මැයි 31 බදාදා - ලග්න සහ රාහු කාලය

මැයි 30, 2023

 

ඉර උදාව – 05.53

ඉර බැසීම – 06.23

 

රාහු කාලය –  දහවල් 12.08 -01.42

රාත්‍රී 12.08 -01.34

සුබ දිශාව – නැඟෙනහිර

 

මේෂ

පවුලේ කටයුතු පිළිබඳ විශේෂ උනන්දුවක් දක්වන සතියක් වන අතර, පවුලේ වගකීම් කීපයක් තමා වෙත පැවරීමට ද ඉඩ ඇත. අමතර ලැබීම් හිමිකරයි. නිතර හවුල් කටයුතුවලට සම්බන්ධ වන දිනයකි.

 

වෘෂභ

පවුලේ ඉදිරි සැලසුමක් සාර්ථක කරයි. විදෙස් ගත බලාපොරොත්තුවක් ඉටුකරයි. සහෝදර බැඳීම් වැඩිකරන දිනයකි. ආගමික සැලසුමක් වෙනුවෙන් වෙහෙසීමට සිදුවන බවක් පෙන්වයි.

 

මිථුන

අලුත් බැඳීම්වලට කරුණු යෙදෙන දිනයකි. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු සැලසේ. නීති ගැටලුවකට මැදිවෙන අතර, නිතර තනිව කටයුතු කිරීමට ද සිතන බවක් පෙන්වයි.

 

කටක

ඇසුරු කරන අය අතර පි‍්‍රයතාවයට පත්කරයි. නිතර තමා සොයාගෙන එන අයකු නිසා කරදරයට පැටලීමට ඉඩ ඇත. ස්වයංරැකියාවල නියුතු වූවන්ට සුබදායකයි. ධාර්මික සිතිවිලි ඇතිකරන දිනයකි.

 

සිංහ

වෙනදාට වඩා ඇවිදිලි වැඩිකරයි. පවුලේ කෙනකුගේ හදිසි දුරස්වීමක් සිදුවීමට ඉඩ ඇති අතර, වෙනදාට වඩා දුර දිග බලා කටයුතු කිරීම යහපත් කරයි. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි දිනයකි.

 

කන්‍යා

අවිවේකී වුවත් සැනසිලිදායක ලෙස දවස ගෙවී යයි. සමාජසේවා කටයුතුවලින් ප්‍රසිද්ධියක් අත් කරයි. ළඟම හිතවතකුගේ අසනීප තත්ත්වයක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. අමතර ලැබීම් අතින් යහපත් දිනයකි.

 

තුලා

පවුලේ අය සමඟ දුර ගමනකට කටයුතු යෙදේ. මිල මුදල් ලාබ හිමිකරන කාලයක් වන අතර, අන් අයගේ උපකාර ද හිමිවන දිනයකි. යටපත්වූ සෙම් රෝගයක් නැවත මතුකරයි. හදිසි තීරණයකට එළැඹෙන දිනයකි.

 

වෘශ්චික

වගකීම් බහුල කරයි. පවුලේ ආරවුලක් දුර දිග යන අතර, නීතිමය පිහිට පැතීමට ද සිදුවේ. වෙනදාට වඩා යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. දරුවකුගේ උත්සව අවස්ථාවකට සැලසුමක් ඇති කරයි.

 

ධනු

පවුලේ අය අතර සුහදතාවයට මෙන්ම ප්‍රසිද්ධියට ද හේතු යෙදේ. දුරගමන් යෙදෙන දිනයකි. දරුවකු පිළිබඳ සතුටුවීමට අවස්ථාව සැලසේ. අමතර ලැබීම් අතින් යහපත් දිනයකි.

 

මකර

වියදම් අධික වන දිනයක් වන අතර, තමා සතු දෙයක් නැතිවීමට ද හේතු යෙදේ. දරුවකු නිසා නොසිතූ අලාභයක් සිදුවිය හැකියි. වෙනදාට වඩා ඉවසීමෙන් කටයුතු කරන දිනයකි. පාදයේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ.

 

කුම්භ

මනසට පීඩාකාරි ලෙස කටයුතු සිදු කරයි. ගේ දොර බඩුබාහිරාදිය පිළිබඳ වෙනදාට වඩා කල්පනාකාරි වන්න. උත්සව අවස්ථාවකට සහභාගි වීමට සිදුවන දිනයකි. ඥාති හිතවතුන්ගෙන් උපකාර හිමිකරයි.

 

මීන

නොගැළපෙන ඇසුරක් හේතුවෙන් වැඩිහිටි දෝෂාරෝපණයකට ලක්වීමට සිදුවේ. ආගමික භක්තියෙන් කටයුතු කරන දිනයකි. ගණුදෙනුවකට කටයුතු උදාකරයි. වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු කරන දිනයකි. සෙම් රෝගවලින් පීඩාකාරි බවක් ඇති කරයි.

 

ධම්මිකා  රාජපක්ෂ

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.