මැයි මස 19 වැනි සිකුරාදා - ලග්න සහ රාහු කාලය

මැයි 18, 2023
 
ඉර උදාව - 05.54
ඉර බැසීම - 06.21
 
රාහු කාලය -   උදේ 10.34.00 - 12.07 
රාත්‍රී 10.40 - 00.07 
 
සුබ දිසාව - දකුණ 
 
මේෂ ලග්නය  
ලැබීම් අතින් යහපත් වුවත් තරමක් දුරට අවිවේකී බවක් ඇති කරයි. නිතර ගමන් යෙදෙන දිනයකි. පවුලේ දියුණුව වෙනුවෙන් වෙහෙසෙන බවක් පෙන්නුම් කරයි. 
 
වෘෂභ ලග්නය
අදහස් වෙනස්කරන දිනයක් වන අතර, හිතවතකු වෙනුවෙන් වෙහෙස මහන්සිවීමට ද සිදුවන බවක් පෙන්වයි. නිතර ආගමික කටයුතුවල නිරතවන බවක් පෙනේ. 
 
මිථුන ලග්නය
පවුලේ බැඳීම් වැඩිකරයි. ගතට සිතට සහන සැලසෙන දිනයක් බව පෙනේ. යටපත් වූ සෙම් රෝගයක් නැවත මතු කරයි. හිතවතුන්ගෙන් උදව් උපකාර හිමිකරන දිනයකි. 
 
කටක ලග්නය
ශාරීරික වෙහෙස ඇති කරයි. පපුවේ සෙම් ගතිය වැඩිවන දිනයකි. නිතර දෙගුරුන්ගේ ප්‍රසාදයට පත් කරයි. පවුලේ ළඟම ඥාතියකුගෙන් උපකාරයක් හිමිකරයි. 
 
සිංහ ලග්නය
වගකීම් බහුලයි. තනතුරු මාරුවකට ඉඩකඩ ඇත. මවුපස ඥාතියකුගේ උත්සව අවස්ථාවකට සහභාගිවීමට අවස්ථාව උදාකරයි. අතක ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. 
 
කන්‍යා ලග්නය
නිතර නිදහසේ කටයුතු කිරීමට සිතන කාලයකි. නිතර වයසින් වැඩි අය හා ඇසුරට අවස්ථාව උදාකරයි. පවුලට අලුත් ඥාතියකු සම්බන්ධ විය හැකි බවක් පෙනේ. 
 
තුලා ලග්නය
ආගමික සැලසුමක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරයි. නිතර යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. ගේ දොර උත්සව අවස්ථාවක් ද යෙදේ. දුර ගමන් යෙදෙන දිනයකි. 
 
වෘශ්චික ලග්නය
සැලසුම් කීපයක් ප්‍රමාද කරයි. ආගමික නායකයන්ගේ සහය පතන දිනයකි. යටපත් වූ සෙම රෝගයක් නැවත මතුකරයි. නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇත. 
 
ධනු ලග්නය
ශාරීරික වෙහෙස ගෙන දෙන සතියකි. පාදයේ වළලුකර ආශි‍්‍රත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. නැති වූ දෙයක් නැවත හිමිකරන දිනයකි. 
 
මකර ලග්නය
වගකීම් බහුලයි. එමෙන්ම ණය ගනුදෙනුවකින් නිදහස් වීමට ද කටයුතු යෙදේ. නිතර පදිංචියෙන් පිට වාසයට කරුණු ඇති කරයි. දුරදිග බලා කටයුතු කරන්න. 
 
කුම්භ ලග්නය
සමාජ සේවා කටයුතුවලට සම්බන්ධවීමට සිදුවන දිනයකි. නිතර ප්‍රභූන් හා ඇසුරට අවස්ථාව සැලසේ. අතමිට සරු වුවත් වැය පස අධික වන දිනයකි. 
 
මීන ලග්නය
සිතේ පැවැති බලාපොරොත්තුවක් ඉටු කරයි. එමෙන් එදිනෙදා කටයුතු සම්බන්ධ පැවැති බාධාවක් ද මඟ හැරී යයි. පවුලේ භෝජන සංග්‍රහයකට සහභාගි වීමට අවස්ථාව උදාකරයි. 
 
ජ්‍යොතීර්වේදිනී
ධම්මිකා රාජපක්ෂ
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.