මැයි මස 21 වැනි ඉරිදා - ලග්න සහ රාහු කාලය

මැයි 20, 2023
 
ඉර උදාව - 05.54
ඉර බැසීම - 06.21
 
රාහු කාලය - සවස 04.48 - 06.21 
අලුයම 04.26 - 05.53  
 
සුබ දිසාව - දකුණ 
 
මේෂ ලග්නය
අන් අය අතර තමා කෙරෙහි පැවති ගෞරවය, පිළිගැනීම අඩුව යන අතර, නොතේරුම් කමින් කරන කටයුතුවලින් පාඩු විඳීමට සිදුවනු ඇත. ගනුදෙනු කිරීමේ දී නොයෙක් වැරදීම් මුලාවීම් සිදුවිය හැකි බැවින් ප්‍රවේශම් විය යුතු ය. 
 
වෘෂභ ලග්නය 
සිතට සතුට ගෙන දෙන සිදුවීම්වලට මුහුණ දීමට සිදුවන අතර හොඳ දෙයට සිත යොමුවේ. අතීතය ගැන සිතා සතුටුවීමට මෙන්ම දුක්වීමටද සිදුවන දිනයකි. 
 
මිථුන ලග්නය 
මුදල් වියදම් වැඩිවීමට කරුණු යෙදෙන අතර පැවති ගෞරවය නැතිවේ. බලාපොරොත්තු කඩව යන අතර කරගෙන ආ කටයුතු ප්‍රමාද විය හැකි බැවින් උත්සාහයෙන් කටයුතු කළ යුතු වනු ඇත. 
 
කටක ලග්නය 
සැක සහිතව කටයුතු කිරීමට සිදුවන කාලයක් වන බැවින් මුදල් නැතිකම ගැන කරදර ඇතිවේ. ඇඳුම් පැළඳුම් මිලට ගැනීමට හෝ ත්‍යාග වශයෙන් වත් එවැනි දෑ ලැබෙන දිනයකි. 
 
සිංහ ලග්නය 
ගෙදර දොර කටයුතුවල දියුණු තත්ත්වයක් ඇතිවන අතර හිත මිතුරන් නෑදෑයන් වැනි අය හෝ ආගන්තුක අයකු නිවෙසට පැමිණෙනවා ඇත. නැතහොත් තමාට එවැනි ගමනක් යෙදේ. මිහිරි ආහාරපාන ලැබෙන දිනයක් ද වනු ඇත. 
 
කන්‍යා ලග්නය 
ආලය පිළිබඳ කටයුතුවලින් සිත් තැවුල් ඇතිවන අතර මිතුරුව සිටි අය අමනාපවීමට වුවත් ඉඩ ඇති කාලයකි. සිතේ සතුට අඩු දිනයකි. කරගෙන ආ කටයුතුවලට ද යම් යම් බාධක ගෙන දෙනු ඇත. 
 
 තුලා ලග්නය 
කරදර සිත් තැවුල් අසනීප ගති ඇතිවන දිනයක් වන අතර ඥාති මිත්‍රාදීන් හා සිත් අමනාපකම් ඇතිවීමට ද ඉඩ ඇත. ඉවසීමෙන් යුතුව කටයුතු කළයුතු දිනයක් වන අතර බඩේ අමාරුවක් නිසා පීඩා විඳීමට ද සිදුවේ. 
 
වෘශ්චික ලග්නය 
තමා කෙරෙහි අන් අය අතර අප්‍රසාදයක් බඳු හැඟීමක් ඇතිවුණ ද සැප පහසුවට නිදා ගැනීමට ලැබෙනු ඇත. විනෝදයට හිත ඇදී යන අතර වාද විවාදවලට පි‍්‍රය කරයි. 
 
ධනු ලග්නය 
කරදර සහිත දිනයක් වන අතර නියම වේලාවට නියම ක්‍රමයට තමාගේ එක වැඩක්වත් කෙරෙන්නේ නැත. හිතවත් අයකුගේ හෝ දන්නා හඳුනන අයකුගේ වියෝවක් අසන්නට ලැබෙනු ඇත. හදිසි අනතුරුවලට ලක්වීමේ අවදානමක් ඇති බැවින් පරිස්සම් විය යුතු ය. 
 
මකර ලග්නය 
ආගම දහම පිළිබඳව භක්තියකින් යුතුව කටයුතු කරන දිනයක් වන අතර කුඩා දරුවන් නිසා සිත් තැවුල් ඇතිවීමටද ඉඩ තිබේ. ආමාශයේ ආබාධ ගතියක් ද ඇතිකරයි. 
 
කුම්භ ලග්නය 
බලාපොරොත්තු ඉටුවන අතර එයින් දියුණුවද ඇතිවේ. ලොතරැයි වාසනාව, මිල මුදල් ඇති දිනයක් වන අතර පී‍්‍රති උත්සවවලට සහභාගි වීමට හෝ එවැනි උත්සව පැවැත්වීමට පෙළඹෙන දිනයකි. 
 
මීන ලග්නය 
දියුණුවට කටයුතු සැලසෙන අතර මුදල් ලාභද ලැබේ. කරන කියන කටයුතුවලින් සිතට සැනසීමද පී‍්‍රතිය ඇතිවන අතර සමාජ ආශ්‍රයට යොමුවන දිනයකි. ආශ්‍රය කරන්නන්ගෙන් පී‍්‍රතියට කටයුතු සැලසේ.  
 
ඡ්‍යොතිෂවේදිනී, ගීතිකා සමරතුංග
 
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.