මැයි මස 24 වැනි බදාදා - ලග්න සහ රාහු කාලය

මැයි 23, 2023
 
ඉර උදාව - 05.53 
ඉර බැසීම - 06.21 
 
රාහු කාලය - දවල් 12.07 - 01.41 
රාත්‍රී 12.07 - 01.34 
 
සුබ දිශාව - නැඟෙනහිර 
 
මේෂ ලග්නය 
වගකීම් බහුල වුවත් සිතේ සතුට ඇතිවන දිනයකි. නිතර පොත්පත් ලිපි ලේඛන කටයුතු කෙරෙහි නැඹුරුතාවයක් දක්වයි. පවුලේ අය අතර සුහදතාවයක් ඇතිවන කාලයකි. 
 
වෘෂභ ලග්නය 
දේපළ ඉඩකඩම් ලාබ හිමිකම් ඇති දිනයකි. වෙනදාට වඩා සිතේ සැහැල්ලුවෙන් කටයුතු සිදුකරන බවක් පෙනේ. විදෙස් ගමන් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටු කරයි. 
 
මිථුන ලග්නය 
ලැබීම් අතින් යහපත් සතියකි. නිතර විසිතුරු දේ කෙරෙහි ඇල්මක් දක්වන දිනයකි. දරුවකුගේ දියුණුවක් දැකිය හැකි බවක් පෙනේ. අමතර මුදල් වැයවීම් වැඩිකරයි. 
 
කටක ලග්නය 
නිතර වගකීම් වැඩිකරයි. පිරිසක් සමඟ එකතු වී කරන කටයුත්තක් සාර්ථක කරයි. වෙනදාට වඩා රැකියාවේ කටයුතු පිළිබඳ සැලකිලිමත් වන්න. ශරීර සෞඛ්‍යයට එතරම් යහපත් දිනයක් නොවේ. 
 
සිංහ ලග්නය 
නිවෙසේ සතුට අභිවෘද්ධිය උදාකරයි. නිතර තමාට පිටස්තර අයගෙන් උපකාර හිමිකරයි. අමතර ලැබීම් අතින් යහපත් දිනයකි. 
 
කන්‍යා ලග්නය 
මූල්‍යමය කටයුතු කීපයකින් වාසි කීපයක් අත් කරයි. පවුලේ අය අතර ප්‍රසාදයට පත්වන දිනයකි. සෙම් රෝග බහුල කාලයක් බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන්න. සිතට වදදෙන කරුණු යෙදේ. 
 
තුලා ලග්නය 
නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු සැලසේ. ශාස්ත්‍රීය කටයුතුවලට සම්බන්ධවීමට අවස්ථාව සැලසේ. පවුලට යන එන අය පිළිබඳ සැලකිලිමත් වන්න. ආගමික සැලසුමකට කටයුතු උදාකරයි. 
 
වෘශ්චික ලග්නය 
නිවෙසේ සතුට අභිවෘද්ධිය වෙනුවෙන් විශේෂ පියවර කීපයක් ගනී. නිතර තමාට පිටස්තර අයගෙන් උදව් උපකාර හිමිකරයි. වෙනදාට වඩා දනට පිනට ළැදිව කටයුතු කරන දිනයකි. 
 
ධනු ලග්නය 
හදිසි තීරණයක් හේතුවෙන් කටයුතු කීපයක් වෙනස් කිරීමට සිදුවේ. වෙනදාට වඩා අතමිට සරු කරන දිනයකි. ශාරීරික වෙහෙස ගෙන දෙන කටයුතු කීපයක් යෙදෙන අතර, යටපත් වූ වාත වේදනාවක් නැවත මතු කරයි. 
 
මකර ලග්නය 
හදිසි මුදල් වියදමක් දැරීමට සිදුවන දිනයකි. පදිංචිය සම්බන්ධ වෙනස්කම් කීපයක් සිදුකරයි. විවාහය පිළිබඳ තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. 
 
කුම්භ ලග්නය 
ගතට සිතට සැනසිල්ල අඩු කරයි. එමෙන්ම වියදම් පක්ෂය ද වැඩිවන බවක් පෙන්වයි. රැකියාවේ කටයුතුවලට නොසිතූ බාධා මතුවිය හැකි දිනයකි. 
 
මීන ලග්නය 
ගැටලු කීපයකින් නිදහස අත්කරයි. හදිසි ගමන් කීපයක් යෙදෙන දිනයකි. දතක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙයි. වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු කරන බවක් පෙනේ. 
 
ජ්‍යොතිර්වේදිනී 
ධම්මිකා රාජපක්ෂ
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.