මැයි මස 29 වැනි සඳුදා - ලග්න සහ රාහු කාලය

මැයි 28, 2023
ඉර උදාව 05.53 
ඉර බැසීම 06.23 
 
රාහු කාලය - පෙ.ව. 07.26 - පෙ.ව. 09.00  දක්වා 
රාත්‍රී 07.48 - රාත්‍රී 09.15 
අලුයම 04.26 - 05.53 
 
ශුභ දිසාව - නැඟෙනහිර 
 
මේෂ ලග්නය
 
සුළු සුළු ලාභ ලැබෙන දිනයක් වන අතර සැප පහසුවට කටයුතු කිරීමටද ලැබෙන දිනයකි. ගෙදර දොර වාසනාවන්ත වන අතර මෙතෙක් බලාපොරොත්තුව සිටි අදහසක් ඉෂ්ට වීමට හෝ බලාපොරොත්තුව සිටි දෙයක් ලැබෙන දිනයකි. 
 
වෘෂභ ලග්නය 
 
විවාහය නිසා හෝ ප්‍රේම සම්බන්ධයක් නිසා පැවති බලාපොරොත්තුවක් කඩව යන අතර සිත් තැවුලක් ද ඇතිවනු ඇත. සිතේ පී‍්‍රතිය අඩුව යන අතර ශරීර උෂ්ණ ගතියද වැඩිවනු ඇත. රක්තවාත අමාරු ඇති අයට ඒවා වැඩිවිය හැකි දිනයකි. 
 
මිථුන ලග්නය
 
සිත් තැවුල් දුක්කරදර සහිතව කාලය ගත වන අතර ආහාර පාන පිළිබඳව කරදර බාධා ඇතිවනු ඇත. ඉක්මන් කේන්ති යන ගතියක් ඇති කරයි. සෑම දෙයක් ගැන මෙන්ම සැම කෙනෙක් ගැනම හිතේ සැකයකින් යුතුව කටයුතු කරනු ඇත. 
 
කටක ලග්නය 
 
බලාපොරොත්තු සහිතව කටයුතු කරන දිනයක් වන අතර හිතවත් අයකුගේ ඈත් වීමක් මෙන්ම අලුත් හිතවත් පිරිසක් ආශ්‍රයට ලැබෙන දිනයක්ද වනුු ඇත. මිල මුදල් ලැබීම පිළිබඳ හිතේ බලාපොරොත්තුවකින් යුතුව කටයුතු කරනු ඇත. 
 
සිංහ ලග්නය 
 
වියදම් අධික දිනයක් වන අතර තමා සතු දෙයක් නැතිවීමට හෝ කැඩිබිඳී යාමට ද කරුණු යෙදෙනු ඇත. අලාභහානියක් හෝ  කටයුතුවලට බාධා ගෙන දෙන දිනයක් වන අතර උත්සාහයෙන් යුතුව සෑම දෙයක්ම කරගැනීමට සිදුවනු ඇත. කෑම බීම ගැනීම පවා ප්‍රමාද වනු ඇත. 
 
කන්‍යා ලග්නය 
 
ශරීරයෙහි නිරෝගී බවක් ඇති වන අතර සිතේ සතුටට කරුණු සැලසෙනු ඇත. කලින් දිනවල පැවති තත්ත්වයට වඩා යහපත් තත්ත්වයක් පෙන්නුම් කරන අතර කෑම බීමවල යම්කිසි වෙනසක්ද ඇතිවනු ඇත. පි‍්‍රය සම්භාෂණවලට සම්බන්ධ වීමට ද ඉඩ ලැබෙනු ඇත. 
 
තුලා ලග්නය 
 
කරගෙන යන කටයුතුවලට බාධා ප්‍රමාදවීම් ගෙන දෙන අතර අලාභ හානියකට හෝ තමා සතු වටිනා දෙයක් නැතිවීමටද පුළුවන. තමා අතින් යම්කිසි පාඩුවක් සිදුවන අතර ශරීරාබාධයකටද ඉඩ තිබේ. 
 
වෘශ්චික ලග්නය 
 
ඥාතීන් හෝ මිත්‍රයන් සමඟ පී‍්‍රතියෙන් කටයුතු කිරීමට ලැබෙන අතර වෙළෙඳ ව්‍යාපාර කරගෙන යන අයට ලාභ ලැබෙන දිනයකි. ගෙදර දොර සැප පහසුව ඇතිවන අතර ආශ්‍රය කරන්නන්ගේ පී‍්‍රතියට කටයුතු සැලසේ. 
 
ධනු ලග්නය 
 
අන් අයගෙන් ගරු සැලකිලි ලැබෙන දිනයක් වන අතර හොඳින් කාලය ගත වේ. පවුලේ වැඩිහිටි අයෙක් සමග ආශ්‍රයක් හෝ ගනුදෙනුවක් කිරීමට කටයුතු සැලසෙන අතර උනන්දුවෙන් කටයුතු කරයි. කම්මැළි ගති නැතිවේ. 
 
මකර ලග්නය 
 
පිනට දහමට, ශ්‍රද්ධාවක් ඇතිවන අතර අමුතු දෙයක් ගැන කැමැත්තක් ඇතිව කාලය ගතවනු ඇත. කුඩා දරුවන්ගෙන් කරදර හා ඔවුන් නිසා සිත්තැවුල් ඇතිකරයි. ගෙදර දොර අඩුපාඩුකම් ඇතිවීමටද ඉඩ තිබේ. 
 
කුම්භ ලග්නය 
 
ආහාර දිරවීමේ අපහසුතාවයක් ඇතිවන අතර කනගාටුදායක සිදුවීමක් හෝ සිතට දුකක් දැනෙන දෙයක් ඇසීමට හෝ එවැනි දෙයකට මුහුණ දීමට සිදුවනු ඇත. කරගෙන යන කටයුතුවලට අවුල් වියවුල් බාධා ඇති විය හැකි අතර සර්ප බියකටද හේතු යෙදෙනු ඇත. 
 
මීන ලග්නය 
 
මිල මුදල් ලාභ ලැබෙන දිනයක් වන අතර පී‍්‍රතිමත් ගමන් ඇතිවනු ඇත. සැප පහසුව ඇතිව කටයුතු කිරීමට ලැබේ. නිදා ගන්නා තැන වෙනස් කිරීමට වුවත් ඉඩ ඇති දිනයකි. 
 
ජ්‍යොතිර්වේදිනී, 
ගීතිකා සමරතුංග
 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.