වර්ෂ 2024 ක්වූ December 13 වැනිදා Friday
ජුනි 02 සිකුරාදා- ලග්න සහ රාහු කාලය
ජුනි 1, 2023

ඉර උදාව - 05.53
ඉර බැසීම - 06.23
රාහු කාලය
උදේ 10.34 - 12.08
රාත්‍රී 10.42 - 12.09
සුබ දිශාව - නැඟෙනහිර
මේෂ
වෙනදාට වඩා වගකීම් බහුල කරන දිනයක් වන අතර, නිතර ඇවිදිලි වැඩිකරන අන්දමේ කටයුතු කීපයක් ද යෙද්. බාහිර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙන දිනයකි. වැයපස අධික කරයි.
වෘෂභ
හිතුමතයට කටයුතු කරන දිනයකි. පදිංචි ස්ථානයෙන් හෝ පදිංචි ප්‍රදේශයෙන් දුරස්ව කටයුතු කිරීමට අවස්ථාව උදාකරයි. අලුත් හිතමිතුරන් දැන හඳුනා ගැනීමට හේතු ඇති කරන දිනයකි.
මිථුන
සැනසිලිදායක ලෙස දවස ගෙවී යයි. පවුලේ අය අතර සුහදතාවයට හේතු ඇති කරයි. අතමිට සරු වුවත් වැයපස අධික කරන දිනයකි.
කටක
අලුත් බලාපොරොත්තු ඇති කරයි. එහෙත් හිතුවක්කාර තීරණයකින් තමාට පාඩුවිඳීමට සිදුවේ. රැකියාවේ වගකීම් බහුල කරන දිනයකි. වෙනදාට වඩා දරුවන් පිළිබඳ සැලකිලිමත් වන්න.
සිංහ
අමතර ආදායම් මාර්ගවලට කටයුතු උදාවන අතර, මුදල් සම්බන්ධ කටයුතුවලට අත ගැසීමේ දී කල්පනාකාරී වන්න. පියපස ඥාතියකු වෙනුවෙන් උපකාරයක් කිරීමට අවස්ථාව උදා කරයි.
කන්‍යා
වයසට වඩා වැඩි අය සමඟ ඇසුරට කටයුතු උදා කරයි. වරින් වර ඇති කරන උරහිස සම්බන්ධ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. පවුලට අලුත් ඥාතියකු එක්විය හැකි දිනයකි.
තුලා
නීති ගැටලුවකට මැදිවීමට ඉඩ ඇති දිනයකි. ආගමික සැළසුමක් වෙනුවෙන් ගතසිත වෙහෙසන බවක්ද පෙන්නුම් කරයි. ගනුදෙනු වාසියකට කරුණු යෙදේ.
වෘශ්චික
ගෘහ ජීවිතයේ කටයුතුවලින් අවිවේකී බවක් ඇති කරයි. නිතර තනිව කටයුතු කිරීමට සිතන දිනයකි. වෙනදාට වඩා යන එන ගමන් පිළිබඳ සැලකිලිමත් වන්න. සෙම් රෝග බහුල කාලයකි.
ධනු
සහෝදර සිත් අමනාපකමක් දුරදිග යයි. වෙනදාට වඩා කේන්ති යන ස්වභාවයකින් කටයුතු කරන දිනයකි. නිතර නිවෙසට යන එන කෙනකු පිළිබඳ සැළකිලිමත් වන්න.
මකර
උත්සාහයෙන් කටයුතු සිදුකරන බවක් පෙන්වයි. වෙනදාට වඩා අතමිට මුදල් ඉතිරි කර ගැනීමට උත්සාහ කරන දිනයකි. රැකියාවේ කටයුතුවලින් අවිවේකී බවක් ඇති කරයි.
කුම්භ
වරින් වර ඇති කරන හිසේ ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවෙන අතර, කේළාම් බස් හේතුවෙන් පවුලේ කෙනකු සමඟ ගැටලුවක් ද ඇති කර ගනී. දුර ගමන් යෙදෙන දිනයකි. වැයපස අධිකයි.
මීන
මනසට පීඩාකාරී සිතිවිලි ඇතිකරන දිනයක් වන අතර, යොදාගත් සැලසුමක් වෙනස්කිරීමටද සිදුවෙයි. දරුවකු පිළිබඳ සතුටට පත්විය හැකි කාලයක් වන අතර නිතර ආගමික භක්තියෙන් කටයුතු කරයි. සමාජසේවා කටයුතුවලට ද යොමුවන දිනයකි.
ධම්මිකා රාජපක්ෂ
෴ සබැඳි ලිපි ෴
බොහෝ අවස්ථාවල සුබ මුහුර්ත සාදනයේදී මහා නක්ෂත්රයේදී දින ශුද්ධිය නැතිවීම හෝ ශුභ දින නැතිවීම නිසා අවශ්‍ය වූ දිනයකට සුබ වේලාවක් සකස්කර ගැනීමට නොහැකි වන...
2024-12-12 18:30:00
2024 දෙසැම්බර් මස 18 වැනි බදාදා දින පෙරවරු 09. 32ට උතුරු දිශාව බලා ව්‍යාපාර ඇරැඹීමට ශුභය. අනුර, උත්‍රසල, පුෂ, අස්ලිස, දෙට, රේවතී, උත්‍රපුටුප, බෙරණ,...
2024-12-12 18:30:00
දෙසැම්බර් 24 අඟහරුවාදා දින පස්වරු 01.24 සිට පස්වරු 02.18 දක්වා උතුර බලා වර්ෂයකට එකවතාවක් යෙදෙන අසිරිමත් ශුභ මුහුර්තයක් උදා වන්නේය. මෙය මැණික්,...
2024-12-12 18:30:00
ප්‍රීතිමත් අනාගතයකට අඩිතාලමක්සෞන්දර්ය කලා හැකියාවන් දියුණු වෙයිතෙදවත් බලවත් දරු උපත්දෙසැම්බර් 20 සිකුරාදා අලුයම 2.04ට සඳු සිංහ රාශිගත වීමත් සමඟ දින...
2024-12-12 18:30:00
කුම්භ ලග්න ලංකා කේන්ද්‍රයේ පිළිවෙළින් ග්‍රහ හැසිරීම් රටාව හරහා ගොනු වී ඇත්තේ ශනි පළමුවැන්නේත්, රාහු දෙවැන්නේත්, ගුරු සතර වැන්නේත්, කුජ හය...
2024-12-05 18:30:00
බිම් සකස් කිරීම සඳහාජනවාරි 06 සඳුදා පෙ.ව. 08.21 සිට පෙ.ව. 08.35 අතර කාලය දකුණු දිශාව බලා ශුභයි. කැලෑ එළි පෙහෙළි කිරීම සඳහාජනවාරි 16 බ්...
2024-12-05 18:30:00
සියලුම වගා කටයුතු සඳහා ප්රශස්ත ත්‍රී-පුෂ්කර යෝගයක් දෙසැම්බර් 17 අඟහරුවාදා පෙරවරුවේ උදාවෙයි.දෙසැම්බර් 17, අඟහරුවාදා අලුයම 1.17ට පුනාවස නැකැත උදා වී...
2024-12-05 18:30:00
ලග්න රැසකට ධනය, බලය, කීර්තිය හිමිකර දෙමින් දෙසැම්බර් 15 රිවි දින රාත්‍රී 10.11ට බ්‍රහස්පති හිමි ධනු රාශියට සූර්ය දිව්‍ය රාජයා අභිමානවත් ගමනක...
2024-12-05 18:30:00
2024 දෙසැම්බර් මස 12 වැනිදා බ්‍රහස්පතින්දා පෙ.ව. 08.54ට හෝ පෙ.ව. 09.14 ට උතුරු දිශාව බලා දරුවන්ට ඉඳුල්කටගෑම සඳහා ශුභයි. මේ මුහුර්තය මාස 6, 8, 10, 12...
2024-11-28 18:30:00
කටක, වෘශ්චික, ධනු, කුම්භ, මීන ලග්න හිමියන්ගේ ජීවිත නවෝදයෙන් පුරවමින් දෙසැම්බර් 13 වැනිදා පෙරවරු 11.20ට සෞරග්‍රහ මණ්ඩලයෙහි ඉන්ද්‍ර හෙවත් යුරේනස් අඟහරු...
2024-11-28 18:30:00
2025 නොවැම්බර් මස 25 වැනිදා පෙ.ව. 06.57ට නැඟෙනහිර දිශාව බලා පිටත්වීම ශුභයි. පිටත්වීමට පෙර සුදුමල් වැඩිපුර ගෙන තෙරුවන් නමැද පත්තිනි මෑණියන්...
2024-11-21 18:30:00
උසස් පෙළ දරුවන්ට ආශිර්වාදය ලබාදෙන පහත සඳහන් බලගතු දැහැන උදේ සවස ගණ දෙවියන්ට මල් සුවඳ දුම් පුදමින් නියමිත වාර ගණන කියවා මහත් සුබපල ලබන්න.ඕම් ශ්...
2024-11-14 18:30:00
නොවැම්බර් මස 23 වැනිදා බ්‍රහස්පතින්දා පෙ.ව. 10.07 ට උතුරු දිශාව බලා රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී ගෙට ගෙවැදීම සුබයි.නව නිවෙසට ඇතුළුවීමේදී...
2024-11-14 18:30:00
2024 නොවැම්බර් මස 20 වැනිදා බදාදා දින පෙරවරු 06.04ට උතුරු දිශාව බලා අකුරු කියවීම ශුභයි.මෙදින පුනාවස නැකත වෘශ්චික ලග්නය බුධ හෝරාවේ බුධගේ පංචමය මේ...
2024-11-07 18:30:00
2024 නොවැම්බර් මස 14 වැනිදා බ්‍රහස්පතින්දා පෙ.ව.8.52ට උතුරු දිශාව බලා ශුභයි. මෙදින අස්විද නැකත පවතින අතර පුර 13 වැනි තිථිය පෙ.ව.9.45 දක්වා පවතිනු ඇත...
2024-10-31 18:30:00
මේෂ, මිථුන, සිංහ, කන්‍යා, වෘශ්චික, කුම්භ ලග්නවලට මහා පරිවර්තන යෝගයද වෘෂභ, කටක, තුලා, ධනු, මකර, මීන ලග්නවලට සාමාන්‍ය පරිවර්තන යෝගයද උදා කරමින් සිකුරු...
2024-10-31 18:30:00