සුබ ග්‍රහයන් සෑම විටම සුබ පල දෙනවාද

ජනවාරි 10, 2025

අයිරංගනී

තඹුත්තේගම

කර්තෘතුමියනි,

කේන්දර සටහනක බොහෝ සුබ ග්‍රහයන් තිබෙන බව මා අසා තිබෙනවා. එම සුබ ග්‍රහයන් සෑම විටම සුබපල ලබා දෙනවාද? යන්න ප්‍රායෝගිකව ඇති වන ගැටලුවක්. ඇතැම් විට අසුබ යැයි පවසන ග්‍රහයන්ගෙන් සුබ පලත්, සුබ යැයි පැවසෙන ග්‍රහයන්ගෙන් අසුබ පලත් ලැබෙන අවස්ථා තිබෙනවා නේද? සුබසෙත පුවත්පත මඟින් මේ පිළිබඳ පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙමි.

කුජ ග්‍රහයා පිළිබඳව

දෙසැම්බර් 27 වැනිදා කර්තෘට ලියූ ලියුමට පිළිතුර

කුජ ග්‍රහයා පිළිබඳව කටුගස්තොට බණ්ඩාර මහතා ඇසූ පැනයට ඡ්‍යොතිෂවේදනී ගීතිකා සමරතුංග මහත්මිය ලබා දුන් පිළිතුරයි.

කුජ හෙවත් අඟහරු ග්‍රහලොව සෙන්පතියා ලෙස සැලකේ. පෘථිවියට ඉතාම ආසන්න ග්‍රහ තරුව වන කුජ හෙවත් අඟහරු ග්‍රහයාගෙන් එඩිතරකම නිර්භීතකම ඕනෑම දේකට ඉදිරියට යාමේ හැකියාව, නායකත්වය, සටන්කාමීත්වය පිළිබිඹු කරයි. කුජ යහපත් අන්දමින් කේන්දරයක තැන්පත්වීමෙන් ඉහත කරුණු ප්‍රකට කරයි. කුජ ලෞකිකත්වය නියෝජනය කරන පාපී උෂ්ණ ග්‍රහයකු ලෙසද සැලකේ. කෙසේ වෙතත් කුජ යහපත් ලෙස පිහිටීමෙන් තමාට සුබ රාශියක (1,10 යන ස්ථානයක පිහිටීමෙන්) නිදහස් මත දරන යුක්තිය වෙනුවෙන් පෙනී සිටින සැබෑ විමුක්තිකාමින් බිහි කරයි.

එම නිසාම සෑම විටම කුජ අසුබපල අත්කර දෙන ග්‍රහයකු ලෙසද හැඳීන්විය විය නොහැකිය. කුජ බාල සහෝදරාදින් නියෝජනය කරන ග්‍රහයා වේ. බාල සහෝදරාදීන් ගැන කියැවෙන තුන්වැන්න එහි අධිපති සහ කුජ යන සියල්ල ප්‍රබලව පිහිටා ඇත්නම් ජන්මියාට බාල සහෝදරාදීන් බොහෝ සිටිනු ඇත. මේ සියලුම ස්ථාන දුර්වල නම්, පාප පීඩිත නම් ජන්මියාට එක බාල සහෝදරයකුවත් නොවේ.

කුජ ග්‍රහයා බුද්ධිමත් බවටද අදාළය. පස්වැනි භාවය හා එහි අධිපතිට කුජගේ බලපෑම ලැබුණු විට ජන්මියා අති බුද්ධිමතෙකු වේ. එසේම යමක් ක්ෂණිකව අවබෝධ කර ගැනීමේ හැකියාව ඇති අයකු වෙයි. කුජ ගිනි කාරක ග්‍රහයකු වේ. ගින්න නිවේදනය කරන සෙසු සාධක සමඟ කුජ රවි හා කේතුගෙන් පීඩා වී නම් ඒවාට අදාළ දේවල්වලට ගින්නෙන් හානි පැමිණේ.

දේපළවලටද කාරක ග්‍රහයා කුජ වන අතර දේපළ ගැන කියන සිව්වැන්න හා එහි අධිපතිටද ශනිටද කුජ ගේන බලපෑම් ඇතිවිට නිවාස ඉඩකඩම් හිමි වේ.

 

ප්‍රචණ්ඩ බවද නිවේදනය කරන ග්‍රහයකු වන කුජ බයට හේතුවන සෙසු සාධක සමඟ සිත නිවේදනය කරන පළමු සහ හතරවැනි භාවද ඒවායේ අධිපතීන්ද සඳු ද කුජට සම්බන්ධ වූ විට ජන්මියා ප්‍රචණ්ඩත්වයට නැඹුරු කරවනු ඇත.

කුජගේ ප්‍රතිපල දිගු කාලයක් අල්ලා සිටිනා ඒවා නොවේ. කුජ ක්ෂණික ක්‍රියාකාරී ගතියෙන් යුක්තය. කෙටි කලකින් සුව වන රෝග සඳහා කුජ බලපවත්වයි.

 

කුජ සමඟ යෝග වන ග්‍රහයන් අනුවද සුබ අසුබ පල උදාකරයි. කුජ ශනි සමඟ යෝග වීම විවාහයට අසුබපල උදාකර දෙන අතර කුජ සිකුරු යෝගය විවාහය ඉක්මන් කරයි. එහෙත් ගැටලු ඇති කරයි. කුජ ගුරු තර්කානුකූලව කතා කරන අයෙකු බිහිකරන අතර නීතිය ඉංජිනේරු වැනි ක්ෂේත්‍රයක නිරත අයෙකු වෙයි. කුජ සඳු චන්ද්‍ර මංගල දෝෂය වන අතර එයද යහපත් පිහිටීමක් නොවනු ඇත. සමස්තයක් වශයෙන් ගත් කල කුජ ග්‍රහයා අසුබපල පමණක් උදාකර දෙන ග්‍රහයකු නොවනු ඇත.

 

ඡ්‍යොතිෂවේදිනී

ගීතිකා සමරතුංග

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.