - නැඟෙනහිර
මේෂ
සුළු සුළු ලාභ ලැබෙන දිනයක් වන අතර සැප පහසුවට කටයුතු කිරීමට ද ලැබෙන දිනයකි. ගෙදර දොර වාසනාවන්ත වන අතර මෙතෙක් බලාපොරොත්තුව සිටි අදහසක් ඉෂ්ඨවීමට හෝ බලාපොරොත්තුව සිටි දෙයක් ලැබෙන දිනයකි.
වෘෂභ
විවාහය නිසා හෝ ප්‍රේම සම්බන්ධයක් නිසා පැවති බලාපොරොත්තුවක් කඩව යන අතර සිත් තැවුලක් ද ඇතිවනු ඇත. සිතේ පී‍්‍රතිය අඩුව යන අතර ශරීර උෂ්ණගතියද වැඩිවනු ඇත. රක්තවාත අමාරු ඇති අයට ඒවා වැඩිවිය හැකි දිනයකි.
මිථුන
සිත්තැවුල් දුක් කරදර සහිතව කාලය ගත වන අතර ආහාර පාන පිළිබඳව කරදර බාධා ඇතිවනු ඇත ඉක්මන් කේන්ති යන ගතියක් ඇතිවන අතර සැම දෙයක් ගැන මෙන්ම සැම කෙනෙක් ගැනම හිතේ සැකයකින් යුතුව කටයුතු කරනු ඇත.
කටක
බලාපොරොත්තු සහිතව කටයුතු කරන දිනයක් වන අතර හිතවත් අයකුගේ ඈත්වීමක් මෙන්ම අලුත් හිතවත් පිරිසක් ආශ්‍රයට ලැබෙන දිනයක් ද වනු ඇත. මිල මුදලක් ලැබීම පිළිබඳ හිතේ බලාපොරොත්තුවකින් යුතුව කටයුතු කරනු ඇත.
සිංහ
වියදම් අධික දිනයක් වන අතර තමා සතු දෙයක් නැතිවීමට හෝ කැඩීබිඳී යාමටද කරුණු යෙදෙනු ඇත. අලාභ හානි සහ කටයුතුවලට බාධා ගෙනදෙන දිනයක් වන අතර උත්සාහයෙන් යුතුව සෑම දෙයක්ම කරගැනීමට සිදුවනු ඇත. කෑම බීම ගැනීමට පවා ප්‍රමාද වනු ඇත.
කන්‍යා
ශරීරයෙහි නිරෝගි බවක් ඇති වන අතර සිතේ සතුටට කරුණු සැලසෙනු ඇත. කලින් දිනවල පැවති තත්ත්වයට වඩා යහපත් තත්ත්වයක් පෙන්නුම් කරන අතර කෑම බීමවල යම්කිසි වෙනසක් ද ඇතිවනු ඇත. පි‍්‍රය සම්භාෂණවලට සහභාගිවීමට වුවත් ඉඩ ලැබෙනු ඇත.
තුලා
කරගෙන යන කටයුතුවලට බාධා ප්‍රමාදවීම් ගෙන දෙන අතර අලාභ හානියකට හෝ තමා සතු වටිනා දෙයක් නැතිවීමටද පුළුවන. තමා අතින් යම්කිසි පාඩුවක් සිදුවනු අතර ශරීරාබාධයකටද ඉඩ තිබේ.
වෘශ්චික
ඥාතීන් හෝ මිත්‍රයන් සමඟ පී‍්‍රතියෙන් කටයුතු කිරීමට ලැබෙන අතර වෙළෙඳ ව්‍යාපාර කරගෙන යන අයට ලාභ ලැබෙන දිනයකි. ගෙදර දොර සැප පහසුව ඇතිවන අතර ආශ්‍රය කරන්නන්ගේ පී‍්‍රතියට කටයුතු සැලසේ.
ධනු
අන් අයගෙන් ගරු සැලකිලි ලැබෙන දිනයක් වන අතර හොඳින් කාලය ගත වේ. පවුලේ වැඩිහිටි අයෙක් සමඟ ආශ්‍රයක් හෝ ගනුදෙනුවක් කිරීමට කටයුතු සැලසෙනු අතර උනන්දුව ඇතිවේ. කම්මැලිගති නැතිවේ.
මකර
පිනට දහම, ශ්‍රද්ධාවක් ඇතිවන අතර අමුතු දෙයක් ගැන කැමැත්තක් ඇතිව කාලය ගතවනු ඇත. කුඩා දරුවන්ගෙන් කරදර හා ඔවුන් නිසා සිත් තැවුල් ඇතිවීමට ඉඩ ඇති අතර ගෙදර දොර අඩුපාඩුකම් ඇතිවීමටද ඉඩ තිබේ.
කුම්භ
ආහාර දිරවීමේ අපහසුතාවයක් ඇතිවන අතර කනගාටුදායක සිදුවීමක් හෝ සිතට දුකක් දැනෙන දෙයක් ඇසීමට හෝ එවැනි දෙයකට මුහුණදීමට සිදුවනු ඇත. කරගෙන යන කටයුතුවලට අවුල් වියවුල් බාධා ඇති විය හැකි අතර සර්ප බියකටද හේතු යෙදෙනු ඇත.
මීන
මිල මුදල් ලාභ ලැබෙන දිනයක් වන අතර පී‍්‍රතිමත් ගමන් ඇතිවනු ඇත. සැප පහසුව ඇතිව කටයුතු කිරීමට ලැබෙන අතර නිදා ගන්නා තැන වෙනස් කිරීමට වුවත් ඉඩ ඇති දිනයකි.
ජ්‍යොතිෂවේදිනී, ගීතිකා සමරතුංගතුංග
෴ සබැඳි ලිපි ෴
ඉර උදාව - 05.53ඉර බැසීම - 06.23 රාහු කාලයඋදේ 10.34 - 12.08 රාත්‍රී 10.42 - 12.09 සුබ දිශාව - නැඟෙනහිර ...
2023-06-01 17:30:00
ඉර උදාව – 05.53ඉර බැසීම – 06.23 රාහු කාලය – දහවල් 01.41 - 03.16සුබ දිශාව – අලුයම 01.34 - 03.01 සුබ දිශාව – නැඟෙනහිර මේෂ...
2023-05-31 15:30:00
ඉර උදාව – 05.53ඉර බැසීම – 06.23 රාහු කාලය – දහවල් 12.08 -01.42රාත්‍රී 12.08 -01.34සුබ දිශාව – නැඟෙනහිර මේෂපවුලේ කටයුතු පිළිබඳ...
2023-05-30 13:45:00
ඉර උදාව – 05.53ඉර බැසීම – 06.23 රාහු කාලය – දහවල් 12.08 -01.42රාත්‍රී 12.08 -01.34සුබ දිශාව – නැඟෙනහිර මේෂ පවුලේ කටයුතු පිළිබඳ...
2023-05-30 13:00:00
ඉර උදාව - පෙ.ව. 05.53 ඉර බැසීම - ප.ව. 06.23 රාහු කාලය - ප.ව. 03.15 සිට ප.ව. 04.49 දක්වා අලුයම 03.00 - අලුයම 04.27 දක්වා ...
2023-05-30 15:00:00
ඉර උදාව 05.53 ඉර බැසීම 06.23 රාහු කාලය - පෙ.ව. 07.26 - පෙ.ව. 09.00 දක්වා රාත්‍රී 07.48 - රාත්‍රී 09.15 අලුයම 04.26 -...
2023-05-28 14:45:00
ඉර උදාව 05.53ඉර බැසීම 06.22රාහු කාලය - උදේ 09.00 - 10.34රාත්‍රී 09.14 - 10.41ශුභ දිසාව - දකුණ මේෂ ලග්නයසිත් තැවුල් කනගාටු සහිත දිනයක් වන අතර...
2023-05-26 12:30:00
ඉර උදාව - 05.53 ඉර බැසීම - 06.22 රාහු කාලය - උදේ 10.33 - 12.08 රාත්‍රී 10.41 - 12.08 සුබ දිසාව - උතුර මේෂ...
2023-05-25 16:00:00
ඉර හඳ දෙදෙනාගේ අසිරිමත් හැසිරීම් ජීවන අභියෝග ජයගැනීම සඳහා උපකාර වන බව අපි සක් සුදක් සේ දැන දනිමු. එහෙත් කිසිවක් ඒක හේතුක වන්නේ හෝ ඒක හේතුක නොවන්නේ...
2023-05-25 18:30:00
ඉර උදාව - 05.53 ඉර බැසීම - 06.21 රාහු කාලය - දවල් 01.40 - 03.14 අලුයම 01.33 - 03.00 සුබ දිශාව - උතුර ...
2023-05-24 14:30:00
ඉර උදාව - 05.53 ඉර බැසීම - 06.21 රාහු කාලය - දවල් 12.07 - 01.41 රාත්‍රී 12.07 - 01.34 සුබ දිශාව - නැඟෙනහිර...
2023-05-23 14:15:00
ඉර උදාව - 05.53 ඉර බැසීම - 06.21 රාහු කාලය - සවස 03.14 - 04.48 අලුයම 03.00 - 04.27 සුබ දිසාව - දකුණ ...
2023-05-22 14:15:00
ඉර උදාව - 05.54ඉර බැසීම - 06.21 රාහු කාලය - උදේ 07.27 - 09.14 රාත්‍රී 07.47 - 09.14 සුබ දිසාව - දකුණ මේෂ ලග්නය...
2023-05-21 13:45:00
ඉර උදාව - 05.54ඉර බැසීම - 06.21 රාහු කාලය - සවස 04.48 - 06.21 අලුයම 04.26 - 05.53 සුබ දිසාව - දකුණ මේෂ...
2023-05-20 11:45:00
ඉර උදාව - 05.54ඉර බැසීම - 06.21 රාහු කාලය - උදේ 10.34.00 - 12.07 රාත්‍රී 10.40 - 00.07 සුබ දිසාව - දකුණ ...
2023-05-18 15:15:00
මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින දැයේ දූ දරුවන්ගේ පෙර දිරි වඩනු පිණිස මේ සෙත් කවි පෙළ ඉදිරිපත් කෙරේ. සියලුම...
2023-05-18 18:30:00