සියලු ශුභ කටයුතු සාර්ථකවීමට ශ්‍රී කාන්තා දිෂ්ටිය

ජුනි 21, 2024

 

ඕං ප්‍රාණ විරාක්ෂණ අම්මේ වා වා කවිරාජ දේවී අම්මේ වා වා අං ගං මෝහනී වීර භද්‍රකාලි අම්මේ වා වා ඕං සර්ව පිල්ලි නාරායන ස්වාමි දෙව දිෂ්ටි ශ්‍රීයා කාන්තා වී අම්මේ මා දෙස බලා එං එං ස්වාමි දේවී සරස්වතී අම්මේ දිෂ්ටි වා වා රතිකා දිෂ්ටි මෝහනී ශ්‍රීයා කාන්තාවි අම්මේ වා වා ශරපත්‍ර කාලි ලෝක පාල මහී රාම එං එං දිෂ්ටි සරස්වතී දේවි අම්මේ ශ්‍රී කාන්තා දේවි සිලම්බරී අම්මේ වා වා අන්තුපාල මහී පාල ශ්‍රී දේවී නාරායන ස්වාමි එං එං මෝහනී සර්ව යක්ෂ යක්ෂණී ශ්‍රී දේවි සලිත සලිත ස්වස්ති ගණපති මෝහනී ශි‍්‍රයා දේවි සලිත සලිත ගිනි ගිනි කිඩ වෙට්ටු වෙට්ටු සලිත දේවී ආරූඪ ශ්‍රී දේවි ස්වාහ.

නඩුවලට, සතුරන්ට සභාවට, ශි‍්‍රයා වැඩීමට ශරීර පෘෂ්ටියට, ධන ලැබීමට, මහතුන්ගේ කරුණාව ලැබීම ඇතුළු ගුරුකම් 108කට සත්තයි. ක්‍රමානුකූලව මල් ආසනය තනා මල්, පහන්, තැඹිලි, පලතුරු, සුවඳ දුම්, කිරි, සූකිරි, මී පැණි, ගිතෙල්, කපුරු ආදිය සහිතව රන් තැඹිලි තෙල් බඳුනක් තබා දහස් වරකට අධිකව ජපකර පිරිසුදුව තබා ගන්න. සියලු පිළිහුඩුවලින් වැළකී මෙය අතිශය පිරිසුදුවද සිල්වත්වද කළ යුතුයි. මේ තෙල් තිලක ලා සියලු ශුභ කටයුතුවලට යන්න.

 

දේශීය අත් බෙහෙත්

තද හිසේ කැක්කුමට

සුදු ලූනු, කරපිංච නැටි, රතු ලූනු, සූදුරු, පොල් තෙලට දමා රත්කර හිස ගැල්වීමෙන් වහා සුව වේ.

කන් කැක්කුමට

කකුළු කටුවකට තලතෙල් දමා රත්කර මඳ රස්නෙන් බිංදු තුන හතරක් කන් වත් කිරීමෙන් කන් කැක්කුම සුවවේ.

දත් කැක්කුමට

අමු ඉඟුරු, සුදු ලූනු, ගම්මිරිස්, සම බරට ගෙන එකට අඹරා දත මුල තැබීමෙන් ඉක්මන් සුවය ලැබේ.

දත් මුල් දියවීමට

අරළු තම්බා ගත් වතුරට සීනක්කාරං කුඩු මදටිය ඇට තුනක් දමා කට සෝදන්න.

දියවැඩියා රෝගයට

කොතල හිඹුටු මුල්, මාදං පොතු, කුඹුක් පොතු, ඇහැළ කරල් කෂාය කර මී පැණි සමඟ බොන්න. වෙනිවැල් ගැට මාදං පොතු ඇහැල කරල් මද ඉඟිනි ඇට, අරළු වියළි කහ එනසාල් ගෙන කෂාය කර මී පැණි සමඟ බොන්න.

අකලට දත් සෙලවීමට

පොල්මුල්, පුවල් මුල්, අරළු, මූනමල් පොතු සමව ගෙන කොටා තම්බා එම දියට කපුරු මිශ්‍ර කර කට සෝදන්න.

දත් පණුවන් කෑමට

ඉඟුරු, ගම්මිරිස්, තිප්පිලි, දෙහි ඉස්මෙන් අඹරා පණුවන් කෑ දත් කුහරවල තබන්න.

කිරිපණු රෝගයට

සා නැටි කලං තුන, වියළි පෙති පුවක් කලං 3 වතුර කෝප්ප 4ක් දමා කෝප්ප බාගයකට සිඳ පෙරා රාත්‍රියට කෑමට පැය 4කට පසු එඬරු තෙල් දමා බොන්න.

මව්කිරි වර්ධනය වීමට

කිරිබදු අල, අමුක්කරා අල කලං තුන බැගින් ගෙන වතුර පත 7ක් එළකිරි පත 1ක් දමා අට එකට සිඳ උදේ සවස පත බාගය බැගින් මී පැණි දමා බොන්න.

පැරණි පොත පත ඇසුරිනි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.