මැයි මස 26 වැනි සිකුරාදා - ලග්න සහ රාහු කාලය

මැයි 25, 2023
 
ඉර උදාව - 05.53 
ඉර බැසීම - 06.22
 
රාහු කාලය - උදේ 10.33 - 12.08 
රාත්‍රී 10.41 - 12.08 
 
සුබ දිසාව - උතුර 
 
මේෂ ලග්නය 
ගතට සිතට සැනසිල්ල උදාකරන දිනයක් වන අතර, පවුලේ කටයුතු කෙරෙහි වෙනදාට වඩා සැලකිලිමත් විය යුතු බවක්ද පෙන්නුම් කරයි. නිතර ආගම දහමට ලැදිව කටයුතු කරන බවක් පෙනේ. 
 
වෘෂභ ලග්නය 
පැවැති නොසන්සුන්තාවය මඟහැරී යයි. උත්සාහවන්තව කටයුතු කරන දිනයකි. පවුලේ ගැටලුවක් නිරවුල් කර ගැනීමට අවස්ථාව උදාකරයි. නිතර වයසින් වැඩි අය සමඟ ඇසුරට කටයුතු සැලසෙන දිනයකි. 
 
මිථුන ලග්නය 
අතමිට සරු කරයි. ප්‍රභූන් හා ඇසුරට කටයුතු සැලසේ. පවුලේ කටයුතු පිළිබඳ වෙනස්කම් කීපයක් සිදුවන දිනයකි. අලුත් හිතවතුන් දැන හඳුනා ගැනීමට කටයුතු සැලසේ. 
 
කටක ලග්නය 
හිතුවක්කාර තීරණයක් හේතුවෙන් පවුලේ අයගේ දෝෂාරෝපණයට ලක්වීමට ඉඩ ඇති අතර, මානසික නිදහසට බාධා කරන දිනයකි. අමනාප වූ කෙනෙකු සමඟ මිත්‍රවීමට අවස්ථාව උදා කරයි. 
 
සිංහ ලග්නය 
ඥාති හිතවතුන් අතර කැපී පෙනෙන දිනයකි. නිතර තමාට අන් අයගේ ප්‍රසාද හිමිවන බවක් පෙන්වයි. එහෙත් හදිසි මතභේදයකට තුඩු දෙන කරුණු කීපයක් සිදුවීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරී වන්න. 
 
කන්‍යා ලග්නය 
උගත් දෙයින් ප්‍රයෝජන ලබාගත හැකි අන්දමේ කටයුතු කීපයක් යෙදේ. වෙනදාට වඩා උත්සාහයෙන් කටයුතු කරන දිනයකි. හදිසි ගනුදෙනුවකට අත ගැසීමට කටයුතු සැලසේ. 
 
තුලා ලග්නය 
රැකියාවේ කටයුතු සම්බන්ධ අසහනකාරී බවක් ඇති කරයි. එමෙන්ම හදිසි වී ගන්නා තීරණයක් හේතුවෙන් තමාට පාඩු විඳීමට සිදුවේ. දුරගමන් යෙදෙන දිනයකි. 
 
වෘශ්චික ලග්නය 
දුරදිග නොබලා කටයුතු කරන දිනයකි. ගෘහ ජීවිතයේ කටයුතු අධිකවන බවක් පෙන්වයි. නිතර පැණි රස කෑමවලට පි‍්‍රයකරන බවක් පෙනේ. අමතර ලැබීමකට හිමිකම් ඇතිකරයි. 
 
ධනු ලග්නය 
දරුවකු පිළිබඳ සතුටුදායක පුවතක් අසන්න ලැබෙන දිනයකි. ගේ දොර අලංකාරය වෙනුවෙන් වෙහෙසෙන බවක් ද පෙන්වයි. සිතේ චංචල බවක් ඇතිවන අතර, තීරණ ගැනීමේ දී දුරදිග සිතා බලන්න. 
 
මකර ලග්නය 
නොසිතූ කරදරයකට පැටලීමට ඉඩ ඇති දිනයකි. ඇසුරු කරන අය පිළිබඳ කල්පනාවෙන් පසුවන්න. විවාහය සම්බන්ධ තීරණයකට එළැඹීමට අවස්ථාව උදාකරයි. 
 
කුම්භ ලග්නය 
පවුලේ වගකීම් බහුල කරයි. විශ්වාසය බිඳවැටීමක් සිදුවීමෙන් ගැටලු කීපයක් මතු කරයි. වෙනදාට වඩා අමතර ආදායම් මාර්ගවලට අවස්ථාව උදා කරයි. 
 
මීන ලග්නය 
අවිවේකී ලෙස උදාවන දිනයකි. හදිසි මුදලක් වැය වන අන්දමේ කටයුතු කීපයක් යෙදේ. ගේ දොර අලංකාරයට වෙහෙසෙන අතර, පැවැති බලාපොරොත්තුවක් ඉටුවන බවක් ද පෙන්නුම් කරයි. 
 
ජ්‍යොතිර්වේදිනී 
ධම්මිකා රාජපක්ෂ
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.