මැයි මස 22 වැනි සඳුදා - ලග්න සහ රාහු කාලය

මැයි 21, 2023
 
ඉර උදාව - 05.54
ඉර බැසීම - 06.21
 
රාහු කාලය - උදේ 07.27 - 09.14 
රාත්‍රී 07.47 - 09.14 
 
සුබ දිසාව - දකුණ 
 
මේෂ ලග්නය 
ව්‍යාපාර කටයුතු වැනි දෙයට යහපත් දිනයක් වන අතර වැඩිහිටි අයගෙන් උදව් උපකාර ලැබ තම කටයුතු සාර්ථක කර ගැනීමටද හැකිවනු ඇත. දණහිසෙන් පහළ හෝ තුනටියේ කැක්කුමක් ඇතිවිය හැකියි. අද දවස තුළ දී සතෙක් නිදහස් කිරීමෙන් ඔබට සුබ ඵල නිරෝගි බව ලැබෙනු ඇත. 
 
වෘෂභ ලග්නය
ඉවසීමෙන් පරිස්සමින් කටයුතු කළ යුතු දිනයක් වන අතර සැප පහසුව ඇතිව හොඳට නිදා ගන්නට ලැබෙනු ඇත. විවාහ ජීවිතයේ ගැටලු ඇතිවන දිනයක් බැවින් සහකාරිය හෝ සහකරු සමඟ කරන කටයුතුවලදී බොහෝ පරිස්සම් විය යුතුය. මුත්‍රා ආබාධ උදර රෝගවලට හේතුවන දිනයකි. 
 
මිථුන ලග්නය 
වස්තු ලාභ ලැබෙන දිනයක් වන අතර බලාපොරොත්තුව සිටි යම් දෙයක් ඉටුවන අතර හොඳ ආහාරපාන වර්ග ලැබෙන දිනයකි. නමුත් ආහාර දිරවීමේ අපහසුතාවන් ඇතිවනු ඇත. 
 
කටක ලග්නය 
සිත පීඩා කරන, කේන්ති යන ගති ඇතිවන දිනයක් වන අතර හිතේ චංචල බව නිසා හිත එක අරමුණක තබාගෙන කටයුතු කිරීමට අපහසු වනු ඇත. කම්සැපට බාධා ඇතිකරයි. අජීර්ණ රෝග නිසා පීඩා විඳීමට සිදුවන බවක් ද පෙන්නුම් කරයි. 
 
සිංහ ලග්නය 
නින්දට බාධා, නින්ද නොයෑම්වලට ඉඩ ඇති අතර අධික වියදම් ද යෙදෙනු ඇත. කරන කටයුතුවලට බාධා ප්‍රමාදවීම් ඇතිවන අතර ගෙදර දොර අපිළිවෙළ තත්ත්වයක්ද ඇතිවනු ඇත. පපුවේ සෙම ගතිය ඇති දිනයකි. 
 
කන්‍යා ලග්නය 
වියදම් වැඩි දවසක් වන අතර කලකින් හමු නොවූ අයකු හමුවීම මත හිතට සතුටක් ද දැනෙනු ඇත. ස්ත්‍රී සැප අඩු දිනයක් වන අතර මිල මුදල් ලැබෙයිද නොලැබේද යන්න සැකයක් ඇතිව කටයුතු කිරීමට සිදුවේ. අද දින ඇඳ ඇතිරිලි වැනි දෑ පරිත්‍යාග කිරීම යහපත් වනු ඇත. 
 
තුලා ලග්නය 
මුදල් වියදම් කිරීමට යම් කරුණක් යෙදෙන අතර බලාපොරොත්තු කඩව යනු ඇත. උත්සාහයෙන් වැඩකළ යුතු දිනයක් වන අතර විවාහක අයට තම බිරිඳ හෝ ස්වාමියාට සුළු හෝ ආබාධයක් ඇතිවන දිනයකි.
 
වෘශ්චික ලග්නය 
අදහස්වල දැඩි බවක් පෙන්නුම් කරන අතර පෞද්ගලික කටයුතුවලට සිත ඇදී යන අතර තරමක ආත්මාර්ථකාමී ගතියකින් යුතුව කටයුතු කරනු ඇත. සෙම් අමාරු මෙන්ම ශරීරයට අධික වෙහෙසකර ගතියක් ද දැනෙනු ඇත. 
 
ධනු ලග්නය 
සුළු තුවාල ඇතිවිය හැකි දිනයක් මෙන්ම අවුල් වියවුල්වලට මැදිවීමට ද ඉඩ තිබේ. කරගෙන යන කටයුතු ඇණ හිටීමට හෝ ප්‍රමාදවීමට කරුණු යෙදේ අන් අය සමඟ ආශ්‍රය කිරීමේ දී පරිස්සම් විය යුතු ය. කෘමි සතුන්ගෙන් පීඩා ඇතිවිය හැකි බැවින් කල්පනාකාරී විය යුතු ය.
 
මකර ලග්නය 
මුදල් ලාභ ලැබෙන වාසනාවන්ත දිනයක් වන අතර සම වයසේ ස්ත්‍රී පක්ෂයේ අය සමඟ කතාබස් කිරීමට ආශ්‍රයට ඉඩ ලැබෙන අතර ඥාතියෙක් හෝ මිත්‍රයෙක් තමාව සොයාගෙන එනවා ඇත. ලෞකික දෙයට ලැදි වේ. 
 
කුම්භ ලග්නය 
මිථ්‍යා දෘෂ්ටික කටයුතු කෙරෙහි හිත යොමුවන අතර, ශරීර සෞඛ්‍යයට යහපත් දවසකි. අන් අය ගරු සැලකිලි දක්වන දිනයක් වන අතර රැකියා කටයුතුවලට යම් යම් බාධා ගෙන දෙනු ඇත. විශේෂයෙන් මවගෙන් උපකාර ලැබෙනු ඇත. 
 
මීන ලග්නය 
ශරීරයෙහි දුර්වල ගතියක් ඇතිවන අතර කරදර සහිත දවසකි. ඇඳුම් පැළඳුම්වල ඉක්මනින් කුණු තැවරෙන අතර ඉරියාමට හෝ නැතිවී යාමට හෝ තම වස්ත්‍රයක් වෙන කෙනෙක් පාවිච්චි කරනු දිනයකි. 
 
ඡ්‍යොතිෂවේදිනී, 
ගීතිකා සමරතුංග
 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.