සාමාන්‍ය‍ පෙළ ජය ගැනීමට නමේ මුල අකුර අනුව සුබ නැකැත්

මැයි 26, 2023

ඉර හඳ දෙදෙනාගේ අසිරිමත් හැසිරීම් ජීවන අභියෝග ජයගැනීම සඳහා උපකාර වන බව අපි සක් සුදක් සේ දැන දනිමු. එහෙත් කිසිවක් ඒක හේතුක වන්නේ හෝ ඒක හේතුක නොවන්නේ නැත. අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය ද ජීවන අභියෝගයකි.

විභාගයකදී වැදගත් වන්නේ එය ආරම්භ කරන මොහොත හෝ ඒ සඳහා පිටත්ව යන මොහොත හෝ ඒ වෙනුවෙන් විශේෂ ප්‍රාර්ථනාවක් කරන මොහොතය.

එහෙයින් මේ සඳුදා දවසෙහි (2023 මැයි 29) ඔබේ ජයග්‍රාහී පැතුම විශ්වයට යොමු කිරීම සඳහා සුදුසු සුබ මුහුර්තය අපි මෙසේ ඉදිරිපත් කරමු.

දරුවාගේ නමෙහි මුල් අකුර අනුව අපි ඔබට මුහුර්ත කිහිපයක් ලබා දෙන්නෙමු.

ඒ වේලාවට ඔබ අදහන ඕනෑම ආගමකට අනුව දෙවි කෙනකු වෙනුවෙන් හෝ ශාස්තෘන්වහන්සේ නමකට හෝ පහනක් දල්වා සුබ ප්‍රාර්ථනා කළ හැකිය.

දරුවා හට එම අවස්ථාවේ එම කටයුතු කළ නොහැකි නම් දරුවා වෙනුවෙන් මවට, පියාට හෝ ඥාතියකුට එය සිදු කළ හැකිය.

ඔබේ පහන දල්වා මල් ජාති තුනක් හෝ පාට තුනක මල් සමඟ පූජා කළ හැකිය.

භාවිත කරනු ලබන තෙල් වර්ගය, දිශාව සහ නැකැත් මුහුර්ත පහත පරිදි වේ.

කොළඹ නගරය මුල් කරගෙන මේ වේලාවන් සකස් කර ඇත.

ඔබ බස්නාහිර පළාතෙහි වේ නම් මේ නැකැත් මේ අයුරින්ම හෝ භාවිත කළ හැකිය.

සබරගමු , මධ්‍යම , දකුණ පළාත් සඳහා මෙහි සඳහන් වේලාවට වඩා විනාඩි 3 ක් අඩු කරගන්න. වයඹ පළාතට විනාඩි දෙකක්, උතුර, උතුරු මැද පළාත්වලට විනාඩි හතරක්, නැඟෙනහිර පළාතට විනාඩි 7ක් සහ ඌව පළාතට විනාඩි පහක් අඩුකර ගන්න. තවද මේ නැකැත් 29 වැනි සඳුදාට පමණක්ම භාවිත කරන්න. සෙසු දවස් සඳහා සුදුසු නොවේ. ඔබේ දරුවාගේ විභාගය ආරම්භ වන්නේ 29 දා හෝ ඉන් පසු දිනෙක වුවත් විභාග ජය ඉලක්ක කොට බාධා අවහිර මඟ හරවා ගැනීම සඳහා ස්වකීය ආගමට අනුව ඉහත වේලාවන්වලට පමණක් පහනක් තැබීම ඵලදායක වනු ඇත.

 

අ,ඉ,උ,එ,ඔ අකුරු ප්‍රභේද සඳහා

උදේ 5.34 ට අබතෙල් පහන නැඟෙනහිර බලා දල්වන්න.

 

ක - ග අකුරු ප්‍රභේද සඳහා

උදේ 5.34 ට ගිනිකොන බලා ගිතෙල් පහන දල්වන්න.

 

ච – ජ අකුරු ප්‍රභේද සඳහා

උදේ 5.30 තල තෙල් පහන දකුණ බලා දල්වන්න.

 

ට - ඩ අකුරු ප්‍රභේද සඳහා

උදේ 5.30 නිරිත බලා තල තෙල් පහන දල්වන්න.

 

ත - ද -න අකුරු ප්‍රභේද සඳහා

උදේ 6.57 ට බටහිර බලා තලතෙල් පහන දල්වන්න.

 

ප,බ,ම අකුරු ප්‍රභේද සඳහා

උදේ 7.16 ට වයඹ බලා ගිතෙල් පහන දල්වන්න.

 

ය,ර,ල,ව අකුරු ප්‍රභේද සඳහා

උදේ 7.16 ට උතුරු බලා ගිතෙල් පහන දල්වන්න.

 

ශ,ෂ,ස,හ අකුරු ප්‍රභේද සඳහා

උදේ 5.38ට පොල්තෙල් පහන ඊසාන බලා දල්වන්න.

සෞඛ්‍ය, අධ්‍යාපන අංශවල ව්‍යාකූලතා

ජලාශ්‍රිත අනතුරු බහුල වේ

 

 

 

 

ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී කොත්මලේ

විජිත ඩී. ලියනආරච්චි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.